කොරෝනා නිසා ලොතරැයි වෙලෙදුන් අසීරුවේ.. ලොතරැයි කුටි වල සුළු වෙලදාම්..

May 5, 2020 at 2:15 am | lanka C news
කොරෝනා නිසා ලොතරැයි වෙලෙදුන් අසීරුවේ.. ලොතරැයි කුටි වල සුළු වෙලදාම්..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමගම මාසයකට වැඩි කාලයක් සෞඛ්‍යය උපදෙස් මත දිවයින පුරා ලොතරැයිපත් අලෙවි කිරිම තාවකාලිකව මේ වන විට නතර කර ඇත.

දිවයින පුරා ලොතරැයිපත් අලෙවි කිරිමෙන් ලැබෙන කොමිස් මුදලින් විශාල පිරිසක් තම ජිවන උපාය සිදු කරගෙන ගිය අතර මාසයක පමණ කාලයක් ලොතරැයිපත් මුද්‍රණය නොකරන නිසා එම රැකියාවල නිරතව සිටි විශාල පිරිසක් මේ වන විට දැඩි අසරණ තත්ත්වයට පත් වි සිටි.

හැටන් නගරයේ ලොතරැයිපත් අලෙවි කල කුටිවල වෙනත් සුළු ව්‍යාපාර සිදු කරන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ලොතරැයිපත් අලෙවි කර ලැබෙන නොමිස් මුදලට වඩා තමන්ට සුළු අදායමක් පමණක් මෙවැනි සුළු ව්‍යාපාර සිදු කිරිම නිසා ලැබෙන බවයි ලොතරැයිපත් අලෙවි කල අය පවසන්නේ.

පවත්නා තත්ත්වය හමුවේ තමන් දැඩි ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජිවින උපාය සිදු කරගෙන යන බවයි හැටන් නගරයේ ලොතරැයිපත් අලෙවි කල අය පවසන්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

85 views

One Comment to “කොරෝනා නිසා ලොතරැයි වෙලෙදුන් අසීරුවේ.. ලොතරැයි කුටි වල සුළු වෙලදාම්..”

  1. SL says:

    ලංකාවේ වැඩිපුරම ඉන්නේ ත්‍රීවීල් දුවන යයි ,ලොතරැයි විකුණන අයයි,මේවා අයිස් ජොබ්. ,රටට ආදායමක් ගෙනෙන FACTORIES වල වැඩකරන්න කවුරුත් නැහැ .

    හැම රජයක් ම රජය ආදායම හොයන්න හදන්නේ ,අරක්කු වලින් ,සිගරට් වලින් ,ලොතරැයි,වාහන බදු වලින් ලැබෙන මුදලින්…………………..මේවා වෙනස්වියයුතුයි.

Main News