කොරෝනා පරීක්‍ෂණ මගහැර රුසියා තානාපති රටට ඇතුළු වෙයි.. බෝරා වරුන්ටද පරීක්‍ෂණ නෑ…

September 14, 2020 at 10:32 pm | lanka C news
කොරෝනා පරීක්‍ෂණ මගහැර රුසියා තානාපති රටට ඇතුළු වෙයි.. බෝරා වරුන්ටද පරීක්‍ෂණ නෑ…

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ‍ප‍්‍රභූ පුද්ගලයන් කිසිදු කොරෝනා පරීක්ෂාවට ලක් නොවී රට තුළට ඇතුළු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා වසන්ගතය මෙරට තුළ පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන නිර්දේශ ප්‍රභූන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ යැයි ඔවුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

මෙසේ සෞඛ්‍ය නිර්දේශ උල්ලංඝනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බෝරාවරුන්ටද රට තුළට ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි ඔවුන් චෝදනා කරයි.

ශ්‍රී ලංකා රුසියානු තානාපති වරයාටද ඔහුගේ නිවෙසට යෑමට විදේශ අමාත්‍යාංශය අවසර දී ඇතැයි ඔවුන්ගේ ලිපියේ සඳහන් වේ.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

37,959 views

14 Comments to “කොරෝනා පරීක්‍ෂණ මගහැර රුසියා තානාපති රටට ඇතුළු වෙයි.. බෝරා වරුන්ටද පරීක්‍ෂණ නෑ…”

  1. Dr Zee says:

    දැන් බොහෝ රටවල මිනිසුන්ට තම මවු රටට එන්න ඉඩ දෙනව​. තමන් ගේ නිවසේ ස්වයං නිරෝදයනය වෙන්නේ.
    ලංකාවේ මිනිසුන්ට මවු රටට එන බැරිවෙන්න තහනම් කරල​. දොස්තර සංගමේ තාමත්කොරෝනාව ට හනමිටි බෙහෙත් දෙන්න කියනව​.

    • kk says:

      ලංකාවේ මිනිස්සුන්ට ලංකාවට එන්න තහනම් කරලා නැහැ. ඇවිත් සති 2ක් නිරෝධායනය වෙන්න සිද්ධ වෙන එකයි, ගොඩක් එකපාරට ගෙන්න ගන්නේ නැති එකයි තියෙන්නේ. ලංකාවේ කොරෝනා බෝ නොවෙන්න ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒකෙ කිසි වැරද්දක් නැහැ. වෙනරටවල ගෙවල්වල නිරෝධායනය වෙලා තමයි වැඩේ වනකරගෙන ඉන්නේ. ඔබට එතරම් දෙයක්වත් සිතීමේ හැකියාව නොමැතිවීම ගැන කණගාටුයි.

      • විපුල says:

        එතකොට බෝරාවරුන්ට නීරෝධානය කරන්නෙ නැතිව යවන්නෙ ඇයි.මේ රජය මැදපෙරදිග ඉන්න අයව මැරෙන්න හැරලා තියෙන්නෙ ලංකාවට එන්න නොදී.ලක්ෂ දෙකක් දීලා ටිකට්‍ අරන් එන්න මිනිස්සුන්ට රැකියාවන් නැහැ.ඒක තේරුම්‍ ගන්න බැරිද.

  2. gorilla says:

    මුං මෙහෙම ලංකාවේ හිතමිතුරු රටකින් ගේම ඉල්ලනේ මොකද? කවුද ඔය gmoa මාෆියාව පිටිපස්සේ ඉන්නේ? cia එකද? වෙන මොකක් හරිද? ලංකාව රුසියාව එක්ක තරහ කරහම කාටද වාසි ලැබෙන්නේ? ජනාදිපතිතුමනි ඔබේ වහාම අවදානයට!!!රුසියාවේ විශ්වවිද්‍යාල තහනම්කලා නේද මුන්?

  3. අක්බාර් ලොක්කා says:

    GMOA අපතයන් රුසියානු විරෝධී වෙලා තියෙන්නෙ ඇමරිකානු කොන්ත්‍රාත්තුවකට අනුව විය හැකියි

  4. පිිචාන් says:

    මේ කාලකන්නි Trade Union එක කොරෝනා කාලේ පොර වෙන්න හැදුවා. දුරදක්නා ඥානයක් ඇති ජනපති තුමා එක තේරුම් අරන් ගානට මුන්ව එලෙව්වා
    මත කද ඒකාලේ පිිචං talks දුන්නා

  5. නිරීක්ෂකයා says:

    මේ පිටවන්නේ බටහිර රටවල් ඉගෙන ගත්තු කළු සුද්දන්න්ගේ සුදු කරපටි ත්‍රස්තවාදය. මෙය මෙල්ල නොකොලොත් ලොකු විනාශයක් මේ රටට.

    අද ලෝකය පුරා චීනයට සහ රුසියාවට විරුද්ධව ඇමෙරිකාව රටවල් එකතු කරනවා. ඒ ද්‍රෝහී රටවල අනුමැතියෙන් ඊළගට ආසියාව යටත් කරන්න. මුන් එතකොට ගන්නේ සුදු ආක්‍රමණිකයාගේ පැත්ත. මේ කරන්නේ Dry Run එකක්.

    එදා අපි කලින්ම කිව්වා තෙල්දෙනියේ සිංහලයා මරලා කළේ ඉස්ලාමික ත්‍රස්ථවාදය මුට්ටිය දාල බලපු එක කියලා. එහෙත් ඇහුව්වේ නැහැ. අන්තිමට බෝම්බ වැළක් ගැහුව්වා. අහිංසක මිනිස්සු සිය ගණනක් මළා.
    අපි දැන් කියන්නෙත් මේ වෛද්‍ය මාෆියාව ඇමෙරිකානු උපදෙස් මත අපට ජිනීවා හීදී උදව් උපකාර කර ගිලටිනයෙන් ගලවා ගත් රටවල් ඉලක්ක කර කරන එක්තරා ක්‍රමයකට කරන ත්‍රස්ථ ප්‍රහාරයක්. මෙය ආරක්ෂක අංශ විමර්ශණය කළ යුතුයි. සොයා බලා විශාල හානියක් වෙන්නට පෙර ව්‍යර්ථ කළ යුතුයි!

    • රට වෙනුවෙන් says:

      ඔයා එදා එහෙම කිව්වද? මට මතක නෑ නේ.
      පෞ දාර බෛයෙක් හෙන විස්තරයක් කියල.

  6. අල්ලා says:

    තොරබෝරාට දෙනව නම් රුසියාවට නොදී බෑනෙ…

  7. ඇමරිකන් කොන්ත්‍රාත්..! says:

    රුසියාවේ විශ්වවිද්‍යාල තහනම්කලා නේද මුන්..??

    මිතුරු රටකින් ගේම ඉල්ලනේ..!

    ඇමරිකන් කොන්ත්‍රාත්..!අවදානයට!!!

  8. Boo says:

    කවුරැ කලත් වැඩේ වැරදියි. රැසියාව අපේ මිතුරැ රටක්නම් ඒ අය අපේ ප්රතිපත්ති වලට ගරැ කල යුතුයි, ඒවාට උදවු කල යුතුයි. එහෙම බැරිනං ඒකෙ තියෙන මිතුරැ කම මොකක්ද? මොකක්ද එතකොට ඒ ගොල්ලන්ගෙයි ඇමරිකන් කාරයින්ගෙයි වෙනස?

    • රට වෙනුවෙන් says:

      තවුසෙටත් මාර පස්නනේ තියෙන්නේ.
      ඉන්නේ පොරක් කියල හිතාගෙන හැබැයි දාර බෛයෙක්
      පෞ

  9. T says:

    අර සංගක්කාර කියන ගොන් බූරුවා ත් ආවේ ඔය විදිහටම එන්ගලන්තයේ ඉඳලා එයාටත් තිබූ එය කිසිම පරීක්ෂණයක් තිබුණෙ නැහැ නේ එයා නිරොධනය වුනේ කෙලින්ම ගෙදර ගිහිල්ලා මේ නීති ඔක්කොම බලපාන්නේ නැති බැරි එකාට. එන්ජීඕ නඩවලට කඩේ ගිය සංගක්කාර දැන් ඉන්නේ baby නාමල්ගෙ තුරුලේ.

    • රට වෙනුවෙන් says:

      තවුසෙ වගේ එවුං බේරන්න තමා මහින්ද මහත්තය හරක් මරණ එක නවත්තන්නේ.
      පෞ සාඩින් බෛයෙක්

Leave a Comment

Main News