කොරෝනා නීති කඩන බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගුයි..

February 28, 2021 at 8:40 am | lanka C news
කොරෝනා නීති කඩන බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගුයි..

කොවිඩ් 19 සංගත තත්ත්වය දඩමීමා කර ගනිමින් නිසි අයුරින් මගි ජනතාවට සේවයක් වන ආකාරයට බස්රථ ධාවනය නොකරන බස්නාහිර පළාතේ බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගු කර වෙනත් පිරිසකට එම බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා අලුත්ගමදී පැවසීය .

මේ වන විට බස්නාහිර පළාතේ බස්රථ බොහොමයක් ඇඟලුම් සේවක සේවිකාවන් සහ කාර්යාල සේවා ප්‍රවාහනයට යොදවා ඇති අතර පෙරවරුවේ එම කාර්යය නිම කර අනතුරුව මගිප්‍රවාහන ප්‍රවාහනයට බස්රථ යොදවන බවත් එම හේතුවෙන් මගි ජනතාව දැඩි අපහසුවට පත්වන බැවින් මෙම තීරණය ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බව සංජීව මහතා පවසයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

2,596 views

2 Comments to “කොරෝනා නීති කඩන බස් රථවල මාර්ග බලපත්‍ර අවලංගුයි..”

  1. Madu parasad says:

    යකො බස්නාහිර විතරද එහෙම ගියාහාම කොරොනා බො වෙන්නේ

  2. පොඩි මල්ලි says:

    දැන් ද මතක් උනේ..මුන් බස් ගාස්තුව වැඩි කරලා පොල් පටවලා වගේ සෙනගත් දාගෙන යනවා..පොලිසිය ඔහේ ඉන්නවා. උදේට 154,138 බස් ටික බලුවනම් තේරෙයි. කතාකරලා වැඩක් නෑ

Main News