කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

October 29, 2020 at 9:20 am | lanka C news
කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

කොරෝනා යයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂා කිරීමට සඳහා නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටුවන ලද PCR යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල 20,000 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම වාර්තා ප්‍රමාදවීම නිසා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු රෝග පාලනය කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේදී බරපතළ ගැටලුවක් මතුවී ඇති බවයි.

මිලියන 250ක් වටිනාමකින් යුත් මෙම යන්ත‍්‍රය පසුගිය මැයි මාසයේදී මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළ ද එය දැනට දින 6ක් තිස්සේ අක්‍රීය තිබේ.

මේ තත්ත්වය මත යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත්තේ ඉදිරි පැය 48 ක කාලයකදී එය අළුත්වැඩියා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන රසායනාගාර වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ මෙම යන්ත්‍රය ටෙන්ඩර් පටිපාටි වලට පරිබාහිරව ගෙන්වා ඇති බවත් මෙරට එහි දේශීය නියෝජිතයා එක් පුද්ගලයෙකුගේ නමක් පමණක් සඳහාත් කර ඇති බවත්ය.

එම නියෝජිතයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව කළ මගඩියක ප්‍රතිඵලයක් බවත් ඔහු කියා සිටියේය.

63,108 views

20 Comments to “කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..”

  1. මැතිදුනි, කෙක්කෙන් බැයිනම් කොක්කෙන්. PCR අවුල්නම් WHO හදුන්වාදුන් ලාභදායී පරීක්ෂණයට හෝ ලේ සාම්පල පරීක්ෂණයට වහා ඔවුන් යොමු කිරීමට ක්‍රමයක් හදාගමු.

  2. සමන්ත says:

    අවුලක් නෑ මැෂිම අක්‍රීය වුනාට තවම කොරෝනා සමාජගත වෙලා නැති නිසා. මුලු ලෝකයේම හැම කොරෝනාවක්ම අන්තිමට වුහාන් පොකුරට සම්බන්ධ නිසා. ලෝකයේ කිසිම රටක කොරෝනා සමාජ ගත වෙලා නෑ. මුලින්ම හැදුනු කෙනාට විතරයි කිසිම සම්බන්ධය හොයා ගන්න බැරි විධියට හැදුනේ. අනෙක් ලොකයේ හැමෝම ඒ මේ පොකුරු හරහා වුහාන් පොකුරට සම්බන්ධ වෙනවා. අහසින් ආයේ කොරෝනාවෙක් වැටුනොත් විතරයි සමාජගත වෙන්නේ. පොඩ්ඩක් මෙතන දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරලා දෙන්න සමාජ ගත වීම කියන්නේ මොකක්ද කියලා. මගේ ටිකිරි මොලේට තෙරෙන්නේ නෑ. ටිකිරි මාරි පෙට්ටිටක්ම කෑවත්.

    • සනත් ඉතාලිය says:

      වරදවා වටහා නොගන්න.සමාජගත වීම හා නොවීම උදා. ඔබ නිඑඅසින් පිට රැකියාවක් කරයිනම් ඔබගේ නිවසේ සාමාජිකයි 5 දෙනෙක් සිටීනම් ඔබ අඩුම දින 45කින් නිවට ගියේ නැතනම් ඔවුන්ද නිවසින් පිටට මාසයකට අදික කාලයක් ගියෙත් නැත්නම් ඔවුන්ගෙන්ව්කෙනෙකුට කොරොන හැදුනානම් අන්න එතන සමාජ ගතවීමක් 2. ඔබ රැකියාව කරන ස්තානයෙන් කොරෝනා රෝගීන් හමුවී ඔබත් නීරෝදායන මද්‍යස්තානයක සිටින විට ඔබට කොරෝනා වැලදුනානම් ඔබ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බැවින් එතන සමාජගතවීමක් නොමැත . 3 ඔබ මාසයකට අදික කාලයක් නීරෝදායම මද්‍යස්තායක සිට ඔබගේ නිවට ගොස් ඉන් පසු ඔබ පවුලේ කාටහරි කොරෝනා වැලදුනේනම් එතන සමාජගතවීමක් විය හැක. මෙය ටිකක් සන්කීර්නයි නමුත් පොකුරෙ තමයි හැම පුරුකක්ම එල්ලිල තියෙන්නෙ

      • Dilan says:

        එතකොට චීනෙට කොහෙත්ම සම්බන්ධයක් නැහැ නේද?

        • සනත් ඉතාලිය says:

          මෙතන ලියපු එක වචනයක් ලියවිල නැහැ .”මෙය ටිකක් සන්කීර්නයි නමුත් වූහාන් පොකුරෙ තමයි හැම පුරුකක්ම එල්ලිල තියෙන්නෙ

          Reply

      • සමනලයා says:

        ඒ කියන්නේ සමන්ත කියනවා වගේ කෙරෝනාවෙක් අහසින්ම වැටෙන්න ඕනේ සමාජගත වෙනවා කියන්න.

  3. Himali Herath says:

    නටන්න බැරි වෙනකොට පොළව ඇද වෙනවා

Main News