කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්… සැබෑ දත්ත සැගවීමේ වරදට සුදත් සමරවීරට විනය පරීක්‍ෂණ කරන්නැයි කියයි..

May 17, 2021 at 10:00 am | lanka C news
කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්… සැබෑ දත්ත සැගවීමේ වරදට සුදත් සමරවීරට විනය පරීක්‍ෂණ කරන්නැයි කියයි..

අද වන විට රට තුළ කොරෝනා පාලනය ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බරපතල චෝදනාවක් එල්ල කරයි.

කොරොනා පළමු රැල්ලේ සිට මේ දක්වාම වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා වසංගතය පිළිබඳ නිවැරදි දත්ත සහ සංඛ්‍යාලේඛණ සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා නොදීම නිසා මෙම තත්වය නිර්මාණය වී ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා තම වගකීම නිසි ලෙස ඉටු කළා නම් තුන්වෙනි රැල්ලක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.

අප්‍රේල් මාසයේ අළුත් අවුරුද්දට පෙර පවතින තත්ත්වය නිවැරදි සංඛ්‍යාලේඛන බලධාරීන්ට ලබා දුන්නානම් තුන්වන රැල්ල සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ගැනීමේ හැකියාව පැවතුන බව ද ඔහු පවසයි.

අද වන විට රට මුහුණ පා ඇති තත්ත්වයේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම වසංගත රෝග ප්‍රධානියා විසින් බාර ගත යුතු බවත් ඔහු සම්බන්ධයෙන් වහාම දැඩි විමර්ශනයක් කර විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ලේකම්වරයා කියා සිටී.

මෙම පවතින තත්වය තව දුරටත් පැවතුනහොත් එහි අනිටු ප්‍රතිඵල රජයටත් ජනතාවටත් ඒ ආකාරයෙන්ම අත්විඳීමට සිදුවනු ඇති බවද ෂෙනාප් ප්‍රනාන්දු මහතා තවදුරටත් කියයි.

86,907 views

32 Comments to “කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්… සැබෑ දත්ත සැගවීමේ වරදට සුදත් සමරවීරට විනය පරීක්‍ෂණ කරන්නැයි කියයි..”

  1. බේබද්දා says:

    // පාලනයෙන් ගිලිහෙමින් // අල බහිනකොට වැල මැරෙනව කියන්නේ ඕක තමා සුදත්

  2. assnga says:

    No country in the World the professionals cheated for general public. But this man cheated not only the public the world as well. What is require dis if one can investigate the correct information form all district health and hospital personnel and justify this man has cheated the public then what is needed is take him to Gallface and stone him until he die enable for other top rank of public servants to realise their future as well if they are still liking assholes of bloody third grade politecians

    • Gune says:

      So produce all the facts and sue him and prove he lied indeed in courts and do something useful without screaming here telling others to do this for you you fucking lazy idiot. And do not give lame excuses why you cannot do this now, like you idiots do all the time.

  3. sarath says:

    මේ අහිංසකය පිටින් තමයි ඉතින් ඔක්කොම යන්නේ.. මෙයා කියන්නේ උඩ ඉන්න කට්ටියට ඕනේ දේනේ..

  4. bolilima says:

    වැරද්දක් උනාම කාගෙ හරි පිටින් යා යුතුය

    • Saradiel says:

      විනය පරීක්ෂණයක් නොවේ සදහටම සිරගත කල යුතුයි …රට ජාතියට නැති මේවගේ නරුමයෝද අපේ රටේ ලොක්කෝ ….බලයේ සිටින දේශපාලකයින්ගේ වහල්ලුන් ට රටේ වැදගත් වගකීම් සහිත තනතුරු නොදිය යුතුයි

  5. මිනුවන්ගොඩ උකුස්සා says:

    මොනව උනත් ජනාධිපති සහ හමුදාපති හොඳ වැඩත් කරනවා. GMOA කාරයො කියන එවිව පඩෙිකට ගණන්ගන්නෙ නෑ. GMOA අමනයො TV වල දොඩවනවා විතරයි. මුං තමයි රට කෑවෙ. පාදෙණිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
    රිංගන්න ට්‍රයිකරල ඇරවගත්තා. දැන් සජිත් පස්සෙත් දුවනවා. මුරැත්තෙටිටුවෙි හාමුදුරැවොන්ටත් පාදෙණිය අරහං. GMOA සාමාජිකයින්ට කොන්දක් නැද්ද ලබන සමිමෙිලනේදිවත් මුං තනතුරැැවලින් පන්නා දමන්න.

  6. Jagath Silva says:

    commisamak danna ……………kiyamu. gmoa kuhakathwaya mehemay. sahodhar doctor ta salakeema.

Main News