කොරෝනා නිසා ශ‍්‍රීපාද මළුව පාළුවට යයි..

March 16, 2020 at 6:26 am | lanka C news
කොරෝනා නිසා ශ‍්‍රීපාද මළුව පාළුවට යයි..

කොරෝනා රෝග අවධානමත් සමග ගත වු සති අන්තය තුල හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ පැමිණිම සැලකිය යුතු ලෙස අඩු වි ඇත.

එම අවධානමද නොතකා සති අන්තයේ දිවියිනේ විවිධ ප්‍රදේශවල සිට තරුණ තරුණියන් කිහිපදෙනෙකු රැගත් වන්දනා නඩ කිහිපයක් පමණක් පැමිණි බවයි නල්ලතන්නිය නගරවාසින් කියා සිටියේ.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට වන්දනාකරුවන්ට දැත් පිරිසිදුව සෝදා ගැනිම සදහා වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලතනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ශ්‍රි පාද රක්ෂිතයේ සිට මවුස්සාකැලේ ජලාශය දක්වා ජලය ලබා බසිනා සිතගගුලේ ජල මට්ටමද සැලකිය යුතු ලෙස පහල වැටි ඇති  නිසා මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමද සිඝ්‍රයෙන් පහල බසිමින් පවති.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

25,542 Viewers

5 Comments to “කොරෝනා නිසා ශ‍්‍රීපාද මළුව පාළුවට යයි..”

  1. රොහාන් says:

    මක්කම හිස්වුනාම ඉස්ලාම් ආගමේ මිනිස්සුන්ට කෝචෝක් දාන බෞද්ධයින් දැන් මොනවද කියන්නේ?

    අර දළදා මාලිගාව වන්දින්ඩ යන කට්ටියත් ෆේස් මාස්ක් දාගෙන යන්නේ.

    ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රකින්නේ නැහැ නේ.

    • Sinha says:

      Thamuse hithanne Dalada maligawata yana, Siripade wandina aya okkoma dharmaye hasirenawa kiyalada ?
      Maaara molayakne ooyi thamuseta thiyenne !!!!!

      • රොහාන් says:

        ඉතින් දර්මයේ හැසිරෙනවනං සිරිපාදේ යන්ඩ පුළුවන්නේ, ෆේස් මාස්ක් දන්නේ නැතුව දළදා මාලිගාවට යන්ඩ පුලුවන්නේ.

        ඔහෙගම තර්කෙට අනුව දළදා මාලිගාවට ෆේස් මාස්ක් දාගනේ යන්නේ දර්මයේ හැසිරෙන්නේ නැති මිනිස්සු.

  2. Nish says:

    ඇති යන්තම් මොලේ තිබිලා

  3. SUMEDHA SENANAYAKE says:

    AHDEMUSPEAKING HERE I AM ALLALONE SUNMEDHA SS C EY SIR IS $ ME AIR XI EY LOANED DHEEDXIPEARTHLS

Main News