කොරෝනා නසන රාවණ පරපුරේ ඔසුව සාර්ථකයි.. වෛද්‍ය වාර්තා රැුසකින් සනාථයි..

December 24, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා නසන රාවණ පරපුරේ ඔසුව සාර්ථකයි.. වෛද්‍ය වාර්තා රැුසකින් සනාථයි..

රිටිගල සිංහක්කාර පරපුර විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා ඖෂධය සාර්ථකත්වයට පත් වී ඇතැයි රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සඳහන් කරයි.

ඒ බව වෛද්‍ය වාර්තා රාශියකින් සනාථ වී ඇති බව ද ඔහු කියා සිටියේය.

රජය පැත්තෙන් සිදු කළ යුතු සායනික පරීක්ෂණ සඳහා ද මේ වන විට ඖෂධ ලබාදී ඇතැයි ඔහු පවසයි.

මෙම පරීක්ෂණ කටයුතු හැකි ඉක්මනින් අවසන් කර රාජ්‍ය අනුග්‍රහය ලැබුණහොත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ඖෂධ ලබා දිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය.

42,149 views

11 Comments to “කොරෝනා නසන රාවණ පරපුරේ ඔසුව සාර්ථකයි.. වෛද්‍ය වාර්තා රැුසකින් සනාථයි..”

  1. 😲😲😲😲😲😲 says:

    සිංහලයා එක්සිත්ව එකමුතු නොවුනොත්
    වර්‍ෂ 2089 කියන්නේ
    ලංකාව මුස්ළිම් රාජ්‍යයක් වෙනබවයි..!

  2. කුඹුක්කණ් says:

    ප්‍රධාන ඖෂධය යට ගහන්න ඉත්තා වැඩ
    මේක කුජීත වෙලා ගියාම, මේ හැන්දෙන් අනික් පැණියටත් බෙදලා යටගහනවා

    ඖෂධ මාෆියාවෙ කූට කුජීත ප්ලෑන් දැන් නිකං ආයුධ පෙන්නන්න එක්කං යනවා වගේ අතිශය Predicable වෙලා..

    පයිසරයට හූවක් තියන්න මිත්‍රවරුනි.
    ලබන අවුරුද්දෙ මැද රිලීස් කරන්න හිටපු එක , දනි පනි ගාලා දැන් රිලීස් කරලා කියන්නෙ.

  3. Nissanka says:

    මේසන් පැණිය කෙළ වෙලා ගිහිපු නිසා දැන් රාවණා පැණිය උස්සලා තියන්නයි හදන්නේ.

  4. ධම්මික බණ්ඩාර දේවතා පැණියා says:

    තෝ හිතුවද කොන්ඩේ වවලා රැවුල වවලා රෙද්දයි බෙනියමයි ඇඳලා අමුඩේ ත් ගහලා ආවම රාවණා ගේ නෑයෙක් කියලා. යකෝ කලිසම් ඇන්දට මම තමයි මේකේ ඉස්සෙලම පැණියක් හොයා ගත්තේ. මට එක‍ට ආණ්ඩුවේ ඇප්රොවල් නැහැ. මම එත් ඒක නොමිලේ දුන්නා. බය්යෝ පෝලිමේ ඇවිත් කපල මහල අන්දගත්තේ. දැන් උඹල මෙතන දැන් මේක විකුනනගෙන කන්න හදන්න එපා. මට තව ලස්සයක් දෙකකක් අන්දලා මගේ ප්‍රොෆයිල් එක හදාගන්න ඕන.

  5. රන්වල says:

    කොරෝනා රෝගීන්ට වඩා කොරෝනා වෙදාල වැඩි ලෝකෙ එකම රට .මට තියෙන එකම ප්‍රශ්නෙ ඩෙන්ගු මැලේරියා වසූරිය වගේ උවදුරු තියෙද්දි පිලිකාවෙන් ඒඩ්ස් වලින් මිනිස්සු මැරෙද්දි මේ රාවණා හොර ගෙඩිය වගේ දොයියල කොරෝනා කාලෙම නැගිට්ටෙ ඇයි?

  6. ක්‍රිමිනල් says:

    රාජ්‍ය නාළීකා දෙකෙන් මාරුවෙන් මාරුවට පැණී ප්‍රමොට් කරනවා ! බෛයො දැන් පට්‍ට කන්ෆුයුස් වෙලා ඉන්නේ . මේ සම්මජ්ජාතියට ,මේ වගේ පාණ්ඩුවක් බිහිවෙලත් නෑ ,බිහිවෙන්නෙත් නෑ ! මෙහෙම ආතල් ක්‍රිස් රොක්වත් දුන්නෑ ඕයි..😂😂😂

  7. ගොන් බයියා says:

    මොන පැණියද අපි දැන් බොන්න ඕනෑ. හරිම කන්ෆියුස්

    • RAW Agent says:

      පැණි 50 තිබෙන බව ආණ්ඩුව නිල වශයෙන් කිව්වා.
      කැමති රසයකින් තෝරා ගෙන බොන්න.
      අලුත්ම එක ගංජා රසැති උකුසු පැණි

  8. බූරු පුතාණෝ සජියා says:

    කොටියා ආවා කොටියා ආවා කියල හැමදාම කිව්වට මිනිස්සු හැමදාම රැවටෙන්නෙ නැහැ වගේම දැන් කොරෝනා පැණික් හරියට හදල දුන්නත් කවුරුවත් ගණන් ගන්නෙ නැහැ.

  9. උපාලි says:

    තමන්ගේ දේට විහිලු කරනවා….පිට රටින් ගෙනල්ලා ෆාමසියකින් ගන්න තිබුනා නම් සල්ලිත් දීලා බොනවා

    • Namal says:

      මේ වගේ විකාර වලට විහිලු නොකර වෙන මොනවා කරන්නද බොල?

Main News