කොරෝනා පලමු රැල්ල පාලනය කලත් දෙවැනි රැල්ලෙන් බේරාගන්න ගෝටාභයට බෑ.. එජාපය දිනවා මා අගමැති කර රැල්ලෙන් බේරෙන්න..

July 2, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා පලමු රැල්ල පාලනය කලත් දෙවැනි රැල්ලෙන් බේරාගන්න ගෝටාභයට බෑ.. එජාපය දිනවා මා අගමැති කර රැල්ලෙන් බේරෙන්න..

කොරෝනා පළමු රැල්ල පාලනය කර ගැනීම සඳහා වත්මන් රජයට තම පක්ෂය ද සහයෝගය දුන් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

නමුත් දෙවැනි කොරෝනා රැල්ලකට මුහුණ දීමට ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් නැති බවද ඔහු පැවසීය.

එනිසා ඉන් ආරක්ෂා වීම සඳහා වැඩපිළිවෙළක් ඇති එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය එන මැතිවරණයේදී ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

කොරෝනා දෙවැනි රැුල්ලෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තම පක්ෂය සතුව ඇතැයි ද ඔහු කියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවැනි කොරෝනා රැුල්ලක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බවත් රටවල් කිහිපයක දෙවන රැල්ලක් ආරම්භ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

662 views
Main News