කොරෝනා නැවතත් ලංකාවට නොඑන්න වැටක් බදී..

May 20, 2020 at 8:02 am | lanka C news
කොරෝනා නැවතත් ලංකාවට නොඑන්න වැටක් බදී..

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීම සදහා විකල්ප ක්‍රියාමාර්ග රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු වේ.

එහි එක් පියවරක් ලෙස කටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 06 ත් 08ත් අතර වේ. එහෙත් මේ වන විට වාර්ෂිකව ගුවන් මගී මෙහෙයුම් මිලියන 10ත් 12ත් අතර සංඛ්‍යාවක් කටුනායක ගුවන් තොටුපළේ සිදු වේ. තවත් වසර දෙකක් තුළ මෙය මිලියන 18-20 ත් අතර ඉහළ අගයක් ගනු ඇතැයි ගණන් බලා තිබේ.

කොරෝනා වසංගතය ලොව පුරා  පැතිර යාමත් සමග මේ වන විට ලොව පුරා ගුවන් ගමන් අඩාල වී ඇති අතර මේ නිසා ලෝකයේ සියලුම ගුවන් තොටුපළ සේවා බිද වැටී තිබේ.

ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය පවසන්නේ ආසියා පැසිෆික් කලාපයේ මගී ප්‍රවාහන ඉල්ලුම 34% ත් 44% ත් අතර අගයකින් පහළ වැටෙනු ඇති බවයි.

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමත් සමග නැවතත් මගී ගුවන් ගමන් යථා තත්ත්වයට පත්වනු ඇත.

සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ දී ගුවන් තොටුපළවල පවතින මගී තදබදය අවම කර ගත යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහසයි.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් කොවිඩ් 19 වසංගතය නැවත රටට ඇතුළුවීම වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් රජයට යෝජනා කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළෙන්  ගුවන් මගියෙකු රටට ගොඩ බැසීමට පෙර නිශ්කාෂණ ක්‍රමයක් හදුන්වා දීම, යම් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ගුවන් ගත වී පැය 1/2 ක් තුළ ගුවන් මගීන්ගේ නාම ලේඛනයක් ගුවන් තොටුපළ බළධාරීන්ට ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම, සෑම මගියෙකු ම පැමිණීමේ දී වීෂබීජහරණ කුටි ඔස්සේ යාමට සැලැස්වීම, පැමිණෙන සෑම මගියෙකු ම කොවිඩ් 19 පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කිරීම, ගුවන් මගීන්ගේ කොවිඩ් 19 පරීක්ෂණ සිදු කිරීම, මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම, ගුවන් යානා හා ගුවන් තොටුපළ වරින් වර වීෂබීජානුහරණය කිරීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි යෝජනා ඒ අතර වේ. කටුනායක ගුවන් මගියෙකු පිටවන අවස්ථාවක දී ක්‍රියාකළ යුතු ආකාරය ද මෙම යෝජනාවලියේ ඇතුළත් වේ.

මෙම යෝජනා අතර ඇති විශේෂ යෝජනාවක් වන්නේ කටුනායක මෙන් ම මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ මගී ගුවන් මෙහෙයුම් පුළුල් කිරීමයි. රටට පැමිණෙන ගුවන් මගීන්ට  සිය ගමනාන්තය අනුව රටට ගොඩ බැසිය හැකි ක්‍රමවේදයක් හරහා කටුනායක ගුවන් තොටුපළින‍් දිවයිනට පැමිණිම අවම කර ගත යුතු බවත් ඒ මගින් කටුනායක ගුවන් තොටුපළේ මගී තදබදය අවම කර ගැනීමට හැකිවනු ඇති බවත් ගුවන් තොටුපළ බළධාරීන්ගේ අදහසයි.

දැනටමත් මත්තල සහ රත්මලාන ගුවන් තොටුපළ මගී ගුවන් සේවා පුළුල් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ යෝජනාවලිය කඩිනමින් ක්‍රියත්මක කිරිමට රජය අපේක්ෂා කරන බවයි.

– ප්‍රදීප් අනුර කුමාර

50,596 Viewers

15 Comments to “කොරෝනා නැවතත් ලංකාවට නොඑන්න වැටක් බදී..”

  1. Anti Corona says:

    Elaa…Very good move…Go ahead with a proper plan..

    • Boo says:

      හොඳ වැඩක්, ඒත් ඔය මොනවා කලත් රටට එරෙහි විදේශ බලවේග වලට තමන්ගේ තානාපති කාර්යාලවල තියෙන විශේෂ වරප්‍රසාද යටතේ ගුවල් තොටුපලේ පරීක්ෂාවකින් තොරව ඔය විෂ බිජ පරිස්සමින් රට තුලට ගේන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ රට ඇතුලේ ඉන්න උන්ගේ වහල්ලුන්ට රුපියල් දාහක් අතට ගුලි කරලා උන් ලවුවා ඒ විෂ බිජ රටේ පතුරුවන එකයි.

  2. මාමාණෝ says:

    මුලින්ම බලන්න ඕන සංචාරකයින්ගෙන් කොහොමද කොරොනා එන්නේ කියන එක. ගුවන් තොටුපලේදී කරන එක තෙරුමක් නැති වැඩක්. එන අයට බෝ වෙන්න පුලුවන් එන ගුවන් යානයේදී. ඊට පස්සේ පොදු ප්‍රවාහන සේවයේදී. හෝටල් කාර්ය්‍ය මණ්ඩලවලට, මග පෙන්නන්නට. හෝටල් කාර්ය්‍ය මණ්ඩලවලට, මග පෙන්නන්නට Mask, gloves දාන්න කියන්න පුලුවන්. ගුවන්යානා වල බොක්ස් ගහන්න ඕන අපේ ෆිල්ම් හොල්වල වගේ. කැමති අයට බොක්ස් යන්න පුලුවන්. අපේ ෆිල්ම් හොල් එකක වැඩ කරන මල්ලි කෙනෙක් අල්ල ගත්තොත් අඩුවට කරගන්න පුලුවන්
    අවදානම්ම වෙන්නේ පොදු ප්‍රවාහනය. හැම කොච්චියකම ලේඩිස් ඔන්ලි පෙට්ටි ෆොරීන් ඔන්ලි පෙට්ටියක් කරන්න ඕන. ඕකුන් ට්‍රිප් යන රූට් එක ගොඩක් වෙලාවට කොමන්. කටුනායකින් මීගමුව, එතනින් සීගිරිය, නුවර ,ඇල්ල, යාල, මිරිස්ස, ගාල්ල , හික්කඩුව, කොලඔ
    ඔය කොමන් රූට් එකේ Luxury බස් දාන්න ඕන. උදාහරණයක් විදියට මීගමුව සීගිරිය. එතනින් ඉවරයි. ඊට පස්සේ ඒ බස් එකට පැය බාගයක රෙස්ට් එකක් දීලා ඒක ආපහු සීගිරිය නුවරට එනවා. නුවරින් බාගයක් මීගමු යවනවා. බාගයක් නුවර – කොලඔ හයිවේ එකේ කොලඔ යවනවා. බස් දෙක තුනක් නුවර ඇල්ල දැම්මට කමක් නැ. පුලුවන් තරම් එවුන් බලෙන් හරි කොච්චියේ යවලා එතන ට්‍රෙරෙන්ඩ් එක හදන්න ඕන. ඊට පස්සෙ ඇල්ල – ගාල්ල හරි ඇල්ල – බෙලි අත්ත, ඇල්ල – ගාල්ල බස් එක.

    • ගමරාළ says:

      බයිලා නොගහා හිටින්. එතකොට එයපෝට් ටැක්සි සර්විස් එකේ කියකට ජොබ් නැතිවෙනවා ද ? ප්‍රසන්න වගේ ඕ ලෙවල් වත් නැති ඔටුවෙක් කොහොම ද රටේ ජාතික ප්‍රතිපත්ති ගැන තීරණ ගන්නේ. කීවොත් කියන්නේ ගොබ්බම ගොබ් බ කතාවක් තමයි.

  3. Kadiya says:

    මූනම් හරකෙක්, 1/ඇඟේ බර සමානුපතිකයි මොළේ බරට. මේ හරක ගුවන්සේවා ඇමති වුනාට මූ දන්නේ නැහැ ඔය කියන ගුවන් තොටුපොලවල්වල මෙහෙයවන්න (බාන්න – නග්ගන්න) පුළුවන් මොන වර්ගවල ගුවන් යානාද කියල. යාපනේ සහ මඩකලපුවේ මෙහෙයවන්න පුළුවන් කුඩා ගුවන් යානා පමණයි. ඒවායේ ජෙට් යානා මෙහෙයවන්න බැහැ. දකුණු ඉන්දියාවේ ඉඳල විතරයි ඔය කියන කුඩා ගුවන් යානා ලංකාවට එන්න පුළුවන්. ගම්පහ වැනි උගත් ජනතාවක් ජීවත්වෙන දිස්ත්‍රික්කයක මෙහෙම මන්ද බුද්ධිකයෙක් කන්ඩායම් නායක වෙලා වැඩිම මනාප ගත්තොත් දිස්තික්කයේ උගත් මිනිසුන්ට ලැජ්ජාවක්.

    • MJ says:

      Aniwaryen…. Moda moosala harakek.! B Proud Gampaha.

    • Boo says:

      දන්නේ නැති නිසා අහන්නේ උගත් නැණවත් මහතාගෙන්, දැන් ඔය දකුණු ඉන්දියාවේ ඉඳල එන කුඩා ගුවන් යානා වල කොරෝනා එන්න බැරිද?

    • wijebahu says:

      Oxford body and a nursery brain.

  4. දේශප්‍රේමියා says:

    සංචාරක කර්මාන්තය නගාසිටුවීමට කියා මේ වෙලාවේ විදේශිකයන් රටට ගෙන්වා ගැනීම නොකල යුතුයි.

  5. rathgama de silva says:

    ඇයි ? අර දිනේෂ්ගේ මැෂින් එක දැන් කැඩිලද ? මුල් කාලයේදීම දිනේෂ් කයිවාරු ගැහුවා නේ ඔන්න අපි කොරෝනා අසාදිතයින් අල්ල ගන්න මැෂිමක් හයි කරා දැන් කොරෝනා අසාදිතයින් කාටවත් කටුනායකින් බේරිලා එන්න බැහැ කියල මැෂිමට අහු නොවී.

  6. APerera says:

    If I remember right (and not mistaken), minister Dinesh Gunewardena said that there is a “machine” in place at Katunayaka Airport to identify the Covid-19 infected people. Where is this machine now..?? May be minister Ranatunga is not aware of this machine. Alternatively, can check with minister Dinesh Gunewardena as to what had happened to that.

  7. Susantha says:

    oya Dinesh Gunawardena ge mechine eka haikaranda barida

  8. Nishantha says:

    Yes, we can see this naturally ignorant politician again broke the eyes by talking another nonsense. Better to keep his mouth shut without showing his foolishnes in this type of serious issues.

  9. Punchi Banda says:

    MAMA HITHUWA LANKAWA WATEMA THAPPAYAK HARI ATHTHATAMA WETAK HARI GAHANAWA KIYALA.MOKAFA NEWS HEAD LINE EKA THIBBE AHEMANE.BALANAKOTA BATHALA PRASANNA KIYAPU WIKARA WAGAYAK NE THIYENNE.HEBEI HODAMA DE THAMAI PRASANNAWA SAHA PRASANNAGE RUPA TIKAK LANKA WETEMA HITAWALA THIYENA EKA.MOKADA MINIHAGE SIZE EKA DEKKAMA CORONA BAYA WELA YAVI.

  10. සජිත් says:

    මොනවද මේ අනවශ්‍ය වැඩ කරන්නෙ හැමෝලටම පකනිල් දෙන්නෙ නැතුව

Leave a Comment