කොරෝනා නිසා මැතිවරණය කල් යයි..? අන්තිම තීන්දුව එන සතියේ වාර්තාවෙන්..

March 11, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා නිසා මැතිවරණය කල් යයි..? අන්තිම තීන්දුව එන සතියේ වාර්තාවෙන්..

කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත.

කොරෝනා කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මතු වන ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව පසුගිය සතියේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත් ආවරණ අවශ්‍ය තරම් තොග ආනයනය කිරීමට තීරණය කර ඇත.

ලෝකයේ රටවල් 90ක පමණ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබේ. ඇතැම් රටවල වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙයි.

ලබන සතිය වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත මැතිවරණ කොමිසන් සභාවට අවශ්‍ය නිර්දේශ ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර පවසයි.

– aruna

43,898 Viewers

11 Comments to “කොරෝනා නිසා මැතිවරණය කල් යයි..? අන්තිම තීන්දුව එන සතියේ වාර්තාවෙන්..”

  1. සමන් says:

    මේ වෙලාවේ රටේ තිබෙන තත්වය සහ ලෝක තත්වය තේරුම්ගෙන මේ ඊනියා දේශපාලන සෙල්ලම නවත්වන්න – ඉදිරියේදි සිදුවිය හැකි අවධානම ගැන සිතන්න!!!- ජාතික අපදා තත්වයකට මුහුණ දීමට සුදානම් වන්න! – මැතිවරණයක් මේ වෙලාවේ රටට අවශ්‍ය නැත! – රටේ ජනතාව ඡන්දයක් ඉල්ලා අරගල කරන්නේ ද නැත!

  2. Sunil Dahanayake says:

    This commision of election is UNP biased organization. They may try to postpone the elections, based on imginary things. In Sri Lanka, so there is only 2 cases detected.

  3. saman wijaya kumara says:

    මැතිවරණය කල් දාන්න නෙවෙයි ,මැතිවරණයක් නොතියාම තියමු එතකොට පාර්ලිමෙන්තු හොරුටික රට විනාශ කරන එකවත් නවතියිනේ

  4. Nandasoma says:

    මැතිවරනයක් නැතිව කොහොමද ඉදිරි කටයුතු කරගෙන යන්නෙ…..?

    කොරෝනා වලට එරෙහිව පියවර ගන්න උනත් විධිමත් රජයක් තිබිය යුතුයි…..!

    දැනට ලංකාවෙම එක රෝගියයි හමු වෙලා තියෙන්නෙ…..!!

    මේ තත්වය යටතේ මැතිවරණ කල් දැමිය යුතු නැහැ……!!!

    මේ වන විටත්, පාසැල්, කාර්යාල, ප්‍රසිද්ධ ස්ථාන කිසිම බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙනව…..!!!!

    ඡන්දය නිසා මේ රෝගය පැතිරෙන්නෙ නැහැ……..!!!!!

    ඉදිරියේදි රෝගය ව්‍යාප්ත වෙන ලකුණු පහල උනොත්, පාර්ලිමේන්තුව කැඳවල, විධිමත් වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි…….!!!!!!

    දැනට ඒ තරම් කලබල විය යුතු නැහැ…….!!!!!!!!

  5. amila says:

    කොහොම හරි ආපසු පාර්ලිමේන්තුවේ මීහරක් සෙට් එක රැස් කරන්න
    විශ්‍රාම වැටුපට කල් පිරෙන කල් මැතිවරණය තියන්න එපා
    පව්නෙ අහිංසක මීහරක් සෙට් එක

  6. Nishantha says:

    Yes. Elections not required. Let the president to continue with his good work. We need a Paradigm Shift as almost all citizens immaterial of their ethnicity are absolutely fed up with both main party politics. Please, please let the genuine president to proceed. Thank you.

  7. Aruna says:

    කොරොනා පිහිටෙන් වෙන සෙල්ලමකට ලෑස්ති වෙන්නේ…….?

Main News