කොරෝනා නිසා විදුලි බිලට සහන.. ගැසට්ටුව නිකුත් වෙයි..

September 30, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා නිසා විදුලි බිලට සහන.. ගැසට්ටුව නිකුත් වෙයි..

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙයි. ඊට අදාල උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියළුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන තිබේ. මීට අදාල කැබිනට් පත්‍රිකාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අතර ඊට අනුමැතිය හිමිව තිබිණි. ඒ අනුව සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තඅ 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ. එම කාලය තුල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා 2020.09.02 වැනි දින ලංකා විදුලි බල මණ්ඩල සමාන්‍යාධිකාරිවරයා හා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වෙත දැනුම් දී ඇත්තේ අදාල සහනය සැලසීමට වහාම පියවර ගන්නා ලෙසය. ඒ අනුව මෙම සහන ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලයෙ සියලුම කාර්යාල දැනුවත් කර කල බව විදුලි බල මණ්ඩලය අමාත්‍යංශ ලේකම්වරයා තමන් දැනුවත් කර ඇතැයි ඇමතිවරයා කියයි.

– ප්‍රදීප් අනුර කුමාර

27,278 views

2 Comments to “කොරෝනා නිසා විදුලි බිලට සහන.. ගැසට්ටුව නිකුත් වෙයි..”

  1. Justice for doctors says:

    ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමනි ගරු විමල් වීරවන්ශ ඇමති තුමනි. ඔබතුමන්ලාගේ අවධානයට ලක්විය යුතු ප්‍රශ්නයක් මෙහි සදහන් කරමු. ශ්‍රීලංකා වෙද්‍යසභාව මගින් රුසියාවේ විශ්ව විද්‍යාල නීතිවිරෝදීලෙසත් අත්තනෝමතික ලෙසත් ඉවත්කර ඇතිබවට කණගාටුවෙන් දැනුම් දෙමු. එම විශ්ව විද්‍යාලවලින් ශිෂ්‍යත්ව සදහා යැමට සිටි සිසුන්ගේ ජීවිත කාලකණ්නිකරමින් කර ඇති මේ ක්‍රියාදාමයේ පිටුපස ඇත්තේ ජීඑම් ඔ ඒ නම් ත්‍රස්තවාදී ව්‍රර්තීය සමිතියයි. හේතුවනම් කුහකකම් ඊර්ශ්‍යාව පලිගැනීම මිසක් අන්කිසිවක් නොවේ. තවකෙක් ඉගෙනගන්නවා දැකීම මොවුන්ට ඇහේ කටු අනිනවා වැනිය. මොවුන් පසුගියකාලයේ බාදාකලේ වෙද්‍ය අද්‍යපනය පමනක් නොවේ සමසෞඛ්‍ය ශිෂ්‍ය ගේ අද්‍යාපනයටද අකුල්හෙලුවේය. පසුගිය දිනෙක ජනාදිපතිතුමා සහභාගීවූ Good Intern program එකෙන්ද විදේශ වෙද්‍ය උපාදීදාරීන්ට දැඩි අසාදාරණයක් විය. සුදුසුකම් ලත් ව්දේශ වෙද්‍ය උපාදිදාරීන්ට විභාගය නොපවත්වා ලංකාවේ වෙද්‍යපීට වල ශිෂ්‍යයන් පමනක් බදවාගැනීමේ ජඩ උත්සාහයකි. දැනටමත් රුසියානු රජය විශ්ව විද්‍යාල ඉවත් කිරීම ගැන අප්‍රසාදය පලකර ඇතිබව ඔබතුමාන්ලාට දැනගන්නට ලැබී ඇත. මේ ප්‍රශ්නය තවදුරත් වර්ධනයවීමට නොදී ඔබතුමන්ලා මැදිහත්වී අවශ්‍යපියවර ගන්නාලෙස රුසියාවේ මිතුරන්වන ඔබලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. පසුගියරජය සමයේ ඇතිවූ තේ ප්‍රශ්නය මෙන් ඔබගේ රජය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවලට ලක්නොවිය යුතුබව අපගේ හැගීමයි.

  2. senanayake says:

    if we start private medical colleges with international standards and exams be evaluatted by medical council we can produce good doctors here. no need to send big money to russia. GOMA doesnt let this happen for their owwn benefit. and also they block professional progress of all other health workers. this is sheer jealousy. pls look at other countries wwhere other professions get the equal credit. doctors are not gods they just do their job but mosstly they are giving us a gradual death and sales rep of medicine companies

Main News