කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

October 29, 2020 at 9:20 am | lanka C news
කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..

කොරෝනා යයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂා කිරීමට සඳහා නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටුවන ලද PCR යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල 20,000 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම වාර්තා ප්‍රමාදවීම නිසා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු රෝග පාලනය කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේදී බරපතළ ගැටලුවක් මතුවී ඇති බවයි.

මිලියන 250ක් වටිනාමකින් යුත් මෙම යන්ත‍්‍රය පසුගිය මැයි මාසයේදී මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළ ද එය දැනට දින 6ක් තිස්සේ අක්‍රීය තිබේ.

මේ තත්ත්වය මත යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත්තේ ඉදිරි පැය 48 ක කාලයකදී එය අළුත්වැඩියා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන රසායනාගාර වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ මෙම යන්ත්‍රය ටෙන්ඩර් පටිපාටි වලට පරිබාහිරව ගෙන්වා ඇති බවත් මෙරට එහි දේශීය නියෝජිතයා එක් පුද්ගලයෙකුගේ නමක් පමණක් සඳහාත් කර ඇති බවත්ය.

එම නියෝජිතයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව කළ මගඩියක ප්‍රතිඵලයක් බවත් ඔහු කියා සිටියේය.

63,114 views

20 Comments to “කොරෝනා පාලනයට බරපතල තත්වයක්.. යන්ත‍්‍රයක් අක‍්‍රීය වෙයි.. PCR ප‍්‍රථිඵල හිරවෙයි..”

  1. SL says:

    WHY DO NOT YOU USE PCR MACHINES IN SABARAGAMUWA UNIVE

    • ප්‍රසාද් says:

      ඕවා අර කුමුදේශ් මහත්තයාට ඈහෙන්න කියන්න එපා ……… උන් විතරයි ඉගෙන ගෙන තියෙන්නේ….
      දැන් තමයි ටෙන්ඬර් කතාව දැනගෙන තියෙන්නේ………..
      මූ හිතාගෙන ඇත්තේ අනිත් අයටත් පිස්සු කියලා…………

      • Sandun Dhammika says:

        Please call US marine forces,
        you need to call experts here, you need expertise to fix that machine now.

    • Saman says:

      මූ තඩි ගොන්

  2. lotus says:

    No problem. we are 2nd in the world. Mr Gota will rescue us.. we are lions

  3. Jagath says:

    20 සම්මත උනානේ. ඒ නිසා රටට මොනවා උනත් කමක් නෑ. වෙනස සැප ද ද ද ද ද???

  4. kaushan says:

    labbe anduwa ayee tender nati jaraawa genna patan aran 🙁 2015ta kalin anduwama tamai moona witrai wenas

  5. නාරද says:

    මගඩියක් නම් ඇයි නිකම් බලන් ඉන්නේ මගඩි කාරයන් හා නීති විරෝධීව කටයුතු කල අය ඉන්නවා නම් අන් අයට ද ආදර්ශයක් වන විදිහට නඩු පැවැරිය යුතු නොවේද?

  6. කාන්තාර පළඟැටියා says:

    කෝටි 25 ක් වටින මැෂිමක් ගෙන්වන්න සෞඛ්ය ඇමැතිනියගේ නිර්දේශය සහ අනුමතය ඕනෑ… පවිත්‍රා නෝනත් වග කියන්න ඕනෑ මේකට. ඇය නොදැනුවත්ව වෙන්න බෑ. අනික මැයි මාසය කියන්නෙ මෑතක් , සෞඛ්ය අංශයෙ ලොක්කො ලොක්කියො බොහෝ දෙනෙක් මේකට හවුල් වගේ

  7. merata eka says:

    corona corona …mala karachchale.apita kiyapalla pompiya ekka pimpiya giwisumak athsan karada nadda ?

  8. Saman says:

    University vala machines ගන්න බැරිද

  9. සිදත් says:

    අර නියෝජිතායතනයේ සමහරක් ගැනත් බුද්ධි අංශ සෙවිල්ලෙන් සිටීම වටී. විද‌ේශ රටවල සොත්ත සමාගම් වලට හා ඤාති මෙරේ හාති කරනවා. තොරතුරු තාක්ෂණය නාමයෙන් රට පාවා දෙනවා. මෙයින් අනාගතයට බලපාන ලෙස විදේශ වලට මුදල් පොම්ම වෙිවි. රැමිස් වෙිවි. ක්ලවුඩ් වන් වාගේ අතහරීවි. ගූගල් මැප් එකේ ලංකාවේ දුවන කෝචිචි පෙන්වන්න පටන් ගත්ත ව්‍යපෘති වාගේ වේවි. ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි බැරිකලා වාග‌ේ අයිටීත් බැරි කරාවි. සෙවිල්ලෙන් සිටියොත් හරි නැත්නම් සත්‍ය පැවසීමේ වරදට සහ එය ඔප්පු කල නොහැකි බාවය නිසා රටට හිතැති පොලෙවේ පය ගහපු නිලධාරින් දන්ඩනයට ලක්කරාවි. ලයිසන් කියලා සොෆ්ට්වෙයා ගනිවී. අපේ සල්ලි ලයිසන් වටල යාවි. කරුණාකර රටට යහපතක් කරන්න.

  10. saman says:

    komis walata genapuwahama ohoma thamaa.Norochcholayi power palnt eka wage ethi . haha haha

Main News