කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..

January 20, 2022 at 6:20 am | lanka C news
කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..

සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි.

කෙසේ නමුත් අදාල දේව පූජාව වෙනුවෙන් සහභාගී වූ සියලු බැතිමතුන් සමාජ දුරස්ත භාවය, මුඛාවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර කිසිවක් අනුගමනය නොකරමින් මෙම දේව පූජාවට සහභාගී වීම පිළිබඳව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

විශාල දේව මණ්ඩපයක් විශාල කඹ යොදා ගෙන බැතිමතුන් විසින් මණ්ඩපය ඇදීම මෙහෙදී සිදුකෙරෙන අතර මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වුවද සියලුම බැතිමතුන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගනය නොකරමින් මෙම අවස්ථාවට සහභාගී වීම මගින් දැඩි කොරෝණා අවධානමක් මතුවන බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,236 views

7 Comments to “කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..”

  1. Udaya says:

    කොවිලට විතරක් ඇයි…
    සිරීපාදේට

  2. චන්ද දායක says:

    ශ්‍රී පාද වන්දනාව ?
    පෝර්ට් සිටී ?
    ගෝල් ෆේස් ?
    කලම්බො සිටි සෙන්ටර් ?
    වන් ගෝල් ෆේස් ?
    බස් ?
    කෝච්චි ?

  3. Asanka Thilakarathna says:

    කොරෝනා නීති තිබ්බෙ කොහෙද කියපන්කෝ…

  4. ඇයි කූරගල ඉපු සෙනඟ මාස්ක් ලෙෆ්ට්

  5. Lasantha says:

    ශ්‍රී පාදස්ථානය,කූරගල,පෝර්ට් සිටියෙ නම් එහෙම නෑ..සමාජ දුරස්ථ භාවය උපරිමයි….

  6. sunimal says:

    මුන් ඉල්ලන් කන්න යන්නේ.