කොරෝනා පසුපස එන ‘කවසකි’ වෛරසය ලංකාවේ.. දරුවන් පිරිසක් ළමා රෝහලේ.. දරුවන් රැකගන්න… රෝග ලක්‍ෂණ මෙන්න..

May 22, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා පසුපස එන ‘කවසකි’ වෛරසය ලංකාවේ.. දරුවන් පිරිසක් ළමා රෝහලේ.. දරුවන් රැකගන්න… රෝග ලක්‍ෂණ මෙන්න..

කුඩා දරුවකුට දින පහකට වඩා වැඩි කාලයක් තද උණක් පවතින්නේ නම් සහ දිව රත්පැහැ වී ස්ට්‍රෝබෙරි ගෙඩියක් සේ දිස්වන්නේනම් එය ‘කවසකි’ රෝග ලක්ෂණයක් විය හැකි යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

කොවිඩ් වෛරසය පැතිර යාමෙන් පසු ‘කවසකි’ රෝගය මතුවිය හැකි බැවින් කොවිඩ් වෛරසය පැතිර ගිය ප්‍රදේශවල දරුවන් පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

මෙය ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගයක් බැවින් එය දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බවද ඒ පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමුකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කරන්නැයිද හෙතෙම අවධාරණය කරයි.

‘කවසාකි’ රෝගය වැලඳුණ දරුවන් කීපදෙනකුටම ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදී මේ වන විට එම දරුවන් සායනික ප්‍රතිකාර ලබා ගන්නා බවද වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

– aruna

100,495 Viewers

10 Comments to “කොරෝනා පසුපස එන ‘කවසකි’ වෛරසය ලංකාවේ.. දරුවන් පිරිසක් ළමා රෝහලේ.. දරුවන් රැකගන්න… රෝග ලක්‍ෂණ මෙන්න..”

  1. අතිරේක කැබිනට් ප්‍රකාශක says:

    රටකජු වලට බද්ද රු.220 වැඩිකරපු එක අසාධාරණයි.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹ වෙනුවෙන්ම පොඟවපු පොල් පුන්නක්කු වගයක් තියනව ඇවිත් බීල පලයන්.

      • john the baptice says:

        උබ වගෙ පොහොට්ටුවට චන්දෙ දුන්න එවුන් ගාව තමා ඕව තියෙන්නෙ. 😀

        • guNP says:

          අනිවා සජියට චන්දේ දුන්න එවුන් පුන්නක්කු බොන්නේ නෑ.. ඒවා බොන්නේ සජියා .. උන් බොන්නේ ගොම ..

        • Hunp says:

          මොනා උනත් සජියා ආතල් පොර .. පට්ට ආතල් දෙන්නේ.. UNP එවුන් පන බයයි සජියා කතාවක් කරනකොට දැන්

  2. The Traditional Local Medicine system to be combined with Western, otherwise we may go forward like a blind person.

    • රටවැසි says:

      මාත් එකඟයි ඔබේ මතය සමග , විය යුත්තේ එයයි , නොවෙන්නේත් එයමයි .

  3. lotus says:

    Please don’t publish these things until end of election

  4. xman says:

    The man who discovered ‘Kawasaki disease’ With 50 years having passed since Dr. Tomisaku Kawasak, Japanease Doctor.

  5. සමනා says:

    අහෝ කොමෙන්ට්කරුවනි, රෝගය ගැන කියන්නේ ඒක්කෙනයි. ඒයත් පටලවාගෙන, ප්‍රවෘත්තයෛ් කියන්්නේ රෝගය සොයා ගැනීමක් ගැන නොවේ. රෝගීන් සොයාගැනිම ගැනයි.

Main News