කොරෝනා නිසා මැතිවරණය තුන් මාසයකින් කල් යයි..?

March 27, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා නිසා මැතිවරණය තුන් මාසයකින් කල් යයි..?

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කල් දමා තිබෙන පාර්ලිමේන්තු මැතිවරණය තවත් මාස තුනකින් පමණ යනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

අපේ‍්‍රල් මස 25 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබුණද මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණය පැවැත්වීම දින නියමයක් නැතිව කල් දමනු ලැබුවේ කොරෝනා ව්‍යාප්ත හේතුවෙනි.

මැතිවරණය පැවැත්වීමට දිනයක් පසුව ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා නාමයෝජනා භාර ගනිමින් සඳහන් කළේය.

කෙසේ නමුත් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් තත්ත්වය හේතුවෙන් මහ මැතිවරණය අප්‍රේල් මාසයෙන් පසුව ද තවත් මාස තුනකින් පමණ වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේ දී ද මේ ගැන කතාබහ වී ඇත.

118 views

29 Comments to “කොරෝනා නිසා මැතිවරණය තුන් මාසයකින් කල් යයි..?”

  1. ජනමත විචාරනයක් පවත්වා ජනතාවගේ කැමැත්ත විමසන්න..බහුතර ජනතාවගේ කැමැත්ත ඔය 225 ක් වූ පාර්ලිමේන්තු හොර නඩයත්, පලාත් සභා හොර නඩයත් දෙකම අහෝසි කිරීමයි..එසේ කිරීමෙන් මේ හොර නඩය නඩත්තු කිරීමට දිනකට වැය වන කෝටි ගනන් මුදල් සම්භාරය ඉතිරි කර විදේශ ණය සෑහෙන ප්‍රමාණයක් අඩු කර ගත හැකියි..

    ජනාධිපති යටතේ වැඩ කරන සීමිත ගනනකින් යුත් කැබිනට් මන්ඩලයක්, අමාත්‍යංශ ලේකම් වරු, පලාත් ලේකම් වරු සහ ගම් සභා ආදියෙන් යුක්ත සරල පද්ධතියකින් මේ පුංචි රට අඩු වියදමකින් පාලනය කර ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දිය හැක.

  2. tomy says:

    කරුණාකර අවුරුදු 5 කට කල් දාන්න

  3. dhammika says:

    no need to hasty election. the interim government which is consist president pm speaker opposition leader and part leaders (only represent parliament) and three forces commanders can rule country until end of disaster.

  4. mali says:

    MP and provincial council men did nothing but spoke third class language and watched ponography videos and ate well balanced diet spent thousands of people tax money for their bills and security.we do not want provincial councils at all.mps also should reduced to a electoral system limiting the number.

  5. rathgama de silva says:

    උබලට මිනිහෝ ලජ්ජා නැද්ද?මේ වගේ ගොන් comments පල කරන්න උබලගේ ලංකා සි නිවුස් එකේ.බලපන් මුන් ගොන් හරක් ටිකක් නේ.ඔක්කොම පොහොට්ටුවේ වහල්ලු විය යුතුයි.මින් ඉස්කෝලේ කියේ පන්තියට ගිහිපු එවුන්ද දන්නේ නැහැ.මුන් හිතාගෙන ඉන්නේ ගොට වැඩ කාරය කියල.උන්ට තේරෙන්නේ නැහැ ගොටටයි මහින්දටයි දෙන්නටම දැන් විරවිලා කියල.මහින්ද නිසා තමයි ඔහොමවත් දුවන්නේ.ගෝටා දන්නා ලබ්බක් නැහැ.මාස 3 ට ඔප්පු උනා ගොට්ට මොකුත් කරගන්න බැරි බව.මොනවද?ඉතින් මිනිහගේ කටින්ම කියුනා නේ බෝම්බෙන් බේරිලා ජනපති උනේ ඔඑර කරුමෙකට කියල.හැබැයි මේ පට්ට මොදයෝන්ට වහලුන්ට තාමත් තේරෙන්නේ නැහැ.28 ක් හිටියට රටම ලොක් ඩවුන් කරන්න පුලුවන්ද කියපු එකා 100 ට නගින කොට දැන් ලොක් ඩවුන් නොවෙයි ඇඳිරි නිතිය.මුලදීම මකර කට වූ කටු නායක වහල දැම්ම නම් එක දවසක්වත් ඇඳිරිනීතිය දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

    • sena says:

      කවුද මේ පෘතුගිසිකාරයා මතකද තිස් අවුරැද්ක යුද්දය ඉවරකරපු විදිහ යහපාලනය සහරාන්ගෙන් කාපු විදිහ රිෂඩ් බදුද්දින් වාගෙ නරැමයො සතොසෙ හිටියානම් ලංකාවට වහාතමයි කන්න වෙන්නෙ

  6. හොර අගමැතිසහ225 says:

    චාන්දේ අවශ්‍ය නැ…! කරුණාකර අවුරුදු 5 කට කල් දාන්න………..!

    ඒ 225 මේ රටට කොහෙත්ම ඕන නැහැ !

    සල්ලි නාස්ති නොකර මිනිස්සුන්ට සේය්වය කරන්න…!

    දේශපාලනය – මැතිවරණ – දේශපාලකයෝ – පාර්ලිමෙන්තුව රටට අවශ්‍යම නැත. රටට අවශ්‍ය එක් සංවේදි නායකයෙක් පමණි.

    මේ වෙලාවේ රටේ තිබෙන මුදල් ඉතිරි කර ජනතාවට ආහාර-පානාදිය ලබා දී ඔව්න් හැකි තාක් නිවස තුල රඳවන්න. මැතිවරණයක් නොපැත්වීමෙන් සියලුම වියදම කෝටි 500 – 700ක් පමණ ඉතිරි කරගත හැක. රටේ ජනතාව කෝටි දෙකයි….!!!

    බහුතර ජනතාවගේ කැමැත්ත ඔය “හොර අගමැති” , සහ 225 ක් වූ පාර්ලිමේන්තු හොර නඩයත්, පලාත් සභා හොර නඩයත් දෙකම අහෝසි කිරීමයි..එසේ කිරීමෙන් මේ හොර නඩය නඩත්තු කිරීමට දිනකට වැය වන කෝටි ගනන් මුදල් සම්භාරය ඉතිරි කර විදේශ ණය සෑහෙන ප්‍රමාණයක් අඩු කර ගත හැකියි..

  7. හොර අගමැතිසහ225 says:

    ජනාධිපති යටතේ වැඩ කරන සීමිත ගනනකින් යුත් කැබිනට් මන්ඩලයක්, අමාත්‍යංශ ලේකම් වරු, පලාත් ලේකම් වරු සහ ගම් සභා ආදියෙන් යුක්ත සරල පද්ධතියකින් මේ පුංචි රට අඩු වියදමකින් පාලනය කර ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දිය හැක….!

  8. Srimahti Dias says:

    මහජන නියෝජිතයන් නිකරුනේ ගෙවන විශාල මුදලක් ඉතිරි වෙනවා.

    ජනාධිපති යටතේ වැඩ කරන සීමිත ගනනකින් යුත් කැබිනට් මන්ඩලයක්, අමාත්‍යංශ ලේකම් වරු, පලාත් ලේකම් වරු සහ ගම් සභා පද්ධතියකින් මේ රට අඩු වියදමකින් පාලනය කර ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දිය හැක

    චාන්දේ අවශ්‍ය නැ…! කරුණාකර අවුරුදු 5 කට කල් දාන්න………..!

    225 මේ රටට කොහෙත්ම ඕන නැහැ !

  9. Aruna says:

    Palaath sabhaa mulumaninma ahosi kota pradeshiya sabhaa shakthimath karanna. Janathaawani, meya kriyaathmaka karaveemata janapathi wataa pela gesemu.

  10. sena says:

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ දැක්මෙන් ජනතාවත් අරාක්ෂාකරගෙන ඔවුන්ගේ අවශයතාත් සපුරාදි කොරොනා වසංගතයත් මර්දනය කරගේන අතිසාර්ථකව කරගේන යනමේ මොහොතේ දැන් මහජනතවට තේරිමේන් ඉන්නෙ ඔය සුදු අලියෙක් වනපාර්ලිමේන්තුව මහජන මුදල් හා රටෙ මුදල් කාබාසිනියාකරන මේ රටට අනවශය බවයි
    විදුර වික්‍රමනායක මැතිතුමා පැවසු පරිදි මේය නිරොදනය රෝහලක් කරන්න
    නැත්නම් මහජනතාවගේ යහපත උදේසා මහා රෝහලක් කරන්න නැත්නම් මේය මාස තුනක් නොවෙයි දිගටම වසාදමන්න

Main News