කොරෝනා නොතකා අදත් නුවරඑලියට මහ පිරිසක්.. නගර සභාව වසන්ත සැණකෙලියක් පවත්වයි…

April 25, 2021 at 4:40 pm | lanka C news
කොරෝනා නොතකා අදත් නුවරඑලියට මහ පිරිසක්.. නගර සභාව වසන්ත සැණකෙලියක් පවත්වයි…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා (25) දිනයෙත් දිවයිනේ විවිධ  ප්‍රදේශවල සිටි සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර ඇති වසන්ත සැණකෙලියට සමගාමිව සංචාරකයන් පිරිස පැමිණ සිටිහ.

නුවරඑලිය ග්‍රෙගරි වැව අසන්නයේ 4*4 ජිප් රථ තරගාවලිය පැවති අතර, එම තරගාවලිය නැරඹිමටද විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටිය අතර එසෙ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් විනෝද වන අයුරු අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය නගරයේ සියළුම සංචාරක නිකේතන වල සංචාරකයන්ගෙන් පිරි ඇති බවයි නුවරඑලිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,110 views

16 Comments to “කොරෝනා නොතකා අදත් නුවරඑලියට මහ පිරිසක්.. නගර සභාව වසන්ත සැණකෙලියක් පවත්වයි…”

  1. මනූෂ නානා says:

    ඉන්න තැන් වලම දින 14 ක් නිරෝධායනය කරන්න

  2. sunimal says:

    මේ වගේ බුරුවන් පිරිසක් අපේ රටේ ඉන්නකන් රටට අනාගතයක් නැත. සත්තුවත්තේ ඉන්න සත්තු ටික එලියට අරගන මුන් ටික ඇතුලට දාමු. මොලේ පැදෙන්න.

  3. එන්නතා.. says:

    එන්නත් විද ජනතාවට විනකටින උන්ගේ කැමැත්ත…

  4. saman says:

    සෞඛ්‍ය නීති රීති නොසලකා හරිමින් හිතුමතයේ ක්‍රියා කිරීම නිසා. මෙසේ මෙය පැතිර යන බව ප්‍රකටය. යුධ හමුදාපතිවරයාගේ මැදිහත් නොවූයේ නම්, සමාජ තත්වය මෙයට වඩා බරපතලවීමට තිබුණි. හමුදාව මෙම සෞඛ්‍යාරක්‍ෂ පාලනය සඳහා යොදවා ගැනීම පිළිබඳව විපක්‍ෂයේ මුග්ධ දේශපාලකයන් විවිධාකාරයේ විවේචන දක්වා තිබුණි. ඒවා පුහුතර්ක බව ඔප්පුවූයේ යුධ හමුදාවේ අගනා නිහඬ සේවය නිසාය.

  5. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    නුවරඑලිය නගර සබාව ඉදල ඉදල පෝට්ටු බයි රැල අතට ගියාම මෙහෙම මීහරක් වැඩ වෙනව.

  6. Sirimal says:

    Who organised these. State institutions in the area. When permission is not granted for a wedding unless with a very minimum participation how are state institutions organizing massive gatherings. Legal action against the organisers under quarantine laws should be taken. Under these circumstances the government is directly responsible for the spread of the disease.

  7. සංවිධාකයන්ගේ නොවේද වරද ?

  8. Love nature says:

    මේ අති භයානක කොරෝනා රෝගයෙන් ගැලවීමට ඔබට ඇති එකම ක්‍රමය රජයේ වෛද්‍ය උපදෙස් සියට සීයක්ම පිළිපදිමින් හැකිතාක් දුරට ගෙදරටම වී සිටීම පමණි.

  9. donkuma says:

    ලංකාවේ කොහොමත් ඉන්නේ නුගත් මෝඩ හැත්තක් එක්කෝ කුඩු වලින් සල්ලි හම්බ කරපු උන් නැත්නම් මෝඩ මන්ත්රිලාගේ අවාරෙට හෙන ගැහුව්වා වාදාපු කමකට නැති හරක් පැටවූ ඉතින් මුන්ට මේවා තේරෙන්නේ නැහැ මේ කාලකන්නි රටම කනවා

  10. sumudu says:

    අරලිය මුදලාලි දොඩම්පේ ගමගේ ඔඩොක්කුවේ තියං ෆයි ස්ටාර් කාමර හයසීයක් එක්ක තට්ටු හතේ හෝටල් තුනක් හැදුවේ ඕකට තමා .

    • raja says:

      නුවර එළියේ වැඩිපුරම රජයේ ඉඩම් හොරෙන් අල්ලන්නේ ඔය දොඩම්පෙගම්ගේ