කොරෝනා නිසා නැතිවුනු දෙවසර නොව ඉදිරි තෙවසර ගැන සිතන්න..- අගමැති
January 13, 2022 at 8:02 am | lanka C news
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ඵලකය නිරාවරණය කළහ.
අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතය. හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320කි. වැඩ නිම වීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර (STC) 12ක් සහ රේල් පීලි මත දිවෙන ග්රැන්ටි දොඹකර (RMG) 40ක් සමග අංගසම්පූර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 510ක් වන අතර වරාය අධිකාරිය ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කරයි.
ඇක්සස් ඉංජිනේරු පී.එල්.සී. (Access Engineering PLC) සහ චයිනා හාබර් ඉංජිනේරු (China Harbour Engineering Company LTD) සමාගම් එක්ව ඉදිකිරීම් සිදු කරයි.
කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් සඳහන් කළේය. ගෙවීගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයටයි. අප සෑමවිටම භාරගත යුත්තේ අතීතය නොව අනාගතය යි.
රට පිළිබඳ තිබෙන සුබවාදී බලාපොරොත්තු කිසිවෙකු අතහැරිය යුතු නොවන අතර ගෙවුණු වසර දෙක කරගසාගෙන යාමට විවේචකයන්ට භාරදී, අප අනාගතය භාරගනිමු යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
ලෝකයේ වරාය ශ්‍රේණිගත කිරීමේ ඇල්ෆලයිනර් නිර්නායකයට අනුව මේ වන විට කොළඹ වරාය 23 වන ස්ථානයේ පසුවේ. නව සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එය 13 වන ස්ථානයට පත්වනු ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
හදනවා ඊට පස්සෙ විකුනනවා ..🤣🤣🤣
Ubalage Paula me rata Kawa perathaya Tika nodaki nakiyo marila palayan thawath wadayak nowe. Henama gahanawa thopi hathikaraeta
පසුගිය වසර 2කේ රජයෙ සේවකයන් දිවා රාත්‍රි දවස් 365ම වෙඩ කරල රටට සෞභාග්‍යය උදාකරපු නිසා රුපියල් 20000 කින් පඩි වෙඩි කරන්න පව්
ජවිපෙ නියෝජනය කරන්නේ මැද පංතියය, නාගරික පීඩිත පංතියේ නියෝජිතයා සජිත්ය.
‘ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා මිනිස්සුන්ට කන්න දිය යුතුයි’ යන මතයට සජිත් එන්නේ ඔහු හා සිටින නාගරික පීඩිත පංතියේ අවශ්‍යතාවය මතයි.
අනුර කුමාර සමාජවාදියකු ලෙස පෙනී සිටියද ඔහු නාගරික හෝ ග්‍රාමීය පීඩිත ජනතාවගේ නියෝජිතයකු නොව පහල මැද පංතියේ, සුඵ ධනේශ්වරයන්ගේ හා ඇඩ්වෙන්චර්වරුන්ගේ නියෝජිතයෙකි.එම නිසා ණය ගෙවීම පසෙකට දමා ජනතාවගේ කුසගින්නට ආහාර දිය යුතුයි යන “පීඩිතපංති සහකම්පිත” අදහස ඔහු තුලින් මතු විය නොහැක.
එතකොට රාජපක්ෂ සහ පොහොට්ටු සමාගම නියෝජනය කරන්නේ හොර පන්තියද?
නාගරික පීඩිත පංතියේ නියෝජිතයා සජිත්ය.උඹ දැන්ද බං නැගිට්ටෙ.උඹේ ඔය පීඩිත පංතියේ නියෝජිතයා පීඩිතයෙක්ගෙ ගෙදරින් වතුර වීදුරුවක්වත් බොන එකෙක්ද බං .ඌට උන්ව අරහං ,බූරු පුතානොගෙ බූරු මිත්‍රයා.
සජිත් පොහොසත් ගෙවල් වලිනුත් වතුර බොන්නේ නෑ.ඒක උගේ හැටි.
මෙතන කියන්නේ නගරවල ජීවත් වන දුගී දුප්පතුන් වැඩි දෙනෙක් සජිත්ව පිලිගන්නවා ඒ නිසා ඒ අයගේ දැවෙන ප්‍රශ්න වලට සටන් කරන්න සජිත්ට සිදු වෙනවා.
අනුරත් එක්ක ඉන්නේ ලෙක්චර්ස්ලා, රාජ්‍ය සේවකයෝ, යමක් කමක් රස්සාවක් පැන්ෂන් තියන අය.ඒ අයට එහෙම බඩගින්න ප්‍රශ්ණයක් නෙවේ.
We can offer our President the wasted covid 2 years after keeping a people vote need to add another 2 years for President stay and easily
මෙයා හැමදාම අනාගත සිහින ලෝකයක් අපිට මවල යටින් ගේම.
මාර පොුජෙක්ටි තිබුනෙ.
1. අලුත් සිරි ලංකාවක්
2. සුභ අනාගතයක්
3. ආසියාවේ ආශ්චර්යය
4. මතට තිත
5. මහින්ද චින්තනය
සේරම ව්‍යාපෘති සාර්ථක වෙලා අපිට දැන් ගෑස් ටැංකි වලින් හිටං සවි භාගෙට බෙිරෙනවා.
ඉතුරු අවුරැදු 3 නේ, ඉතුරු සවි භාගෙ.
ඇයි සෞභාග්‍යය දෑක්ම අමතක උනාද?
ඇයි බං අපි සව්භාගෙ උදාකරලා දුන්නෙ අපේ පවුලට…තවත් මදිද ඈ බොල ?
ubayi ube malii weda bari tarzenui idiri aurudu thune kuriya gahuwoth nam ratata sethak wei…naththam api thawath higamanatama watei..
කොහොමද හාන්දුරුනේ මම ඔබවත් ලගින්ම තියාගෙ දුන්නු ටෝක් ටික. පොහොට්ටු කාර්යාලෙ අබයාරාමෙ තිබ්බෙ කියල. සජියල ලපයක ඔක්කොම චොර නේද. හාන්දුනෙ ඔබතුම මම අපේ කිබුල රාජිත හික් හික් අපි තුන්දෙනා රජතුන් කට්ටුව වගේ කියල මුන් දන්නෙ නැහැ අපේ හාන්දුනේ. හරියට ලිප්ගල් තුන වගේ. මුන්ට පුලුවන්ද හාන්දුනේමාව තම්බන්න. ඒවට ලිට්රෝ එකේ ගෑස් ඔක්කොම ගත්තත් මදි