කොරෝනා නිරෝධායනයේ සිටින අයගේ නිවාසවල පොලිසියෙන් දැන්වීම් අලවයි…

March 18, 2020 at 3:22 am | lanka C news
කොරෝනා නිරෝධායනයේ සිටින අයගේ නිවාසවල පොලිසියෙන් දැන්වීම් අලවයි…

මාර්තු 01 දා සිට මාර්තු 9 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 548ක් තමන් පිළිබඳ තොරතුරු පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

මේ පිළිබඳව තොරතුරු ලබාදීමට 011-2444480, 011-2444481,011-5978720, 011-5978730, 011-5978734 යන අංක හෝ lahd@police.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකළ හැකි බවත් ඔහු පැවැසීය.

මේ අතර ස්වයං නිරෝධානයට ලක්වන පිරිස් සිටින නිවෙස්වෙත පොලීසිය මගින් දැන්වීමක් අලවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම දැන්වීමෙන් ඔවුන්ට කොවිඩ් 19 වැළඳී ඇති බවට තහවුරු නොකරන බවත් ඔවුන්ව කොන් කිරීමෙන් වළකින ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

දින නියමකරගත් විවාහ උත්සව වලදී කුඩා ප්‍රමාණයක් සම්බන්ධකරගෙන එය පැවැත්විය හැකි බවත් ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගන්නා ලෙසත් ඔහු පැවැසීය.

– ada

181 views

5 Comments to “කොරෝනා නිරෝධායනයේ සිටින අයගේ නිවාසවල පොලිසියෙන් දැන්වීම් අලවයි…”

  1. aniwa says:

    Not a good idea at all. Our sri lankan people are so different, they will treat the patients as criminals taking pics videos and posting on the social media destroying their entire lives. remember what they did to that poor tourist guy and his poor little son @ ananda college last week. pretty disgusting mentalities that will never change.

    • Dee says:

      Well said. Its pretty important not to disclose those that have contracted COVID-19.

    • දේශප්‍රේමියා says:

      It was just right. Self-quarantine in Oman is covered by government medical staff and our neighbors in Sri Lanka will do so at no extra cost.
      Bcoz it is in our blood…..

    • ඉස්සර බෝවෙන ලෙඩ හැදුනහම කොහොඹ කොල එල්ලල ගම දැනුවත් කළෙත් ඔය කාරනයටමයි. ගමේ අය ඒ අයව කොන් කළේ නැහැ.. කවුරුත් වයසට යන, ලෙඩ හැදෙන, කවදා හෝ මැරෙන මිනිස්සු බව අවබෝධ කර සිටි නිසා.
      අද හුගක් අය තරුණ මදයෙන් ( වයසට නොයන අය), ආරෝග්‍ය මදයෙන් (ලෙඩ නොහැදෙන අය) සහ තවත් නොයෙක් පුහු මාන්නක්කාර ආත්මාර්ථකාමී මත වලින් අන්ධ වෙලා..
      දැන්වීම් අලවපු ගෙවල් වලට පුලුවන් හැටියට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ආදිය සපයා ගැනීමට උදව් කිරීම සහ මානසිකව ඔවුන් ධෛර්‍යමත් කරවීමයි කළ යුත්තේ..තමනුත් ආරක්ෂා වෙන ගමන්..

  2. Don sarath rupasiri dsr kannangara says:

    Sri Lankans behave in a irresponsible manner, so that this is suitable for idiots

Main News