කොරෝනා නීති කඩා බම්බලපිටියේ සුපිරි සාදයක්.. පොලිසිය පනී… නිරූපණ ශිල්පිනියන් 7ක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට…

May 5, 2021 at 10:00 am | lanka C news
කොරෝනා නීති කඩා බම්බලපිටියේ සුපිරි සාදයක්.. පොලිසිය පනී… නිරූපණ ශිල්පිනියන් 7ක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට…

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාති‍්‍ර සමාජ ශාලාවක පවත්වාගෙන ගිය සුපිරි සාදයක් වැටලූ පිටකොටුව පොලිසිය සුරූපී නිරූපණ ශිල්පිනියන් හත්දෙනකු ඇතුළු 25 දෙනකු 3 දා රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී මෙම සුපිරි සාදයට පැමිණ නිරෝධයන නීති උල්ලංඝනය කළ සුරූපිනියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි විය.

කොරෝනා වෛරසය තදින් කි‍්‍රයාත්මක වෙමින් පැවතීම නිසා රාති‍්‍ර සමාජ ශාලා, පි‍්‍රය සම්භාෂණ උත්සව ඇතුළු සියලූම සාද නතර කරන ලෙස පොලිසිය උපදෙස් දී තිබිණි.

පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වෙන සාද උත්සව සමාජ ශාලා වැටලීමේ මෙහෙයුම් දිගටම කි‍්‍රයාත්මක කරගෙන යන බව මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

– divaina

50,051 views

4 Comments to “කොරෝනා නීති කඩා බම්බලපිටියේ සුපිරි සාදයක්.. පොලිසිය පනී… නිරූපණ ශිල්පිනියන් 7ක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට…”

  1. lockdown says:

    bambalapitiya policiya mokada karala tiyenne?

  2. Hora Gudda says:

    Lankawe inna motta, meeharak, thuttu deke, puss labu, Nirupana shilpiyoi, Rangana shilpioi, Tele natya shilpioi, Chitrapate shilpioi, Ruparajini karayoi, mun okkoma, apr issara wedagath Nambukara Lankawa ehemapitinma, kakkkusi walak karala awasanai. Oya thathwayata wagakiyanda one, kalakanni, muspenthu, bankoloth, hora, thakkadi, desha drohi, Lankawe Okkoma deshapalana pakshai, muspenthu Deshapaluwoi thamai.

  3. sunimal says:

    අසරණභාවයට පත්ව ඇති මෙවන් මොහොතකදී පවා, නැවගිලුනත් බෑන් චූන්. මුන්ට හොද දඩුවමක් දිය යුතුමයි.

  4. සෙරෙප්පු සුප් says:

    කොරෝනා නීති කඩා සුපිරි සාදයක්?සුරූපිනියන් කිහිප දෙනෙකු අත් අඩංගුවට.කොරෝනා නීති කඩා ලොක් ඩවුන් ඉවතට.කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැති අතර සැකකරුවන් පලා ගොස් ඇත​. තමාගේ ඔලුව බේරා ගන්නට හෙල්මට් නොපලඳින උන්ට මුව ආවරණ නොපැළඳි නිසා අවවාද?සංචරණ සීමා ජාත්‍යන්තර නීතියට බල නොපාන බව නොකී නිසා ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙරටට. කේරලයෙන් ගව මුත්‍ර ආනයනයට සැලසුම්.3%ක් ඒ සඳහා වෙන් කරන බවට රතු එළියක්.අවුරුදු පොකුරෙන් අනු පොකුරු.වස විස නැති රටක් හදන්නට රසායනික පොහොර සීමා කෙරෙයි.පොහොර ඉල්ලා ඊබ්‍රාහිම්වාදීන් අරගලයක.

Main News