කොරෝනා පලමු හා දෙවල රැල්ල අපි පාලනය කලා.. මෙවර 03 වන රැල්ලත් පාලනය කරනවා..

October 12, 2020 at 6:30 am | lanka C news
කොරෝනා පලමු හා දෙවල රැල්ල අපි පාලනය කලා.. මෙවර 03 වන රැල්ලත් පාලනය කරනවා..

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සදහා ආණ්ඩුව ගතහැකි ගතයුතු සියළු පියවර ගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කලේ කොවිඩ් 1 හා 2 රැලි පාලනය කල සේම කොවිඩ් 3වන රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී රණතුංග මහතා මේ බව සදහන් කලේය.

මෙහිදී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය සදහන් කලේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයන් 478 දෙනෙකු හදුනාගෙන රෝහල් ගත කර ඇති බවයි. ඔවුන්ගේ සමීපතමයින් PCR පරීක්ෂණ වලටත් නිරෝධායන මධ්‍යස්තාන වලටත් යොමු කර ඇති බවද වෛද්‍ය නිළධාරිනිය කීවාය. මීට අමතර එම ආසාදතියන් ගැවසුනු බවට හදුනා ගෙන ඇති ප්‍රදේශ වල ජනතාව PCR පරීක්ෂණ සිදුකිරීමටත් අවශ්‍ය බවද ඒ අය නිරෝධායනය සදහා යොමුකීරමටත් පියවරගන්නා බවද ඇය කීවාය.

දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ආහාර බෙදා දීමේ වැඩ සටහන කඩිනම් කිරීමට වහා පියවර ගන්නා ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නේය. රාජ්‍ය හා පෞද්ගලික අංශ සමග එක්ව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදු කල යුතු ආකාරය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මිනුවන්ගො විවිධ සේවා සමූපකාර ප්‍රාදේශික විවෘත කිරීමටත්, පොදු ආයතන වල ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ගමට යැවීමටත් මෙහිදී තිරණය කෙරිනි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කලේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හැකි ඉක්මනින් පාලනය කිරීම රජයේ අපේක්ෂාව බවයි. රෝගීන් සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයන් කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කලේ ඒ අනුව බවද ඇමතිවරයා කීවේය. සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවුනේ මාස කීපයකට පසුව බව පෙන්වා දුන් ඇමතිවරයා එය පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට රජය සිය පූර්ණ ශක්තිය යොදවා ඇතැයිද කීවේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

23,818 views

21 Comments to “කොරෝනා පලමු හා දෙවල රැල්ල අපි පාලනය කලා.. මෙවර 03 වන රැල්ලත් පාලනය කරනවා..”

  1. බූරු පුතානෝ සජියා says:

    තොපිම තුන්වැනි රැල්ල ඇතිකරල ඒක පෙන්නලා පොරක් වෙන්නත් යනවා. නොදකිං බතලයා.

  2. Hatarawaran says:

    Karana Deyk ikmanata ..Nathnam Covid Rallen Tanmuwai (Thamunge Aanduwai) Paalanaya wei

  3. bua says:

    politicians please hide and let the officials do it as it was done earlier when you were hiding. come out and give big talks after everything is settled.

  4. බන්ඩා says:

    තුන්වන රැල්ල ආවෙ ජනතාවගෙ වරදින් නෙවෙය් බ්‍රැන්ඩික්ස් විසින් රටේ නිරෝධාන නීති ක්‍රියාත්මක නොකල නිසය්. බ්‍රැන්ඩික්ස් වරදට ජනතාව වන්දි ගෙවනවා.

  5. Chaminda says:

    යකෝ මූනේ වැඩකාරයා. කප්පන් පාරක් එහෙම ගත්තේ නැද්ද මචෝ.

  6. මුහුදු රැල්ල says:

    අං කකුල් එහෙම වැඩිපුර එනවාද කියලා බැලුවානම්…

  7. Asela says:

    Kalakanniya. ., anunge idam horata alla gena ahinsaka minissunta thaga daala me wage dekayi panahe kalakanni thamayi ada ape rate janathawage theerana ganne ….? Ralle wali athi mekage…? Muge muoonath mee harakek wage….!!! Nodakin

  8. Rose says:

    හැමදේටම පොර ටෝක් දෙන මෙන්න මේ වගේ කම්බ හොර තඩියන්ට කොරොන හැදිලා මැරිල යනවනම් ඒක රටට ලොකු සෙතක්

Main News