කොරෝනා නිසා මෙතෙක් රටට පාඩුව බිලියන 1500ක්..

August 29, 2021 at 6:40 pm | lanka C news
කොරෝනා නිසා මෙතෙක් රටට පාඩුව බිලියන 1500ක්..

කොරෝනා වෛස ව්‍යාප්තිය හේතුවෙන් ගතවූ වසරක පමණ කාලයේ දී ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික හානිය රුපියල් බිලියන 1500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කරයි.

2020 මාර්තු මාසයේදී කොරෝනා වසංගතය මෙරට ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා ඒ සඳහා විවිධ වියදම් දරා තිබේ.

එන්නත් මිලදී ගැනීම, සහන සේවා, තාක්ෂණික සේවා සැපයීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තුව රජයේ නව වියදම් ලැයිස්තුවට එක් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

නමුත් ඊට සාපේක්ෂව රටේ ආර්ථික වර්ධනය අඩාල වී ඇති බවත් 2020වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 5%ක් වූ වුවද ලැබුණු ආර්ථික වර්දනය -4% වූ බවත් ඔහු කියා සිටියේය.

එම කාලයේ දී සංචාරක ආදායම් මෙන්ම සෙසු අපනයන ආදායම් මුලින් ලැබෙන ආදායම පහළ ගිය බවත් පෙන්වා දුන් ඔහු එම සියලූ තත්ත්වයන් මත කොරෝනා වසංගතය හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙතෙක් සිදු වූ හානිය රුපියල් බිලියන 1500ක් පමණ යයිද තව දුරටත් පැවසීය.

21,159 views

24 Comments to “කොරෝනා නිසා මෙතෙක් රටට පාඩුව බිලියන 1500ක්..”

  1. Jagath says:

    අපේ මහරජා ඔය ගාන හෙව්වේ බලයට ඇවිත් අවුරුදු දෙකකින් වගේ 😂.

  2. චන්ද දායක says:

    225 ක් යටිමඩි ගහන රටක් දියුණු වෙයිද ?

  3. Uddika Amarasinghe says:

    මුල සිටම දේශපාලන තීන්දු නොගෙන කටයුතු කලා නම් අද තිබෙන තැනට රට පත්නොවෙන බව සැමට තේරෙන සත්‍යයි.

  4. Chen Ching Hu says:

    Due to political decisions throwing medical opinion to the dustbin how many lakhs are suffering and how many paid by their lives. Talking bullshit. People’s lives are more valuable than rupees. All responsible will have to face retribution for the misery of the helpless.

  5. ගමේ මිනිහා says:

    කොරෝනා නොතිබුනානං උඹලා හොරාකාලා ඔය ආර්ථික පාඩුව බිලියන 2000ත් පැනලා එහෙනං.

  6. rocky says:

    E wunaata Aanduwe pakkalinta Kochchara mudalak Hamba kara ganna labunaada? Mun me “Wasangathe Sanwardanaya” karanneth e nisaama wennathi!

  7. 3% ට බය බයියා. says:

    මොල හතේ ලොක්කා ඇවිත් මාස 2කට කොච්චර විතර ලාභ ද ? සීනි වලින් කොච්චර විතර ලාභ ද මාෆියාව ට?ඇවන්ගාඩ් එකෙන් කාට ද ලාභ ?