කොරෝනා නිසා ඉතා අපහසු කාලයක් අපි ගත කරන්නේ…

October 14, 2021 at 8:02 am | lanka C news
කොරෝනා නිසා ඉතා අපහසු කාලයක් අපි ගත කරන්නේ…

ලබන වසරේ සිට සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමට එක්වෙමින් (13) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

නැගෙනහිර පළාතේ පොතුවිල්, විස්කි පොයින්ට් හි නිවාස අහිමි පිරිස් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් ලක්ෂ දහය බැගින් පිරිනැමීම  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් අපි ගත කරන්නේ. එය ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපා තිබෙනවා.

රටක් විදියට තරුණ පිරිස එකතුවී ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබා දීමෙන් අපිට මේ තත්ත්වයෙන් ඉතා ඉක්මනින් මිදෙන්න පුලුවන්.

ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සැළසුම් කර තිබෙනවා.

සෑම ගමකම හොද ව්‍යවසායකයෙක් බිහි කරන කටයුත්ත අපි කරනවා. එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළද පොළට අන්තර්ජාලය හරහා බෙදා හරින වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.

ගම්වල අලුතින් ව්‍යාපාරිකයින් බිහි කරන්න, රැකී රක්ෂා අවස්ථා ඇති කරන වැඩසටහන සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. අපේ අමාත්‍යාංශයේ බලාපොරොත්තුව එයයි.

ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් ක්‍රීඩකයින් මේ ගම්වලින් බිහි කරන්න අවශ්‍යයි. නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙන වෙරළ වොලිබෝල්, වෙරළ පා පන්දු නගා සිටුවන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

ඉදිරි කාලයේදී දක්ෂයින් හදුනාගන්න අවශ්‍ය වැඩසටහන් අරගෙන මේ ගම්මානවලට අපේ අමාත්‍යාංශයේ නිළධාරීන් පැමිණෙනවා. ඒ සදහා ඉදිරිපත් වන්න.  ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් ක්‍රීඩකයින් මේ පළාතෙනුත් බිහි කරන්න අවශ්‍යය ගමන අපි ආරම්භ කරමු” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සදාසිවම් විලෙයාන්ද්‍රන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා ඇතුලු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

– මාධ්‍ය ඒකකය

8,499 views

23 Comments to “කොරෝනා නිසා ඉතා අපහසු කාලයක් අපි ගත කරන්නේ…”

  1. Upul Attanayake says:

    you are going right direction my Man.. keep it up.
    human nature is every one not going to be happy.you do your part how do you feel it. rather than whinging to others do nothing

    • saman says:

      good points are highlighted. some one has to compromise their happiness for others. then all will be happy one day, while talking our history

    • Nalin says:

      නාමල් මහත්තයෝ මේ රටේ ජනතාව අපහසුකාලයක් ගතකරන්නේ ඔබ පවුලේ ක්‍රියාකාරකම් වල ප්‍රතිපල . බොහෝ ආයතන ඔබලා බාවිතාකලේ ඔබලාගේ පවුලේ දේපල වගේ .ඒවා අද කිසිවෙකුට ගොඩ ගැනීමට නොහැර්කි තරමටම පත්වෙලා. ශ්‍රීලංකා ගුවන්සේවය දිනකට බිලියන් ගනනින් පාඩු ලබමින් පවත්වාගෙන යන්නේ පවුලේ හිතවතුන්ට මුදල් උපයාගැනීමට සහ තම පවුද්ගලික ගුවන් ගමන් සදහා . මේවා කිසිදිනක විකුනා ගැනීමට ඉඩදෙන්නේ නෑ . මීට කලින් පැවති ඔබලාගේ පාලන කාලයේදී ගුවන් සේවා ඇමති උනේ ප්‍රියංකර ජයරත්න. ඔහු නාමික ඇමති පමනයි. ඔහුට අඩුම තරමින් ගුවන් තොටුපොලට කම්කරුවෙක්වත් පත්කිරීමට නොහැකි උනා කියල ඔහුම කීවා. මේක එක් උදාහරනයක් පමනයි .අදටත් සිදුවන්නේ එයමයි ජනාධිපති ට කිරීමට දෙයකුත් නෑ .

      • Munta mahattaya kiyanna epa ratama hora kapu wasala pawulaka nodokin

      • Samson says:

        ඔබ 100% ක් නිවැරදියි. ඒ සමයේ ශ්‍රීලන්කන් සභාපති කලේ ඔබේ මාම ඔහු මේ ක්ශේත්‍රයගැන මෙලෝ හසරක් නොදත් මූලික අද්‍යපන සුදුසුකම්වත් සපුරා නැති නූගත් පුද්ගලයෙක්. ඔහු කලේ එක් දෙයක් පමනයි ඒ මොනවද කියා රූමත් ගුවන් සේවිකාවෝ දන්නව. ඇතම් අවස්තාවල ඔහුගේ පුද්ගලික ගමන් සදහා බෝයිං යානා බාවිතා කලා. මේවා. අහස පොලව කම්පාකරන ජාතික අපරාධ . ශ්‍රී ලන්කන් නැත්තටම නැතිකලේ මේ පුද්ගලයා . මහින්දගේ පරාජයට හේතු උනෙත්මේ පුද්ගලය . යහපාලන කාලයේදී මේ සම්බන්ධ පරීක්ශණ ආරම්බ කලත් රනිල් ඉඩදුන්නේ නෑ. අදටත් කිසිම පරීක්ශණයක් තබා මේ ගැන කටක් හොලවන්නේ නෑ

        • Amdan says:

          ඔය කියන අටපාස් නාකි හම්පඩය කලේ බඩු ගහපු එක පමනයි. පාවිච්චිකරපු රොලැක්ස් ඔර්ලෝසුව ලක්ශ 80 යි.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      I have seen many dumb idiots in my life time so far , havent seen dumbest idiot likes of you as yet. Moron , Nomal is a no brainer and the dumbest buffoon of the so called royal family . All he can do is running his mouth literally at every concurrent issue and giving his dimensions of stupidity . This lame ass joker needs a therapy from a renown psychiatrist . So do you.

  2. saman says:

    උබල පවු බන්. අපිනම් ජොලියෙ ඉන්නේ

  3. Samantha Karen says:

    Yes yes travelling in a range rover is really difficult. And with COVID-19 can’t steal as much as you want and that is difficult too

  4. JahaManaya says:

    ඕගොල්ලෝ අමුතු වැඩ කරන්ඩ ඕන නැහැ. ඔය සංවර්ධන වැඩවලට කියල කරන projects ටික නවත්තන්ඩකෝ. මොකෝ තමුන්ගේ හැකියාවෙන් exam එකක් ලියාගන්ඩ බැරි වෙච්ච එකෙක්ට, රටක් සංවර්ධනය කරන්ඩ plan එකක් ගහන්ඩ බැහැ. මෙච්චර කලුත් එක එක සංවර්ධන වැඩ කරානේ. ඒත් වැඩක් උනේ නැහැනේ. නිකන් උත්සව තියල, meetings කියල කෙල්ලෝ හෝටල් වලට එක්කන් ගිහින් ආතල් දාලා, ඒවා ජනතාවගේ බදු මුදල් වලින් ගෙවන එකනේ කරේ. ඔයත් බාප්පා වගේ පිටරටකට ගිහින් shed එහෙක petrol ගහන්ඩ. රට ඉබේ හැදෙයි.

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    ඔයාට බෑ නෝමල් තෙරුම්ගන්න.

  6. desta says:

    amaruwa eraganna wenna ethi Sri Lankan flight ekak charater karagen kenya 🇰🇪 giye ane palado hora kapati dakune higanno

  7. Obe padinchi niwase gath mila keeyada? Dawasta wiyadama keeyada. Bankuwala mudal trillion keeyada yantham SSC. Ekath hora sHathika. Law copy kala appala Loka horu ratenma wathkama Paula gasakewa hena wedila winasa weyi

  8. පැන්ඩෝරා පේපර්ස් says:

    යුවරජතුමාට නොතේරෙන හෝ දැන දැන නොකියන වගනම් , මේ රට පාලනය කරන්නේ අවිවාදයෙන්ම මෝඩයො සහ හොරු රොත්තක් , එ පුද්ගලයන්ගේ වැරදී කළමනාකරණය වසංගතයත් එක්ක ගාව ගන්න එපා ,උදාහරණයන්ආසියාවෙම තියෙනවා , බංගලිදේශය , මාලදිවයින , වියට්නාමය , අවංකවම කිව්වොත් අපේ ආර්ථිකය ඉහලින් තියෙන්නේ දකුනු ආසියාවේ ඇෆ්ගනිස්තානයට පමනයි. ඇයි ඒ ? වසංගතයද ? නෑ මේ රටට ලක්ශ හැටනමයක් දායද කල දේශපාලනික අදබාල වසංගතය. මේ රටේ මුල්‍ය ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මුදල් අච්චු ගැසීම , ගිණි පොලියට ණය ගැනීම , රටේ සම්පත් විකුණා දැමීම , ග්‍රාමීය ජනයා ඇන්දවීමේ මංමාවත් හා ඉදිකිරීම් සංවර්ධනය . කිසිම දැක්මක් , කිසිම පිලිතුරක් නැති ආණ්ඩුවක් , හැමදේටම වසංගතය අල්ලගෙන. ඇත්තටම වසංගතය නෙමේ ප්‍රශ්නේනේ, රාජපක්ෂ පවුල සහ ගජමිතුරො තමයි මේ රටේ ඉහලම වසංගතය .

  9. priyanka says:

    ow bolawa nadatthu kerelama tamai apita amaru kalayak gewanne. kalakanni sepa vidinawa motta mollu chande deela munta

  10. Sujatha says:

    Ehema amru kalayak denne wath hengune wath nehe, ammai appai oya apooruwata aluth bendpu joduwak wage NAWARATHREEYA semaruwe

Main News