කොරෝනා පාලනයෙන් ආයෝජකයන් පිබිදේ.. කොළඹ කොටස් ඉතිහාසයේ වාර්තා බිදිමින් උඩ නගී..

May 21, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා පාලනයෙන් ආයෝජකයන් පිබිදේ.. කොළඹ කොටස් ඉතිහාසයේ වාර්තා බිදිමින් උඩ නගී..

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (21) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 129.58 කින් ඉහළ ගොස් ඒකක 4,784.80 ක් ලෙසින් වාර්තා විය. දින 5 ක අඛණ්ඩ ඉහළ යාමකින් පසු ඊයේ (20) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 45 කින් පහළ ගිය අතර අද දින නැවත වරක් සුපුරුදු පරිදි වර්ධනාත්මක මාවතට පිවිසෙමින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේ පෙර දිනයට සාපේක්ෂව 2.78% ක වර්ධනයක් සමඟිනි.

මේ අතර දිනයේ වඩාත් වැදගත් සිදුවීම වූයේ S&P SL20 දර්ශකය අද දින ඉතිහාසයේ ඉහළම ප්‍රතිශතයකින් වර්ධනය වූ දිනය ලෙස අද දින ඉතිහාසගත වීමයි.

මෙහිදී පෙර දිනයට සාපේක්ෂව 6.98% ක දැවැන්ත වර්ධනයක් S&P SL20 දර්ශකයෙන් වාර්තා විය. දිනය අවසානයේ දී එහි අගය ඒකක 2,037.04 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 132.90 ක වර්ධනයකි.

දිනයේ ගනුදෙනු හරහා රු. බිලියන 2.3 ක පිරිවැටුමක් වාර්තා විය.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, LOLC, HNB හා සම්පත් බැංකුව යන සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යාම දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

– biz.adaderana

169 views

5 Comments to “කොරෝනා පාලනයෙන් ආයෝජකයන් පිබිදේ.. කොළඹ කොටස් ඉතිහාසයේ වාර්තා බිදිමින් උඩ නගී..”

  1. Aurora says:

    කොමිසමේ වන්දි භට්ටකම් පරාජය කර අධිකරණය මැතිවරණයට දිනයක් නියම කිරීම ගැන තීන්දු කිරීමත් සමඟම 2009 කොටි පරාද කිරීමෙන් පසු පිහිටවූ වාර්තා පරයා කොටස් වෙළඳපොල ඉහළ නගිනවා.

  2. Chinthana says:

    Its better to update the data base of Commissioner of Election daily……

  3. Kaduwela silva says:

    මේකට ප්‍රදානම හෙතුව HNB finance වල නව කොටස් නිකුතුව අද දිනයෙ සිදුවීමයි. ඒ සදහා ඉදිරිපත් වූයෙ දෙශීය ආයෝජකයන් ය. අවශ්‍යවන්නේ විදෙස් ආයෝජනයන්‍ ය

    • Gu VP, NP says:

      Rs 5000 denna wiyadama wu koati 5000 cabinet prakashaka amathi sansandanaya kale mahaweli ganga uthurata harawanna giyapu koti 5000th ekka. hebei mahawel viydamma une1977 di. eka sandahan kalle nethinisa minissunta hithenne me bedapu sahanadareth loku vypruthiyak kiyala. e wage thamai me horu tika hemadama minissu rawattanawa.

Main News