කොරෝනා නසන පහසුම ඔසුවක් මහමෙවුනා හිමි නමක් හෙලි කරති…

May 3, 2021 at 9:24 am | lanka C news
කොරෝනා නසන පහසුම ඔසුවක් මහමෙවුනා හිමි නමක් හෙලි කරති…

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටිය හැකි මගක් පූජ්‍ය අලුදෙනියේ සුබෝධ හිමියන් පෙන්වා දෙති.

ශ්‍රද්ධා රූපවාහිනි නාලිකාව ඔස්සේ පැවැති ධර්ම දේශනාවක් දී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයෙකු දිනකට තුන් වතාවක් උණුසුම් හුමාලය විනාඩි 10 බැගින් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු බවයි.

එවිට ඉහළ උෂ්ණත්වයේදී කොරෝනා වෛරසය සෛල සැකැස්මත් බිඳ වැටී අඩපණ වන බවත් ඉන් පසු සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියට එය එය විනාශ කළ හැකි බවත්ය.

එමෙන්ම වෛරස් ආසාදිත නොවන අය දිනකට එක් වතාවක් මෙම හුමාල ප්‍රතිකාරය සිදුකරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

113,441 views

81 Comments to “කොරෝනා නසන පහසුම ඔසුවක් මහමෙවුනා හිමි නමක් හෙලි කරති…”

  1. මිසදිටු බොදුණුවනි, දැන්වත් ඇස් ඇරපල්ලා says:

    මේ ඉහල තියෙන හෑල්ල අනුවම පැහැදිලි වෙනවා මහමෙවුනාවේ බ්‍රේන්වොශ් එක කොහොම එකක්ද කියලා.. ඔහොම දේවල් අපි දන්න බෞද්ධ දර්ශනය තුල නැහැ… ඔව්ව සේරම හින්දු ආගමෙන් , වෛදික දර්ශනයෙන් සහ පසුකාලීනව ක්‍රිස්තියානි ආගමෙන් එක්කහු උන එව්වා… ඔහොම යමු… ඔහොම යමු… දවසක තේරෙයි මහමෙවුනා ගමන් මගත් යන්නෙ වෙන කොහෙවත් කියලා..

    • වයි දිස් කොලවෙරි says:

      මහමෙව්නා ඉගැන්වීම් ත්‍රිපිටකයට විරුද්ධයි. ත්‍රිපිටක සන් රක්ශණ පනත පාස් වුන ගමන් මුන්ට වැඩේ හම්බ වෙනවා. එතකන් තව සති කිහිපයක් ධර්ම සන්වේගයෙන් ඉවසලා ඉමු.

      • අනේ පව් says:

        එලුවගේ මොකද්ද එකක් වැටෙනකන් මොකෙද්ද එකෙක් බලන් හිටියා කියන්නේ ඔන්න ඕවට. කට්ටියටම දැනගන්න මහමෙව්නාවෙ ත්‍රිපිටකේට විරුද්ධව කියපු බණක්, දේශනාවක්, පොතක්, පාඨයක් තියෙන ලින්ක් එකක් දාපන් බලන්න. මේ කොමෙන්ට් එකට රිප්ලයි එකක් විදියට දාපන්. එතකොට රටේම මිනිස්සු දැන ගන්නේ නැතෑ. නිකන් උඩුබුරලන්නෙ නැතුව සාක්ශි එක්ක සටනට වරෙන්.

    • සම්‍යක් දෘශ්ඨික කිතුනුවනි, තමන්ගේ රෙද්දක් බලාගනින්. says:

      අනේ අපි නොදන්න බබා පාර්ට් අන්‍යාගමිකයන්ට බුදු දහම ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ.

    • Suresh says:

      ඔව් ඔව්. අපිටත් පේනව බෝර්න් අගේන් උන්ට දෙන බ්‍රේන් වොශ් එක. බලන්න තවත් ආගමක් එක්ක තියෙන තරහ කොච්චරද කියල. රටත් කාල, ක්‍රිකටුත් කාපු කාලකන්නි හැතිකරේ. තමන්ගේම ආගමේ උන්ට බෝම්බ ගැහුවම හිනා වුනු කාලකන්නි ඉන්න ආගමක්නේ ඉතින්. තමන්ගෙම මිනිස්සු මරපු මිනීමරුවන්ගේ දේශපාලන පක්ශෙට ඡන්දෙ දීල මෙතන තව අනුන්ගෙ වැරදි හොයන්නත් එනව. අපේ ආගමේ උන්ගෙ වැරදි අපි හොයා ගන්නන්. තොපි දෙයියට කුරුසෙ ගගහ හිටපන්.

    • හේනේ මාමා says:

      ක්‍රිස්තියානි ආගමෙන් එකතුවුන දේවල්..? මේ කොමෙන්ට්කරුවා කවදාවත් බණක් අහල නෑ. මහමෙව්නාවෙන් නෙමේ, ඕනම හාමුදුරු කෙනෙක්ගෙන්.. මිනිසුනි, මිසදු‍ටු බොදුනුවා කියල කියන්නේ, ක්‍රිස්තියානි සභාව බෞද්ධයන්ව ඔවුන්ගේ දරුවන්ට අඳුන්වා දෙන විදියයි. ඒ නිසා කොමෙන්ට්කරුවාගේ ආගම ඔබටම සිතා ගත හැකිය. ඒත් මට තියෙන ප්‍රශ්නය බෞද්ධයන් කෙරෙහි මෙතරම් වෛරයක් හට ගන්න, බුදු පිලිම පොලවේ ගසන්න තරම් ඔවුන්ගේ ආගම කුරිරු වුනේ ඇයි කියන එකයි.

  2. බුද්ධිමතුන්ගේ පරිශිළනය සඳහාම පමණී..! says:

    රෝග නිවාරණය සඳහා අත්දුටුයි ප්‍රත්‍යකෂයි..!
    අසාද්‍ය රෝගීන් සඳහාද ප්‍රතිකර්ම අතිවිශාළ ප්‍රමාණයක් හෙළවෙදකම තුළ පවතී..,බෞද්ධ ධර්මය මෙන්ම හෙළවෙදකමද බුද්ධිමතුන් සඳහාම වු සුවිශේ දැනුම් පද්ධතියක් මිස, බටහිරයන්ගේ අගුපිලි වලන් මුදලට
    මිලදීගතහැක්කක් නොවන බව ප්‍රථමයෙන් අවබෝධ වියයුතුයි..!

    හෙළවෙදකම සහ බෞද්ධ මාර්ගෝපදේශ කිසිවෙකුටත් මුදලට හෝ බලහත්කාරයෙන් අත්පත්කරගත නොහැකිවන අතර.,ඵම අතිවිශාළ දැනුම් පද්ධතියන් බුද්ධිමතුන්ගේ පරිශිළනය සඳහාම පමණී..!

  3. බොර්න් අගේන් හරි වෙන මොකක් හරි උන් යන්නේ මිත්‍යදෘශ්ඨියටමයි නිරයටමයි. මිත්‍යව පතුරන නිසා. සත්‍ය බුදු දහම මිසක් වෙන මොනවද බෞද්ධ දර්ශණය හරි විද්‍යත්මකයි. බෞද්ධ දර්ශණයේ කතා ඇහෙනකොටයි වෙනත් ආගම්වල කතා ඇහෙන කොටයි හරියබ අහසයි පොලවයි වගේ වෙනස

  4. මිසදිටු බොදුණුවනි, දැන්වත් ඇස් ඇරපල්ලා says:

    දැන් දවසට කොරෝනා ලෙඩුන් 2500 පනිනවා… ලවුඩ්ස්පීකර් රතන සූත්‍රයයි… මහමෙවුනා ස්ටීම් බ්‍රෙත් එකයි වැඩ නෑ වගේ නේද ?

Leave a Comment

Main News