කොරෝනා නීති කඩමින් පැවැත්වූ ටියුෂන් පන්තියක් නවතා දමයි..

April 25, 2021 at 8:40 am | lanka C news
කොරෝනා නීති කඩමින් පැවැත්වූ ටියුෂන් පන්තියක් නවතා දමයි..

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දැඩි අවධානම හේතුවෙන් සෞඛ්‍යය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් වලට පටහැනිව හැටන් කොටගල ප්‍රදේශයේ (24) දින පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් නතර කිරිමට හැටන් කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් කර ඇති අතර, එම උපදෙස් වල උපකාර පන්ති පවත්වාගෙන යාම සපුරා තහනම් බවටද සදහන් කර ඇති බවයි කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා කියා සිටියේ.

උපකාරක පන්ති වෙත ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා උපකාරක පන්ති පවත්වාගෙන ගිය ගුරුවරුන් හමුවේ එම උපදෙස් පත්‍රිකාව කියවා තේරුම් කර දිමෙන් අනතුරුව බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් ආපසු නිවාස කරා යැවිමට එම ගුරුවරුන් කටයුතු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,999 views

4 Comments to “කොරෝනා නීති කඩමින් පැවැත්වූ ටියුෂන් පන්තියක් නවතා දමයි..”

  1. බලකාය නිල් says:

    උදේ ,හවස කාර්යාල දුම්රිය දැක්කාම ඕවා මෝඩ වැඩ.

  2. මේ පාර නම් එපා says:

    ලවුඩ්ස්පීකර් මහ හයියෙන් දමාගෙන අවට පදිංචිකරුවන්ට වද දෙන පන්සල් , පල්ලි , කෝවිල් වලට මේ නීති අදාළ නැහැ

  3. sunimal says:

    රජයේ පාසල්වල විශ්ව විද්දීයාවල්වල හරියට ගන්න වැටුපට දරුවන්ට උගන්වනවා නම් මේ පංති මොන බම්බුවටද?

  4. saaki says:

    ey tution walata witharak wenama neethiyak. Bus wala, school wala, pera paasal wala 100 ta 50 k puluwannam? me ratey tution karala jeewatwana pirisakuth innawa

Main News