කොරෝනා නිදහස් දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපළ බවට මත්තල…

August 25, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා නිදහස් දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපළ බවට මත්තල…

කොවිඩ් 19 වසංගතයෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට පත් කරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.

සිය අමාත්‍යදූරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට මත්තල ගුවන්තොටුපළට පැමිණි අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

වී ගබඩා පහසුකම් සඳහා අතහැර දමා තිබූ මෙම ගුවන්තොටුපළ මේ වන විට මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යයි. එමිරේට්ස් සමාගම මත්තලට පැමිණීමත් සමග ජාත්‍යන්තර ගුවන් සේවා මත්තල ගුවන්තොටපළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. වර්තමාන ගෝලීය අර්බුධය හමුවේ මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහයනයද මත්තල ගුවන්තොටුපල මුල් කරගනිමින් සිදු කරයි.

නව ගුවන් ගමනාන්තයන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහන වෙළඳපල කෙරෙහිද තම අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා සදහන් කරයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා හම්බන්තොට මුල් කරගනිමින් එළවලු පළතුරු සහ මත්ස්‍ය නිශ්පාදන ගබඩා කළ හැකි ශීතාගාර ඉදිකිරීමට අවධානය යොමු වී ඇතැයිද එම නිශ්පාදන මැද පෙරදිග ඇතුලුව විවිධ රටවල් සඳහා ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට මත්තල ගුවන්තොටුපල උපයෝගී කරගන්නා බව පැවසීය.

ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්කයන්හි ගොවියන්ගේ නිශ්පාදන අපනයන වෙළඳපල වෙත ගෙන යාම රජයේ අරමුණ බවත් මත්තල ගුවන්තොටුපල මුල් කරගනිමින් ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම තම අමාත්‍යංශයේ අරමුණ බවද හෙතෙම සදහන් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ නව ආයෝජන කලාප කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එහි එළවලු පළතුරු සහ මත්ස්‍ය නිශ්පාදය ජාත්‍යන්තර වෙළඳපලට අවශ්‍ය පරිදි සැකසුම් කිරීම, ඇසුරුම් කිරීම සහ අගය එකතු කිරීම වැනි කාර්යන් සිදු කරන බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවගේ නිශ්පාදන සඳහා ඉහල මිලක් ලබා දීමද තම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

මත්තල ඉදිරියේදි මගී මෙහෙයුම් කටයුතු වැඩි වශයෙන් සිදු කරන බවත් ඒ සදහා අවශ්‍ය පීසිආර් යන්ත්‍රයක් හා විද්‍යාගාරයක් ඉතා ඉක්මනින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ගුවන්තොටුපල ලෙස මත්තල ගුවන්තොටුපල පවත්වාගෙන යාම අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

මෙම අවස්තාවට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් අධ්‍යක්ෂක ශෙහාන් සුමනසේකර මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

– සුජිත් කොඩිතුවක්කු

44,159 views

6 Comments to “කොරෝනා නිදහස් දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපළ බවට මත්තල…”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    මැදපෙරදිග රටවලට එළවළු පලතුරු ප්‍රධාන වශයෙන් අපනයනය කරන ඉන්දියාව ප්‍රධාන සෙසු රටවල් කොරෝනා වසංගතයෙන් වැටිලා ඉන්නේ. තව කාලාන්තරයකට ඒ රටවලින් අබ ඇටයක්වත් මැදපෙරදිගට ගෙන්වා ගන්නෙ නෑ. අපි ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕනෑ. උතුරු ගුවන් තොටුපලත් මත්තලත් අපනයන ගුවන්තොටුපලවල් ලෙසට සංවර්ධනය කරන්න ඕනෑ. ඒ ඒ ප්‍රදේශවල ගොවියන්ව අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව ප්‍රමිති සහතික තත්ව යටතේ නිෂ්පාදන එලිදක්වන්න , වෙළඳපලට එවන්න පුහුණුව හා දැනුමෙන් සන්නද්ධ කරන්න ඕනෑ. ආහාර විජලන තාක්ශනය , ඇසුරුම් තාක්ෂණය වගේ දේවල් ඉක්මනින්ම කියලා දෙන්න ඕනෑ. ඒ ආකාරයෙන් ප්‍රමිතිගත අපේ නිෂ්පාදන මැදපෙරදිග වෙළඳපල ඉලක්ක කරලා අපනයනය කරන්න ගිවිසුම්ගත වෙන්න ඕනෑ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් හරහා. මේක අපට කොරෝනා නිසා ඇදුනු ස්වීප් එකක්…

  2. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    යාපනයේ සහ දකුණේ එළවලු පලතුරු භෝගවල ප්‍රමිතිය ඉහලයී. දේශීය අවශ්‍යතාවයට වඩා සැපයුමත් තිබෙනවා. අතරමැදියන් නිසා එම ප්‍රදේශවලින් දුර ඒවායේ මිල වැඩි උනාට රිජු අපනයන ක්‍රියාවලියක් හරහා පිටරටට යවන්න පුලුවන්නම් ගොවියන්ට මේ රටට එලවලු විකුණනවට වඩා ලාභයක් හොයන්න පුලුවනි.

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    දංකුඩ බත් පැකැට්ටුවක් අන්තර්ජාතික වෙළඳපලේ රුපියල් 1300 ට වඩා වැඩියි.( ඇත්තටම ) කොස් ඇට සහ වියළි කොස් , මුරුංගා කොල පවුඩර් , විජලනය කල එළවලු ,කොස්, දෙල් , ටින්කල ආහාර වගේම දේශීය අලවර්ග වගේ නා නා ප්‍රකාර දේවල් හුඟක් තියෙනවා . කරන්න ඕනෑ මධ්‍යම පංතියේ ව්‍යවසායකයන්ට දැනුම පුහුණුව සහ අතහිත දීමයි. පාර පෙන්වීමයි. මෙහෙ කොරෝනා බාහිර සමාජයේ නැති නිසා වෙළඳපල අල්ලාගන්න අපට පුලුවනි ඉක්මනින්ම

  4. Saradiel says:

    අපේ ජනාදිපති තුමාට අපේ ප්‍රණාමය බුදු සරණයි ජය ශ්‍රී

  5. Nihal Panangala says:

    Every dark cloud has a silver lining.I use to live and work a manager at Sheraton Hotel for nearly 30 years in Abudhabi.UAE import lot of our fresh fruits & vegetables.Indian Nationals who work & live tell me that Srilankan vegetables & fruits are good quality.As I do work here with tourism One day booked group of tourists brought them to BIA instead road drive.we used Srilankan airlineThis is the only help I could do to boost Mattala airport Am a national tourist guide lecturer

  6. ජය ශ්‍රී.....! says:

    ජනාදිපති තුමාට ජය ශ්‍රී…..!

Main News