කොරෝනා නිසා මහින්දානන්ද අධිකරණයට නොඑයි.. නඩුව කල් යයි..

July 15, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා නිසා මහින්දානන්ද අධිකරණයට නොඑයි.. නඩුව කල් යයි..

කොරොනා වයිරස් ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගී වීම හේතුවෙන් හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.

ඔහුට විරුද්දව පැවති නඩුවක් අද කොළඹ මහධිකරණයේ කැඳවූ අවස්ථාවේ ඔහුගේ නීතිඥයන් විසින් මේ බව අධිකරණයට කියා සිටියේ ය.

මහජන සෞඛ්‍ය ආරක්ෂාව සලකමින් සලසමින් තම සේවාදායකයා අධිකරණයට අද පෙනී නොසිටින බව ඔහුගේ නීතිඥයා සඳහන් කළේය.

ඒ අනුව අධිකරණ විනිසුරුවරුන් කියා සිටියේ ලබන සැප්තැම්බර් මස 3 දින එම නඩුව යළි කැඳවන බවයි.

326 views
Main News