කොරෝනා පරදන පාරම්පරික දේශීය බෙහෙත් වට්ටෝරු 14කට අනුමැතිය..

July 24, 2021 at 12:40 pm | lanka C news
කොරෝනා පරදන පාරම්පරික දේශීය බෙහෙත් වට්ටෝරු 14කට අනුමැතිය..

කොරෝනා වෛරදයට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා පාරම්පරික වෛද්‍යවරුන් විසින් හදුන්වා දී ඇති දේශීය බෙහෙත් වට්ටෝරු 14ක් සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව එම ඖෂධ වට්ටෝරු ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නොමිලේ ජනතාවට ලබා දෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

මෙම පාරම්පරික බෙහෙත් වට්ටෝරුවලින් ඉතා ඉහළ ප්‍රතිශක්තියක් ශරීරයේ ඇති කරවන බව පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද ඔහු තවදුරටත් කීය.

දැනට රටපුරා පිහිටි අයුර්වේද රෝහල්වල කොරෝනා ආසාදිතයන් දෙදහසකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් 900 පමණ පිරිසක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට ගොස් ඇති බවත් ඔහු පැවසීය.

කිසිදු කොරෝනා ආසාදිත වූවෙකු ආයුර්වේද රෝහලක් තුළ මේ දක්වා මියගොස් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

18,997 views

11 Comments to “කොරෝනා පරදන පාරම්පරික දේශීය බෙහෙත් වට්ටෝරු 14කට අනුමැතිය..”

  1. weerasinghe says:

    කොරෝනා වැක්සීනය ජනතාවට ලබාදුන් පසු මෙම දේසීය බෙහෙත් වට්ටෝරු කරලියට පැමිනීම විසේසත්වයක්

    • බඩු යුදීන් says:

      මේ බෙහෙත් හඳුන්නලා දුන්නේ කොරෝනා ආපු මුල් කාලේ. අවාසනාවට හොඳ බෙහෙත් පැත්තක තියෙද්දී හොර ධම්මික පැනියකට මාධ්‍ය සහ ආණ්ඩුව විසින් තැනක් හදල දුන්නා.
      අපරාදේ ඉතින් කලින්ම මේවා ව්‍යාප්ත කරන්න තිබුණා.

      • weerasinghe says:

        සියලුම කොරෝනා වැක්සීන විදීමට පෙර පිරිත් කිරීම වැදගත්.
        එහි බලය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ එවිටයි

    • වයි දිස් කොලවෙරි says:

      ආයුර්වේද රෝහල් වල කිසිම රෝගියෙකු මිය ගොස් නැත. අන්න ඒ ගැන හිතපන්.

      ආයුර්වේද බෙහෙත් බ්ලොක් කරලා, බ්ලොක් කරලා, දැන් කියනවා වැක්සින් එකෙන් පස්සෙ ආයුර්වේද බෙහෙත් ආවලු.

  2. sumihiri says:

    විශේෂත්වය මිය නොයෑමයි. මිනිසුන්ගේ දේශීය බෙහෙත් ගැන අවබෝධය සහ විශ්වාසය ඇතිවෙන්නෙ ඒවායේ සාර්ථකත්වය මාර්කට් කිරීම මතයි. වෙද්දු තනි තනිව මාර්කට් වීම නිසා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ඉතා සෙමින්.

  3. Tiran says:

    මිය නොයාම විශේෂත්වයක් කියනවට වඩා, කොච්චර අසාද්‍ය ලෙඩ්ඩුද ආයුර්වේද රෝහල් වලට ගන්නේ කියන එකත් බලන්ඩ ඕන. සාමාන්යෙන් හර්ද රෝග, දියවැඩියාව වලදී වගේ බරපතල මට්ටමට ආපුවම ආයුර්වේද රෝහල් වලට ගන්නෙත් නැහැ. ආයුර්වේදය නරකයි කියනවා නෙමේ, ඒත් කෝකටත් තෛලය ආයුර්වේදය කියන්ඩ කලින් විචාරවත්ව බලන්ඩ ඕන පැති ගොඩක් තියනවා

  4. රජරට බයියා says:

    මේ බෙහෙත් ගැන කොච්චර කිවුවත් ඒව ගන්න තැනක් කියන්නේ නැති නිසා කොහොමද හොයාගන්නේ.

  5. ඩයස් says:

    අවුරුදු දහස් ගානක් මිනිස්සු ජීවත් උනේ දොස්තර මහත්තයගෙ බෙහෙත් වලින් නොවේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර සමහර රෝග සදහා විශිෂ්ඨයි. නමුත් ප්‍රතිශක්තිකරණ සම්බන්ධව දේශීය වෛද්‍ය ක්‍රමය බොහෝ සාර්ථක බව පැරන්නන් දැන සිටියා. පසුගිය කාලෙ ඉගුරු කොත්තමල්ලි නොබීපු දොස්තරලා හොයාගන්නත් අමාරුයි.

  6. Excellent……………Great………..

  7. සිසිර ජයකොඩි මහතාගේ නිවැරදී දිශාණතියට සැමගේ උපහාරය! says:

    සිසිර ජයකොඩි මහතා බටහිරයන්ගේ මර්ධණයට ගර්ඡනයට යට නොවීම පැසසුමට,.
    සිසිර ජයකොඩි මහතාගේ නිවැරදී දිශාණතියට සැමගේ උපහාරය!

  8. sumana says:

    කොරෝනාවලට ආයුර්වේද බෙහෙත් දෙන වැඩේ කෑවෙ අපේ පුද්ගලික ජනමාධ්‍ය. ඒ අය තමයි තීරණය කරේ කාගේ මොන බෙහෙත් ද ප්‍රසිද්ධ කරන්නෙ කියන එක. ඒ අය මේ නිරීක්ෂණ පරීක්ෂණ ප්‍රසිද්ධ කරේ වත් ඒවා කකුලෙන් අදිනවද කියන එක ප්‍රසිද්ධ කරේ වත් නෑ.

Main News