කොරෝනා නිසා සිරවී සිටින විදෙස්ගත සියළු ලාංකිකයන් වෙනුවෙන් වැඩපිලිවෙලක්..

April 14, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා නිසා සිරවී සිටින විදෙස්ගත සියළු ලාංකිකයන් වෙනුවෙන් වැඩපිලිවෙලක්..

කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ. ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මගින් (Workers Welfare Fund) වෙන්කොට ඇති ප්‍රතිපාදන භාවිතාකර වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දී තිබේ.

එම විදේශ දූත මණ්ඩල 16 ක පිහිටි කම්කරු සුභසාධන අංශ අතර අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන් අයත්වේ. එසේම මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව හා සිංගප්පූරුවද ඊට අයත්වේ.

මෙයට අමතරව කම්කරු සුබසාධන අරමුදල තවත් ශක්තිමත් කිරිම සදහා, විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගත් තීරණයකට අනුව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා හා කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ තවත් රුපියල් මිලියන අටක (මිලියන 8) ප්‍රතිපාදන අදාල විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත වහාම ලබාදෙන ලෙසය. එමගින් මෙම වසංගත තත්වය මත විගමණික ශ්‍රමිකයින්ගේ දැනට පවතින නීතිමය තත්වය නොසලකා සහන ලබා දීමට කටයුතු කරන ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24/7 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනිමට පහසුකම් සලසා ඇති අතර එමගින් ලබාගත් තොරතුරු අදාල ශ්‍රමිකයින් සිටින රටවල තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ වෙත යොමු කොට විසදුම් ලබාදෙමින් තිබේ. වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය වියලි ආහාර ලබාදීම සඳහා කම්කරු අංශ නිලධාරින්, විදේශ දූත මණ්ඩල නිලධාරින්,විවිධ සංවිධාන හා පරිත්‍යාගශීලීන් එක්ව කටයුතු කිරිම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

වසංගත තත්වයෙන් පීඩාවට පත්වී සිටින විගමණික ශ්‍රමිකයින්ට සහන සැලසිම සදහා පහත ක්‍රියාමාර්ගද ගෙන තිබේ.

කොවිඩ් 19 වෛයිරසයෙන් විගමණික ශ්‍රමිකයින් ආරක්ෂා කිරිම සඳහා මුඛ ආවරණ, අත් සේදුම්කාරක ඇතුළු පිරිසිදු කිරිමේ ද්‍රව්‍ය ලබාදීමට විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු අංශ මගින් කටයුතු කර තිබේ.

ශ්‍රි ලංකාවේ විශේෂඥ වෛද්‍යවරයකු සමග පැවැත්වු සම්මුඛ සාකච්ඡා මාලාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුහුණුපොත ( Face book ) හරහා ප්‍රචාරය කිරිම මගින් විගමණික ශ්‍රමිකයිට වෛයිරසයෙන් ආරක්ෂා විමට ගත හැකි උපදෙස් ලබාදී ඇත.

විදේශ දූත මණ්ඩලවල පිහිටි කම්කරු අංශයන්හි ක්ෂණික ඇමතුම් අංක හදුන්වාදීම මගින් විගමණික ශ්‍රමිකයින්ට වෛයිරසයෙන් ආරක්ෂා විමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.
සියලුම කම්කරු අංශ නිලධාරින් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරින් සම්බන්ධවන පැය 24 පුරා ක්‍රියාත්මක වට්ස්ඇප් සමුහ කණ්ඩායමක් ( whatsApp Group ) ආරම්භකර එමගින් තොරතුරු ලබාගැනීම, පැමිණිලි ලබාගැනිම හා සන්නිවේදනය කිරිම සාර්ථකව සිදුකිරිම නිසා ශ්‍රමිකයින්ගේ ගැටළු රැසකට ක්ෂණිකව විසඳුම් ලබාදී ඇත.
ෂීසෙල් හී අතරමංවී සිටි විගමණික ශ්‍රමිකයකු සඳහා අඛණ්ඩව අවශ්‍ය මූල්‍ය පහසුකම් තානාපති කාර්යාලය හරහා දීමට කටයුතු කරන ලදී. ජපන් නෞකාවකින් ඉන්දියාවේ චෙන්නායි හරහා පැමිණි ශ්‍රමිකයකුට ගුවන් ටිකට්පත ලබාදී ඇත.

විගමණික ශ්‍රමිකයින්ට ලබාදිම සදහා මුඛ ආවරණ 5000 ක් කොරියානු තානාපති කාර්යාලයට ලබාදි ඇත.

– කල්‍යාණප්‍රිය රාමනායක

338 views

10 Comments to “කොරෝනා නිසා සිරවී සිටින විදෙස්ගත සියළු ලාංකිකයන් වෙනුවෙන් වැඩපිලිවෙලක්..”

  1. Anti corona says:

    රජයේ ඉතා හොඳ තීරණක්..ඔවුන් අපේ රටේ අපේ මිනිස්සු…මේක ඒ ගොල්ලන්ගෙත් රට….හැබැයි මේ වැඩේ හරි ක්‍රමයකට සිද්දවෙන්ඩ ඔනේ….ජය වේවා….

  2. Aurora says:

    මුළු ලෝකෙම කොරෝනා රෝගීන් සුවපත්වීම මාර්තු 24 දින වන විට 26.8% වූ අතර අප්‍රේල් 14 දින දක්වා දින 21 ගතවනවිට රෝගීන් සුවපත්වීම 23.5% දක්වා 3.3% කින් අඩුවිය. නමුත් ශ්‍රී ලංකාව තුල රෝගීන් සුවපත්වීම මාර්තු 24 දින වන විට 2.1% වූ අතර අප්‍රේල් 14 දින දක්වා දින 21 ගතවනවිට රෝගීන් සුවපත්වීම 25.7 % දක්වා 23.6 % කින් වැඩි විය. (coronavairusupdate web පිටුව අනුව) මෙම ප්‍රතිශත ගණනය ඉතාමත්ම සරල වූවක් වන අතර යම් යම් සාධක පිළිබඳව සලකා නැත. එසේ වුවද සමස්ථයක් ලෙස සලක බලනකල වෙනත් රටක සිටිනවාට වඩා තම මව් රට වන අපේ ශ්‍රී ලංකාව සුරක්ෂිතය. එමෙන්ම පිටරට සිට පැමිණෙන සහෝදර ජනතාව වගකීම් සහිතව හසුරුනොත් දැනට රටින්පිට හිරවී සිටින සහෝදර ජනතාව මෙරටට පිළිගැනීමට සියළු දෙනාම එක්වනු ඇත. නැතිනම් යම් විරෝධතාවයන් වලට හා අපහසුතාවයන්ට මූහුණ දීමට සිදුවනු ඇත.

    • ඇම්ඩන් says:

      මේ වැල් වටාරම් වලින් වැඩක් නැහැ. ඉක්මනට ඡන්දෙට ගිහින් තුනෙන් දෙක ගන්න පුළුවන් දා කියන එක තමයි දැන් වැදගත්.

  3. Tony says:

    Italy, Korea walin aapu kattiyata ballanta wage salakuwe?munta appe wedasa vinimaya vitara ona

  4. වචනයෙන් කියා නිම කළ නොහැකි, රජයේ තවත් සද් කාර්‍යයකි.. මෙබදු යහපත් චේතනා වලින්, මුලු රටටම සෙත සැලසේ..

  5. Don Mada peradiga says:

    Api gewagena ennam. Api mehe hamba karanawa. Self quarantine wada piliwelak hadanawa Nam honday.

  6. sunimal says:

    මේ අය නැවත වහල් සේවයට නොයවන්න රැකියාවල් පුහුණු කර අපේ රටේ දියුණුව සදහා මේ අයගෙන් ශ්‍රමය යොදාගන්න.

    • saman says:

      හැමෝම වහල් සේවයට යන මිනිස්සු නෙවේ රට ඉන්නෙ. අපේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නෙ පටු විදියට. මිනිස්සු කොච්චර පිටරට යනවද විවිධ හේතු වලට. ඇත්තටම සමහරු රටට කීර්තියක් ගේනවා, සමහරු විදේශ විනිමය ගේනවා, … හැමෝම ගිහින් toilet හෝදන්න ‍යනවා නෙවේ. ඒගියත් මොකද ඒ මිනිස්සු කාටවත් කරදරයක් කරනවාද ?

      රටේ වගකීම රට ඇතුලෙ ඉන්න මිනිස්සු විතරක් නෙවේ. හරි වැඩපිලිවෙලක් තියෙන්න ඕනි ඒ අයා රටට ගේන්න. ඒක වගකීමක් බව හැමෝම තෙරුම් ගන්න ඕනි. විදෙශ විනිමය ගෙන්නයි, චන්දේ දෙන්නයි, රට අමාරුවෙ වැටුනම උදවු කරන්නයි විතරද ඒ මිනිස්සු ඉන්නෙ. ටිකක් හිතන්න ….

  7. Saman says:

    Pitaratawal wala lankawe minissu wiwida weda rajakari karamin sitinaathara eminissu ratata genwagenima kageth yuthukamak. Mokada eyalatath anith minisunta wagema me rate inna aithiya thiyenawa. Samahara minisunge comments dekkama hari kanagatui benala thiyena widiyata. Apita eyala oni chande gannai widesha winimaya gannai witharada? Sitha balanna.

Main News