කොරෝනා නොතකා යාපනේ කෝවිලක මහා උත්සවයක්.. මහ සෙනගක්..

April 28, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා නොතකා යාපනේ කෝවිලක මහා උත්සවයක්.. මහ සෙනගක්..

යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ පැවති වාර්ෂික තේරු උත්සවය නිරෝධායන නීති උල්ලංඝනය කොට පැවත්වීම හේතුවෙන් කෝවිලේ පාලක සබාවේ සභාපති සහ ලේකම් ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ වාර්සික තේරු උත්සවය පසුගිය 25 වනදා පැවති අතර ඒ සඳහා සහභාගී වූ බොහෝ බැතිමතුන් පිරිසක් මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ භාවය තබා නොගෙන නිරෝධායන නීති උල්ලංගනය කරමින් දේව මෙහෙයන්ට පැවත්වීම හේතුවෙන් මෙලෙස කෝවිලේ සබාපතිවරයා සහ ලේකම් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දේව මෙහෙයන් වෙනුවෙන් බැතිමතුන් 50 කට පමණ සීමා කරන ලෙසට දැනුම් දී තිබුනද තේරු උත්සවය වෙනුවෙන් 500 කට අධික පිරිසක සහභාගී වීමත් මේ වන විට යාපනයේ දැඩි කොරෝනා ව්‍යාප්ත වීමේ අවධානමක් පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වගකීමකින් තොරව කෝවිල් උත්සවය සංවිධානය කොට ඇතැයි යාපනයේ සෞක්‍ය නිලධාරීන් චෝදනා කොට සිටිති.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් කෝවිලේ සභාපතිවරයා සහ ලේකම් වරයා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,056 views

9 Comments to “කොරෝනා නොතකා යාපනේ කෝවිලක මහා උත්සවයක්.. මහ සෙනගක්..”

  1. GU-VP-NGO PRIVET LIMITED says:

    RATATAMA KELAWEWA
    APTA NIKAN IDAGENA KAGAHANAWATA – $$$$$$$$$$$
    APE RED STAR EKA PINDIA YAWALA SURA PURAYAK KARANAWA GAWA HUJJA POWALA

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    උතුර දකුණ නැගෙනහිර කියල වෙනසක් නෑ මිත්‍යා විශ්වාස අන්ධ භක්තිය බොරු ජාති ආගම් ආලය පෙන්නා චන්දෙ කොටා ගන්නා කපටි දේසපාලුවන්ට හසු වීම පොදු සාධකයක්.ඉන්දියාව අද කොරෝනා වලින් බැට කන්නෙත් මේ කාරණා නිසා.ඔක්කොම උතුරු දකුණු බයියො මොළයක් ඇතුව ඉපදෙන තුරු ඔහොමයි.

  3. Sanika says:

    සැර් මෙිවගේ උන් ආයුද පෙන්නන්ඩ එක්ක යමුද?

  4. නාරද says:

    දැන් තේරෙනවාද සිංහල දෙමළ මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් කියලා බෙදිලා හිටියට ඇත්තටම ඉන්නේ හරක්, මී හරක්, බූරුවෝ ස්වල්පයක් බුද්ධිමත් මිනිසුන් (පොතේ ගුරාලා නොවේ) සහ අහිංසක මිනිසුන් කියලා

  5. sunimal says:

    යාපනය වන්නාර් පන්නෙයි ශ්‍රී කාමාච්චි අම්බාල් හින්දු කෝවිලේ දෙවියන්ටත් දැන් කොරෝනාලු මෝඩ නොවී දැන් ගෙදර හිටපල්ලා.

  6. Love nature says:

    හින්දු ඊජිප්තු ග්‍රීක ආගම්

    දඩයම් යුගයේ සිටම මිනිසාට නොයෙක් ආකාරයේ ප්‍රශ්න විය. එනම් වැස්ස ඇති වන්නේ කෙසේද? පෑවිල්ල සහ නියඟය ඇති වන්නේ කෙසේද ආදියයි. ඔවුන් සිතුවේ මේ සියල්ල ඇති වන්නේ දෙවියන් නිසා බවයි. ඔවුන් එම නිසා මුල් කාලයේදී වැස්ස ගින්දර වැනි ස්වභාවික වස්තූන් වන්දනා කරන්නට විය. කල් ගතවී මිනිසුන් ශිෂ්ටාචාර ගතවනවිට එම දෙවිවරුන්ට නම්ද ලැබිනි. ඔවුන් වෙනුවෙන් පිළිමද ඉදි විය. එම පිළිමද බොහෝ විට මනුෂ්‍ය රූපයට සමාන විය. එම දෙවිවරුන්ගේ චරිත ලක්ෂණද බොහෝ විට එකල සමාජයේ ඉහළ යැයි සම්මත මිනිසුන්ගේ චරිත ලක්ෂණ වලට සමපාත විය. උදාහරණයක් ලෙස ග්‍රීසියේ සියුස් දැඩි කාමාතුරයෙක් වූ අතර ස්කැන්ඩිනේවියාවේ ඕඩින් රණකාමියෙකු විය. මෙවැනි ආගම් වල විශ්වාස ඒ ඒ පරිසරය අනුව වෙනස් විය. ඊජිප්තු ග්‍රීක හින්දු නෝඩික් වැනි ආගම් මේ ගණයට අයත්ය.

  7. Dora says:

    Urgent important
    Please close the Jaffna district border for 3-5days so we can limit the spread to other districts. Lockdown the kovil area and surrounding areas Now now do it now
    Else we will go under the snowballing covid spread.

  8. Darshana abayakoon says:

    අර ගම සමග පිලිසදරක් බයිස්කොප් එක ගමක් ගමක් ගානේ කරන හාදයව අත් අඩංගුවට ගන් නැතෙයි..ඊයෙත් ගිහින් දොරක් නැති ලැට් එකක් විවෘත කරල පින්තූරත් දාල තිබ්බ මූනු පොතේ.

  9. On The Spot says:

    නොපෙනෙන දෙවියන් අදහන්නට යෑමෙන් නොපෙනෙන කොවිඩ් රකුසා නොදැනම ශරීර ගත වීම දෙවියන්ගේ නායකායා යැයි කියනා සක්කර දෙවියාටවත් වැලැක්විය නොහැක​.සෞඛ්‍ය අංශ දුන් උපදෙස් පිලිපැද ගෙදරට වී සිටියා නම් පවුලත් බේරී ගමත් බේරී රටත් බේරා ගන්නට හැකි බව අවබෝධ කර ගනිව් මිනිසුනේ.උඹලාට මෝඩ මිනිසුන් යැයි නොකියමු.එහෙත් මෙලෙස හැසිරෙන්නේ නම් නුඹලා මෝඩ මිනිසුන්මය​.

Main News