කොරෝනා නීති කඩා කොවිල් උත්සවයක් මහ ඉහලින්..

November 11, 2021 at 6:20 am | lanka C news
කොරෝනා නීති කඩා කොවිල් උත්සවයක් මහ ඉහලින්..

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරයේ පිහිටි හින්දු කොවිලක වාර්ෂික ආගමික උත්සවය (10) දින තලවකැලේ නගර මධ්‍යයේදි සිදු කෙරිණ.

හින්දු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත් වු අතර , එම උත්සවය පැවැත්විමට සෞඛ්‍ය අංශයෙන් කොවිල් පාලක සභාව විසින් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවට පැවසේ.

තලවකැලේ ප්‍රදේශයෙන් පසුගිය දිනවල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමු වු අතර , කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් තලවකැලේ ප්‍රදේශයේ විශාල පිරිසක් මියගොස් ඇති බවයි සෞඛය අංශ නිලධාරින් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,586 views

3 Comments to “කොරෝනා නීති කඩා කොවිල් උත්සවයක් මහ ඉහලින්..”

  1. එක රටක් ! එක නීතියක් ! කෝ ? says:

    ලවුඩ්ස්පීකර් මහ හයියෙන් දමාගෙන පන්සල්වල කඨින පිංකම් සෙනග රැස් කරගෙන තියන්න හොඳයිද ? එව්වගෙන් කොරෝනා බෝ වෙන්නෙ නැතිද ?

    • LION says:

      කොරෝනා දරුණු අවස්ථාවේ රාජපක්ෂ තොණ්ඩමන්ගේ අවමංගල උත්සවයට දේහය සහිත මිනීපෙට්ටිය ඉන්දියන් කොඩියෙන් සරසා දුන් රාජ්‍ය ගෞරව නිසා දැන් තේ වතු දමිලයින් ඉන්නේ ඉන්දියාවේ ප්‍රන්තයක,කියලලු සිතන්නේ ..තේවතු දමිලයින් පිළිපදින්නේ ඉන්දියන් නීති ලු …..තොණ්ඩමන්ගේ පුතා අශ්වයාගේ පිටේ නැගලා කොරෝනා දරුණු අවස්ථාවේ තේවතු දමිලයින් පිරිවරාගෙන අවමංගල උත්සව පවත්තපු එකේ මේ මොනවාද ? තිරුපති හින්දු කෝවිල් වදින අපේ පාලකයෝ මේවට හරි කැමතිලු ..සිංහලයෙනි ,සුළු ජාතින් උබලගේ ඔළුවට අත සෝදන කම් නිවටයෝ වගේ බලා සිටපියව්

      • gadol says:

        එක රටක එක නීතියක් කෙසේ වෙතත් දැන් සිංහල මාතෘ භුමියේ සුළුජාතීන්ගේ නීති දැන් ක්‍රියාත්මකයි ලගදීම චීන නීතියත් එයි