කොරෝනා පාලනයෙන් තොරයි.. රජයට කරන්න අමාරුයි.. දැන් රෝගීන් නිවෙස් වල රැදවිය යුතුයි..- සුවපත් වූ දයාසිරි ඉල්ලයි..

January 21, 2021 at 10:40 am | lanka C news
කොරෝනා පාලනයෙන් තොරයි.. රජයට කරන්න අමාරුයි.. දැන් රෝගීන් නිවෙස් වල රැදවිය යුතුයි..- සුවපත් වූ දයාසිරි ඉල්ලයි..

කොරෝනා වෛරසය ආසාදනය වී ඉන් සුවය ලැබීමෙන් පසු නිවස බලා පැමිණි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වේ.

පසුගියදා මා හට වැළඳුණු කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පසු මම නැවත නිවස වෙත පැමිණෙයෙමි. මා හට ප්‍රතිකාර කළ වෛද්‍ය අනුරාධ මැතිතුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමටත් ජයවර්ධන මහත්මියටත් ආදිහෙට්ටි මහත්මියටත් ඉන්දිවරී මෙනවියටත් සහ හර්ශනි මෙනෙවියටත් මම විශේෂ වශයෙන් ස්තූතිවන්ත වෙමි. මා නැවතී සිටි හික්කඩුවේ හොටෙල් ලන්කා සුපර් කොරල්ස්හි කාර්ය මණ්ඩලයත් ආදරයෙන් සිහිපත් කරමි.

එසේ ම මා කෝවිඩ් ආසාදිත වූ දා පටන් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ මහා සංඝරත්නයටත් අන්‍යාගමික පූජක උතුමන්ලාටත් කුරුණෑගල දිස්ත්‍රිකයේ ජනතාව ඇතුළු මුළු දිවයින පුරා ම සිටින මා හිතාදර ජනවතාවට ද ස්තූතිවන්ත වෙමි. එමෙන් ම රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන මේ කොරෝනා වෛරසය සියලු දෙනාවම නතු කරගනිමින් සිටියි. එනිසා ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, රස නොදැනීම ආදී ලක්ෂණ තිබෙනවා නම් ඔබ පළමුවෙන් ම ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයංව නිරෝධායනය වෙමින් ඔබට ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මත්මයාව දැනුවත් කරන්න. එලෙස වගකීම් සහගත වීමෙන් අපට මේ රෝගය යම්තාක් දුරකට හෝ මැඬලීමේ හැකියාව පවතියි.

මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි. ඒ නිසා මම රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් ද ඉල්ලන්නෙ රෝග ලක්ෂණ මතු වුණ වහා ම අදාළ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට ලවා ඒ නිවෙස් පරීක්ෂා කර වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළියක් ආදි පහසුකම් සහිතව ස්වයංව නිරෝධායනය විය හැකි නම් නිවෙස්වල ම නිරෝධායනය අත්‍යවශ්‍ය කාරණයක් කරන ලෙසයි. එවිට තව දුරටත් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා රජය දරන මුදල් අවම කර ගත හැකියි.

එමෙන් ම ඉදිරියේ දී හැටදහසකට අධික විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට රජය බලාපොරොත්තු වෙන මොහොතක මේ සියලු දෙනාටම නිරෝධායන මධ්‍යස්ථාන ලබා දීම ද ලෙහෙසි පහසු කර්තව්‍යයක් නො වේ. එයට ද පිළියමක් වශයෙන් මා යෝජනා කරන්නෙ ඔවුන්ව ද තමන්ගේ ම නිවස තුළ ම වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළි පහසුකම් පවතින්නේ නම් දින දාහතරක් ස්වයං නිරෝධායනය කිරීමයි. මෙය හැර මේ රෝගයට වෙන විකල්පයක් නොමැති බවයි රෝගය වැළඳුණු අයෙකු ලෙස මගේ හැඟීම.

එනිසා අවසාන වශයෙන් ද මා ජනතාවට මතක් කරන්නෙ නිසි ප්‍රතිකාර ක්‍රමයක් හමුවන තුරු අපි ආරක්ෂා වෙමු. සමාජ දුරස්ථභාවය රැකගමු. මුහුණු ආවරණ පළඳිමු. පුරවැසි වගකීම ඉටු කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි !
මම :- දයාසිරි ජයසේකර

20,561 views

9 Comments to “කොරෝනා පාලනයෙන් තොරයි.. රජයට කරන්න අමාරුයි.. දැන් රෝගීන් නිවෙස් වල රැදවිය යුතුයි..- සුවපත් වූ දයාසිරි ඉල්ලයි..”

  1. Kiribanda says:

    Mema gembata weya kala mudala hotal gasthu Samanga keeyada. Sampoorna wiyadamak laksa ganak duppath mahajanyage salliwalin.gewa etha Thopata sapawewa

  2. චන්දදායකයා says:

    ඇයි හෝටල්වල හොද නැද්ද ?

  3. Rishan says:

    එහෙම කොහොමද දයාසිරි, ගෙවල් වල නිරෝධායනය උනාම කොහොමද අපි කට්ටියව දවස් 14ක් හොටේල් වල නතර කරගෙන ගාන කපා ගන්නෙ, ඔයා නම් කියයි, අපිටනෙ බඩට වදින්නෙ

  4. Vidora says:

    For a change he makes sense.
    Most people don’t seem to know the concept of how to isolate a patient with infectious Diseases. Eg.They send children to schools and tution class with coughs colds and fever. They Don’t separate the patient from others or give separate plate , cup etc.. we understand that in some cases where houses are small And many people in family with no rooms it is not possible , however even people having facilities don’t keep patient away from family members or even others in society.

  5. Niru says:

    This donkey should have taken precautions without throwing parties in the first place

  6. ක්‍රිමිනල් says:

    මෙවගේ දේවල් රජයේ අමාත්‍යවරු කියන එකනං හොදයි , දැන්නං අපි හොදට කරලා තියෙන්නේ පම්පෝරී ටිකක් අඩුයි , එත් ඉතින් සෞ.අ.ජ නං කියන්නේ තව දශමයක් නගින්න ඔනේ සමාජ පැතිරීමට කියලා . බෛයි නාලිකා වලනං කියන්නේ අපි හොදටම කරලා එහෙං මෙහෙං ඔය පැළියගොඩ පොකුරෙන් මතුවුනු රොගීන් තමයි ඉන්නේ කියලා ,තැරිදාර පුන්නක්කු බෛයො විදියට අපි ඇන්ටිජන් ,කුඩූ නාලීකා වල කියන දේ විතරයි පිලිගන්නේ..😂😂

  7. Kanday says:

    what a ridiculous statement to make from a government minister.
    You need to organize a lockdown – all the big countries are doing it right now.

    1 month lockdown and we can clear this out again 100%

  8. Saradiel says:

    අමතක ක‍රන්න එපා මෙයත් හෝටලේ කොත්තමල්ලි බිලා සිටියේලු.

  9. Thusara says:

    දයාසිරි ඇමති සටහනක් ලියන්නට ගොස් අනාගෙන තිබේ. මේ සටහනේ 03 වන සහ 04 වන චේද වල ඇති දේ මෙලෝ රහක් නැති දේවල්ය. තමා තරු හෝටලයක නිරෝධායනය වීමෙන් පසුව වැසිකිලි දෙක බැගින් ඇති නිවෙස්ගැන කතා කිරීමම ජනතාවට කරන අපහාසයකි. කලින් හිටි රජයේ ඇමතිවරයකු වරක් කී පරිදි සමහර ප්‍රදේශ වල එක වැසිකිලියක්වත් නැත. හැරත් වැසිකිලි දෙක බැගින් ඇත්තේ නිවෙස් කීයකද? පන්ඩිත කතා නොකියා හිටිනා තරමට මෝඩකම ප්‍රදර්ශනය වීම වලකා ගත හැක.

Main News