කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. වවුනියාවේ විරෝධතා.. ඒ නොතකා හමුදාවෙන් 265ක් රදවයි..

March 15, 2020 at 11:20 am | lanka C news
කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. වවුනියාවේ විරෝධතා.. ඒ නොතකා හමුදාවෙන් 265ක් රදවයි..

දකුණේ සිට උතුරට කොරෝණා වයිරස් ආසාධිතයින් බවට සැකකෙරෙන පුද්ගලයින් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවට දැඩි බියකින් ජීවත් වීමට සිදුව ඇති බව පවසමින් වව්නියාවේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් ඊයේ (14) දින විරෝධතාවයක නිරත වූහ.

වව්නියාව පම්පමඩුව යුදහමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත්කරන ලෙසට ඉල්ලා වව්නියාව නෙලුක්කුලම් මංසන්ධියේ ප්‍රාදේශීය සභාව , දේශපාලන නියෝජිතයින් හා ගම්වාසීණ් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණි.

කොරෝණා වයිරසය පැතිරීමේ අවධානම් තත්වයක් තිබියදී සැකකටයුතු පුද්ගලයින් දකුණේ සිට උතුරට රැගෙන ඒම කිසිසේත් පිළිගත නොහැකි බවටත් එමගින් උතුරේ ජනතාවටද දැඩි බියකින් ජීවත්වීමට සිදුව තිබෙන හෙයින් අදාල නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත් කරන ලෙසට විරෝධතා කරුවන් පවසා සිටියහ.

එමෙන්ම නිරෝධායනය වෙනුවෙන් වව්නියාවට රගෙන එන අවස්ථාවේදීද නගරයේ ජනතාවට හෝ ප්‍රදේශවාසී ජනතාවට කිසිදු දැනුම්දීමක් සිදු නොකොට එකවර නිරෝධායනය වෙනුවෙන් සැකකටයුතු පුද්ගලයින් රැගෙනඒම මගින් වව්නියාවේ ජනතාව බිල්ලට තැබීමක් බවටත් අදාල මධ්‍යස්ථානය ඉවත් කිරීමට හෝ එම මධ්‍යස්ථානය අවට සිටින ජනතාව ඉවත් කිරීමට හෝ කඩිනම් විසඳුමක් බලධාරීන් විසින් ගත යුතු බවට විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසීය.

කොරෝනා වයිරසය පැතිරීමේ අවධානමත් සමග ශ්‍රීලංකාවට වෙනත් රටවල සිට පැමිණි මගීන් 265 දෙනෙකු ඊයේ (14) සවස වන විට වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳුවරක් වෙතට රැගෙනවිත් නිරෝධායන කටයුතුවල නිරත කරවීමට පියවර ගෙන ඇත.

පම්පමඩුව යුද හමුදා කඳවුරක් මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පිහිටුවා ඇති අතර කටනායක සිට බස් රථමගින් අවස්ථා කිහිපයකදී මෙම පිරිස් රැගෙනවිත් නිරෝධායන කටයුතු සිදු කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

මේ අනුව පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානය අවට ප්‍රදේශයද පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කොට ඇති අතර ප්‍රදේශවාසී ජනතාවට බියකින් තොරව ආරක්ෂිත පියවර ගනිමින් දෛනික කටයුතු වල නිරත වන ලෙසටද ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

326 views

19 Comments to “කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. වවුනියාවේ විරෝධතා.. ඒ නොතකා හමුදාවෙන් 265ක් රදවයි..”

  1. Herath Banda Karaliyada says:

    Look at Tamil nationalist and Chauvinist is provoked target at political motivated act by TNA, LTTE and other Tamil Terrorist against coronavirus victims of Sri lankan citizens .
    Most of Tamil political leaders narrow-mind and selfish of living in Island of Sri lankan.
    They were really in deeds a Political terrorist of mentality of Tamil Tigers mode of Politics against Democratic society of Lanka.They are NOT FIT our society for another century.

  2. Herath Banda Karaliyada says:

    Look at Tamil nationalist and Chauvinist is provoked target at political motivated act by TNA, LTTE and other Tamil Terrorist against coronavirus victims of Sri lankan citizens .
    Most of Tamil political leaders narrow-mind and selfish of living in Island of Sri lankan.
    They were really in deeds a Political terrorist of mentality of Tamil Tigers mode of Politics against Democratic society of Lanka.They are NOT FIT our society for another century.
    The world-wide crisis of Coronavirus has that impact in catastrophe by globally .
    The people of world -wide is now seek prevent that catastrophe most suitable way.
    But Tamil nationalist are an opposed to that action taken by Govt. of Sri Lanka.
    Is this Tamil nationalist are belongs type of Race? Are they humbeing ?

  3. ලොලිපොප් මොංගල් says:

    මේ LION කියලා කමෙන්ට් කරල තියෙන්නේ මහේෂ් සේනානායකද, එහෙම නැත්නම් උගේ පස්ස ලෙව කන එකෙක්ද. ඇමෙරිකන් ඔත්තු කාරය පාර්ලිමේන්තුවට රින්ගන්නද හදන්නේ.

  4. david milibanda says:

    Who dictates to the Government what and what not to do……………
    No more…………..

Main News