කොරෝනා නිරෝධායනයට මඩකලපුවේ වෙනම දූපතක් සූදානම් කරන්න සාකච්චා..

February 25, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා නිරෝධායනයට මඩකලපුවේ වෙනම දූපතක් සූදානම් කරන්න සාකච්චා..

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කරන්නේ නම් ඒ සඳහා මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මීට පෙරද මෙම දූපත ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇති බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු කොරියාවේ සිට පැමිණෙන පිරිස නිරෝධායනය කළ යුතු යැයි සෞඛ්‍ය අංශ දැන් සඳහන් කර ඇති නිසා ඊට සුදුසුම ස්ථානය මෙම දූපත බවද ඔහු සඳහන් කළේය.

මෙම දුපත සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන නිසා එම කටයුත්ත පහසුවෙන් කළ හැකි යැයිද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

39,152 Viewers

3 Comments to “කොරෝනා නිරෝධායනයට මඩකලපුවේ වෙනම දූපතක් සූදානම් කරන්න සාකච්චා..”

  1. Araliya says:

    Good decision. Sevoma ekwa sahaya demu. 💐

  2. rw says:

    I think this GMOA big headers do not know the meaning of IDH. IDH hospital has been built for that purpose. Government can improve the conditions at IDH like giving more facilities, removal of illegal encroaches etc. Spending another colossal amount of money to have it in an island at a critical crisis situation is a foolish idea. May be later when the country becomes financially stable.

  3. athula says:

    GMOA can give thousand and one proposals, But are the ready to go there and treat people,

Main News