කොරෝනා පාලනයට දිස්ත‍්‍රික්ක 25ටම හමුදා ප‍්‍රධානීන් 25ක් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..

January 1, 2021 at 2:10 pm | lanka C news
කොරෝනා පාලනයට දිස්ත‍්‍රික්ක 25ටම හමුදා ප‍්‍රධානීන් 25ක් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..

කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2021 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත.

බ්‍රහස්පතින්දා (31) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් පසුගියදා ජෙනරල් නිලයට උසස් කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් පැවැති හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයෙන් අනතුරව අදාළ දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ලබාදීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදු කෙරිණි.

ඒ අනුව, නව පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන් කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම, මෙන්ම වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමණාකාරනය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජිවනය හා දිලිදුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇත.

දිවයිනපුරා සියලුම දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර ඇති යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පහතින් දැක්වේ.

උතුරු පළාත

මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර – යාපනය
මේජර් ජෙනරල් කේ එන් එස් කොටුවේගොඩ – කිලිනොච්චිය
මේජර් ජෙනරල් ආර් එම් පී ජි රත්නායක – මුලතිව්
මේජර් ජෙනරල් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා – වවුනියාව
මේජර් ජෙනරල් ඒ ඒ අයි ජේ බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී එන්ඩියු – මන්නාරම

උතුරු මැද පළාත

මේජර් ජෙනරල් ජේ සී ගමගේ එන්ඩිසි පිඑස්සි – පොළොන්නරුව
මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු – අනුරාධපුර

වයඹ පළාත

මේජර් ජෙනරල් ඒ පී අයි ප්‍රනාන්දු – පුත්තලම
බ්‍රිගේඩියර් පී එම් ආර් එච් එස් කේ හේරත් – කුරුණෑගල

බස්නාහිර පළාත

මේජර් ජෙනරල් කේ ඩබ්ලිව් ආර් ද ආබෲ – කොළඹ
මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවා – ගම්පහ
බ්‍රිගේඩියර් කේ එන් ඩි කරුණාපාල – කළුතර

මධ්‍යම පළාත

මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ – නුවරඑළිය
මේජර් ජෙනරල් එස් එම් එස් පි බි සමරකෝන් – මහනුවර
මේජර් ජෙනරල් එස් යු එම් එන් මානගේ – මාතලේ

සබරගමුව පළාත

බ්‍රිගේඩියර් ජේ එම් ආර් එන් කේ ජයමාන්න – රත්නපුර
බ්‍රිගේඩියර් එල් ඒ ජේ එල් බී උදෝවිය – කෑගල්ල

නැගෙනහිර පළාත

මේජර් ජෙනරල් සී ඩි වීරසුරිය – ත්‍රිකුණාමලය
මේජර් ජෙනරල් ටි ඩි වීරකෝන් – අම්පාර
මේජර් ජෙනරල් සී ඩි රණසිංහ – මඩකලපුව

ඌව පළාත

බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවිර – බදුල්ල
කර්නල් ඩි යු එන් සේරසිංහ – මොණරාගල

දණුණු පළාත

මේජර් ජෙනරල් ඩි එම් එච් ඩි බණ්ඩාර – හම්බන්තොට
මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ – ගාල්ල
කර්නල් කේ ඒ යු කොඩිතුවක්කු – මාතර

– Army Media

 

63,253 views

25 Comments to “කොරෝනා පාලනයට දිස්ත‍්‍රික්ක 25ටම හමුදා ප‍්‍රධානීන් 25ක් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..”

  1. උක්කුං මල්ලී says:

    බයියන්නට නම් ඉතින් චූන්. ප්‍රජාතන්ත්‍රවාදයේ අගය දැනෙන්නේ ඒක නැති උන දාට.

    • KAPILA says:

      KRIMINAL UKKUN,,,,UMBATA P,RAJITHAGE, CHAMPUKAGE PRAA MINEEMARU KALLIYA THIYENA KAN JEEWATH WENTA PULUWAN,
      OYA APARAADHA KAARAINTA HIRE YANTA NODEE KOHOMAHARI AARAKSAA
      KARA GANTA BALAPAN,

  2. SIRIMAL says:

    I have no issue with military appointments, but what is the point if Tourists are imported from covid effected countries like Russia, Ukraine. Please stop tourists,without killing many more innocent Sri Lankans. These tourists are like beggars in their own country, no jobs, no money, many women are prostitutes.

    Mr President please stop the carnage. Shut down airport

  3. Samy says:

    Ethama hoda wedak. Parliament jokers lawath quarantine Kara Gagata daanna. Un hinda rata hadanna beha

  4. ලොලිපොප් මොංගල් says:

    කොක්කෙන් බැරිනං කෙක්කෙන් කිවිවලු. වැඩෙි නියමයි. ඔික තමයි අපි බලාපොරොත්තු වුනේ. රටෙි විනය හදාගෙන, හොරකමි, දූෂණ, වංවා, ගසාකෑමි නවත්තල, සංවර්ධන වැඩ ටික නියම විදියට කරමු. එල්ලුමි ගහ ක්‍රියාත්මක කරල කුඩු කාරයො, මිනීමරැවෝ ටිකත් එලොව යවමු. අවුරැදු 5න් රට ගොඩදාගන්න පුලුවන්. ඔහොම යං ඔහොම යං.

  5. lotus says:

    Doctors send to army

  6. Sarath Bulathsinghala says:

    අවශ්‍ය තැනට අවශ්‍ය වේලාවට කවදත් යුද හමුදාව කවදත් මින් ඉදිරියට පෙරමුණ ගනු ඇති.

    අඥාන අමනෝඥ ආත්මාර්ථකාමී දේශපාලුවන් සහ උන් කරන කියන සියලු දූෂිත නිලධාරීන්ට සුලු දිය පහවන්නේ යුද හමුදාව ඉදිරියේ පමණයි!

    මේ සිදුවන්නේ ලංකාව වැනි කෝටුමස් කලයුතු රටකට දියයුතු නියම ගෝඨාභය පැණියයි!

  7. Sunil says:

    දැනට සමාජයේ ඇතිවී තිබන ආණ්ඩුවිරෝදී පෙලගස්සිම් වලට නැගීසිටීම තව දුරටත් ඉඩ නොදීමට මවුන් බලාගත යුතුයි.

  8. ගමගේ says:

    වැඩක් වැඩක් විදිහට කරයි, කිසිම සිස්ටම් එකක් නැති, හිතන්න මොලයක් නැති, අත්සන් කරන්න විතරක් දන්න, පඩ ෂෝ පෙන්වන රාජ්‍ය පාලනයට සම්බන්ධ රජයේ නිලධාරීන්ට ඉගෙන ගන්න දෙයක්

  9. Nocorona says:

    Medical professionals have been brought under Military personalities?

  10. sena says:

    අතිගරු ජනාධිපතිතුමාට ශ්‍රිලාංකිය ජනතාවගෙ ප්‍රණාමය
    ලැබුවාවු නව වසරෙ 69 ලක්ෂයක් ශ්‍රිලාංකිය ජනතාවගෙ ප්‍රර්ථනා ඉටුවුනා
    අතිගරු ජනාධිපතිතුමනි දිස්ත්‍රික්කවලට පමණක් සිමානොකොට පලාත්වලටත් ඊලගට නගරවලටත් ඊලගට ගම්වලටත් මේ හමුදානිළධාරින් පත්කර මත්කුඩුත් පාතාලයත් ස්ත්‍රිදුෂණත් වනසංහාරයත් මෙරටින් තුරන්කරදමන්න
    ගරු ජනාධිපතිතුමාටත් මේ හමුදානිළධාරින්ටත් මේලෝකය පාලනයකරාන්නාවු තිස්තුන්කොටියක් දේවිදේවතාවන්ගෙත් ශ්‍රිදළදාවහන්සේගෙත් බැල්මත් ආරක්ෂාවත් යොධබල යොධවිර්ය ලැබේවා ප්‍රාර්ථනා කරමි

Main News