කොරෝනා පාලනයෙන් ආණ්ඩුව විශිෂ්ඨ ලෙස සමත්.. කොරෝනා මඩින දේශීය ඖෂධ සියයක් පමණ සොයාගත්තා..

January 9, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා පාලනයෙන් ආණ්ඩුව විශිෂ්ඨ ලෙස සමත්.. කොරෝනා මඩින දේශීය ඖෂධ සියයක් පමණ සොයාගත්තා..

පිවිතුරු හෙල උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද කතාව මෙහි දැක්වෙයි.

රටේ වර්තමාන තත්වය ගැන රාජිත සේනාරත්න මන්ත්‍රිතුමන් ඉදිරිපත් කරපු යෝජනාවේ ආණ්ඩුව කොවිඩ් දහනමය වසංගතය පාලනය කිරීමට අසමත් වී ඇතැයි සඳහන් වෙනවා. හැබැයි රාජිත සේනාරත්න මන්ත්‍රිතුමන් ආණ්ඩුවේ අසමත් භාවය මැන්නේ කොහොමද? ලංකාව අසමත්ය කියලා මැන්න මිණුම් මේ යෝජනාවෙ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. එතුමාගේ කතාවේ සඳහන් වුණෙත් නැහැ. අඩුම ගානේ මනින විදිහවත් එතුමාගෙ කතාවේ සඳහන් වුණේ නැහැ. නමුත් මම කියන්නම්. ශ්‍රී ලංකාව සමත් ද? අසමත් ද? කොවිඩ් දහනමය පාලනය කිරීමේ ක්‍රියාවලියේදී කියන කාරණය සම්බන්ධයෙන් මැන බලන නිර්ණායක දෙකක් ඉදිරිපත් කරන්නම්.

අනිත් රටවලට සාපේක්ෂව ලංකාව තියෙන්නේ කොහෙද ? ඒක මැන ගන්න නම් ලෝක ජනගහනයෙන් මිලියනයකට රෝගීන් කොච්චරක් ඉන්නවද ? ජනගහනයෙන් මිලියනයකට ලංකාවේ රෝගීන් ගණන කීයද ? ලෝකයේ ගානට වඩා ලංකාවේ ගාන වැඩී නම් ලංකාව අසමත් . ලෝකයේ ගානට වඩා ලංකාවේ ගාන අඩුයි නම් ලංකාව සමත් . ඒ වගේම දෙවෙනි නිර්ණායකය ලෝකයේ ජනගහනයෙන් මිලියනයකට මරණ සංඛ්‍යාව කීයද? අද මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිට ගියහම බලාගන්න පුළුවන් කාරණයක්. ලෝක ජනගහනයෙන් මිලියනයකට සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාවට වඩා ලංකාවේ ජනගහනය මිලියනයකට සිදුවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව වැඩි නම් අන්න ලංකාව අසමත්. ලෝකයේ මරණ වලට සාපේක්ෂව ලංකාවේ මරණ අඩුයි නම් අන්න ලංකාව සමත්. එහෙමයි සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය අසාර්ථකත්වය මනින්නෙ. දැන් අපි මේ සංඛ්‍යා වලට යමු. ඊයේ වන විට ලෝක ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 11353. ලංකාවේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ජනගහනයෙන් මිලියනයකට 2180. ලෝකයේ 11353 ලංකාවේ 2180. සමත් ද අසමත් ද? ඊළඟට ලෝකයේ ජනගහනයෙන් මිලයනයකට කොවිඩ් මරණ සංඛ්‍යාව 245 යි. ජනගහනයෙන් මිලයනයකට කොවිඩ් මරණ සංඛ්‍යාව ලංකාවේ 10යි . සමත් නෙවෙයි විශිෂ්ට සාමාර්ථයක් අරගෙන තියෙන්නෙ.

ඒ නිසා රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වසංගත තත්වයක් හමුවේ ලංකාව සාර්ථකද අසාර්ථකද කියලා මැන ගන්න මිම්මවත් හරියට දන් නැතුවයි තමන්ගේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නෙ කියලා අපිට සඳහන් කරන්න වෙනවා.

මේ මොහොතේ රටේ සංවාදයක් තිබිය යුතුයි. ලෝක ප්‍රජාව බියෙන් සලිත කළ එකම වචනය, සමස්ත ලෝකයම එකම මොහොතේ වෙලාගත් ලෝක ඉතිහාසයේ පළමු වෛරසය වන කොවිඩ් දහනමය හමුවේ අපේ රටේ සංවාදයක් තිබිය යුතුමයි. මේ වසංගතයට අපේ රටේ මුහුණ දෙන්නේ කෙසේදැයි කියලා සංවාදයක් තියෙන්න ඕනේ. වසංගතය මර්ධනය කරන්නේ කෙසේද? ලංකාවට වඩාත්ම ගැලපෙන ප්‍රතිශක්තිකරණ එන්නත කුමක්ද? අපට පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි දේශීය ඔසුව කුමක්ද? මේ යනාදි වශයෙන් අපිට රට ඇතුලේ සංවාදයක් තියෙන්න ඕන.

මේ ලෝකයේ හැමෝම ප්‍රතිශක්තිකරණය හොයමින් වෙහෙසෙන විට රෝගය සුව කිරීමට ඔසුව සොයන්න පටන් ගත්තේ අපි පමණයි. අපේ දේශීය වෛද්‍යවරු සීයකට ආසන්න විවිධ ඖෂධ සංයෝග මේ රෝගයට ප්‍රතිකාර කරන්න හොයා ගත්තා . සුදර්ශන පැණිය, ධම්මික පැණිය, කියමින් මේවට විසුළු කරමින් විපක්ෂය අපේ දේශීය දැණුමට හිනා උනා මිසක් ඒ දේශීය දැනුමට ලබාදිය යුතු නිසි ඇගයීම ලබා දුන්නේ නෑ. අද මේ වන විට ලංකාවේ දේශීය වෛද්‍යවරුන් සොයා ගත්ත ඖෂධ සංයෝගම භාවිතා කරලා අන්න පකිස්ථානයේ එක ඖෂධයක් හදලා තියෙනවා. අනිත් පැත්තෙන් තායිලන්තයේ ඖෂධයක් හදලා තියෙනවා. මේ රටවල් දෙකේම බටහිර වෛද්‍යවරු මේ දේශීය සම්ප්‍රදායික දැනුම් පද්ධති ඉදිරියේ කුහක නොවී අවශ්‍ය සහයෝගය ලබා දුන් නිසා අද ඒ රටවල ජනතාවට මේ ඖෂධ වර්ග ප්‍රතිකාර ලෙස ලබා දෙන්න තීරණය කරලා තියෙනවා කියලා අපි සිහිපත් කරන්න ඕන.

– media unit

18,120 views

30 Comments to “කොරෝනා පාලනයෙන් ආණ්ඩුව විශිෂ්ඨ ලෙස සමත්.. කොරෝනා මඩින දේශීය ඖෂධ සියයක් පමණ සොයාගත්තා..”

  1. GommanPila says:

    Paniya gihin dipan toge am……………….

  2. පොඩි එකා says:

    මඩින්ට අවුසද සීයක් විතර හොයා ගත්තා හැබැයි කොරෝනෙ මැඩගන්ඩ තමා බැරි උනෙ.

    තව දාහක් විතර උනත් හොයා නං ගනී.

    මේ උං කියන ගනං හිලව් අහලා රැවටුන කාලෙ ගියා.

    මේ උට්ටා නේද අර කුන්ඩලී මුට්ටියක් දැම්මෙ.

    දැං කියවනවා අවුසෙද ගැන.

    ගෑනි වගේ.

    හිතෙන හිතෙන රෙද්දවල් කියන ගානට අපි ට චූන් වෙන්නෙ නෑ උට්ටො

Main News