කොරෝනා නිසා ගමට යන්න බැරිව සිරවුනු අය ගමට නොයවයි.. 20තෙක් එතැනමයි..
April 10, 2020 at 12:40 pm | lanka C news
ඇඳිරි නීතිය හේතුවෙන් දිස්ත්‍රික්කවල සිරවී තම ගම්බිම් බලා යාමට නොහැකිව සිටින පුද්ගලයන්ට අපේ‍්‍රල් මස 20නක දින දක්වා ආපසු නොයැවීමට රජයය තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොරෝනා තත්ත්වය හේතුවෙන් මේ දිනවල තම ගම්බිම් වලට යැවීම අවදානම් සහගත බැවින් රජය මෙම තීරණය ගෙන ඇති බවද ඔහු පැවසීය.
එසේ ගම්බිම්වලට යා නොහැකිව සිරවී සිටින සියලුම පුද්ගලයන්ට රජය විසින් අහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
සිර වී සිටින පුද්ගලයන්ට යම් අපහසු තාවයක් ඇතිවී තිබේ නම් ඒ ගැන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඉන්පසු ග්‍රාම නිලධාරිවරයා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.