කොරෝනා නිසා තවත් දෙදෙනෙක් මිය යයි..

November 11, 2020 at 6:53 pm | lanka C news
කොරෝනා නිසා තවත් දෙදෙනෙක් මිය යයි..

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙසේ මරණයට පත් වී ඇත්තේ කැලණිය සහ කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ය.

කැළණිය ප්‍රදේශයේ මියගොස් ඇත්තේ 45 වියැති පුද්ගලයෙක් වන අතර හම්බන්තොට දිස්ත‍්‍රික් රෝහලේදී මරණය සිදුව ඇත. ඔහුගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයකි.

අනෙක් පුද්ගලයා 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ එක් කොරෝනා ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයකි.

මේ අනුව මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ යයි. අද දිනයේ මරණ 03ක් වාර්තා වී ඇත.

23,978 views

5 Comments to “කොරෝනා නිසා තවත් දෙදෙනෙක් මිය යයි..”

  1. Chaminda ayya says:

    තවමත් හරියට මැරෙන්න ගත්තෙ නෑ. දවසට 50- 60, 100- 200 වෙන්න පටන් ගත්⁣තොත් තමයි අපේ හරකුන්ට තේරුම් යන්නෙ. ලගදිම ඒ තත්ත්වයට පත්වෙනව අපි අපිම පරිස්සමෙන් හිටියෙ නැත්නම්. ඒක හින්දා පරිස්සමෙන් හිටපල්ල.

  2. Ravana parapura says:

    කරුණාකර දැන් ඉන්න සියලුම කොරෝනා අසාදියෙන් ඉන්න අයට සැම රජයේ රෝහලක දැන් නියම කර ඇති හෙළ ඔසු ලබා දෙන්න එන්නත එනකන් බල සිටියොත් තව විසාල පිරිසක් අපහසුවට පත් වෙන්න පුලුවන්. එකම පිළියම මෙය පමණයි. අපේ රටේ සුද්දගේ පරණ නීති දැන්වත් ඉවත දමන්න.
    අපේ ජනතාව අපේ හෙළ ඔසු වලින් රැකගමු. මරණයට පත් අයට නිවන් සැප ලැබේවා

  3. Love nature says:

    කරුණාකර මත් පැන් සාලා වසා දමන්න මරණ වැඩිවෙන්න මෙයත් හේතුවක් වෙන්න පුලුවන් (හෘදයාබාධ)

  4. රජින්ද says:

    එතකොට කොළඹ වැඩබිම්වල සේවය කරන කම්කරුවන් ගැන කිසිම තැකීමක් නොකර, ඒවායේ කාර්යාල වල වැඩකරන සේවකයින්ට නිවසේ සිට වැඩකිරීම වළක්වමින් වැඩබිම් වලට පැමිණීම අනිවාර්ය කරමින්, එම සමාගම් වල සමුහ වශයෙන් වැඩ කිරීමෙන් රෝගය පැතිරීම වැලක්වීමට ආණ්ඩුව විසින් නියෝග කල කොරෝනා මර්ධනය කිරීමේ නීති තුට්ටුවකටවත් මායිම් නොකරන කොරියන්, චීන ලොක්කන්ට එරෙහිව කිසිවක් නොකර අපේම මිනිස්සුන්ව බිල්ලට දී රටේ ආර්ථිකය ගොඩ දැමීම ගැන පමණක් සිතීම සෑහේදැයි නොදනිමි

  5. සනත් ඉතාලිය says:

    කොරොන ආසාදිතයින් වැඩිපුරම මරනෙට පත්වෙන්නෙ නිව්මෝනිය තත්වෙන් උනත් අපේ රටේ එය වෙනස් මගක් ගන්නබවයි පෙනෙන්නෙ අපේ රටේ වැඩියෙන්ම මියයන්නෙ හර්ද්‍යාබාද වලින් නේද . මේකත් ටිකක් සැලකිල්ලට ගත්තොත් නරකද

Main News