කොරෝනා නොතකා අදත් නුවරඑලියට මහ පිරිසක්.. නගර සභාව වසන්ත සැණකෙලියක් පවත්වයි…

April 25, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා නොතකා අදත් නුවරඑලියට මහ පිරිසක්.. නගර සභාව වසන්ත සැණකෙලියක් පවත්වයි…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා (25) දිනයෙත් දිවයිනේ විවිධ  ප්‍රදේශවල සිටි සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර ඇති වසන්ත සැණකෙලියට සමගාමිව සංචාරකයන් පිරිස පැමිණ සිටිහ.

නුවරඑලිය ග්‍රෙගරි වැව අසන්නයේ 4*4 ජිප් රථ තරගාවලිය පැවති අතර, එම තරගාවලිය නැරඹිමටද විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටිය අතර එසෙ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් විනෝද වන අයුරු අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය නගරයේ සියළුම සංචාරක නිකේතන වල සංචාරකයන්ගෙන් පිරි ඇති බවයි නුවරඑලිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,022 views

16 Comments to “කොරෝනා නොතකා අදත් නුවරඑලියට මහ පිරිසක්.. නගර සභාව වසන්ත සැණකෙලියක් පවත්වයි…”

  1. Podday says:

    Why local government of Nuwara Eliya promote and conduct Selalihini wasanthaya? It is in any other country? No law on them?

  2. පුරවැසියා says:

    බයියන්ට පැණිය.ටොයියන්ට පැකනිල්.
    ජෙප්පන්ට කේරළ ගව මූත්‍රා.. මාක්ස්වාදී ජෙප්පට මැදමුලන මලමූත්‍රා.
    අපට එන්නත…දැන් ෂැපද ??

  3. Nishantha says:

    If it is organized by Nuwaeliya Municipal council, is it not in Sri Lanka..? Just blaming innocent people but high class moneyed people having fun and spending Covid. Schools are going to be closed, universities are closed, look farmers will be helpless, but hotel owners are well off.. Pathetic.

Main News