කොරෝනා පාලනයෙන් ලංකාව ලෝකයේ ඉහලම ස්ථානයකට.. හඹායාම, කොටු කිරීම, නිරෝධානය ලෝකයට උගන්වයි..

May 13, 2020 at 10:00 am | lanka C news
කොරෝනා පාලනයෙන් ලංකාව ලෝකයේ ඉහලම ස්ථානයකට.. හඹායාම, කොටු කිරීම, නිරෝධානය ලෝකයට උගන්වයි..

කොරෝනා වෛරසය පාලනය කිරීමේ ලෝකයේ පළමු රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ තත්ත්වයට ළඟා වීමට හැකි වූයේ ඉතාම හොඳින් රෝගීන් හඹා ගෙන යාම, ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සහ නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හේතුවෙන් යැයි ද ඔහු පැවසීය.

එම වැඩපිළිවෙළ නිසා මෙරට කොරෝනා රෝගීන් සමාජගත වීම වැළකී ගිය බවද කියා පැවසූ ඔහු එනමුත් අද භයානක තත්ත්වය වන්නේ රෝග ලක්ෂණ නැතිව වෛරසය ශරීරයේ ඇති පුද්ගලයන් සමාජයේ සිටිය හැකි වීම බවයි.

එනිසා ජනතාව ලෙස වෛරසය සමාජය තුළ ඇති බව මතක තබාගෙන එය තම ශරීරයට ඇතුළු කර නොගැනීමට කටයුතු කල යුතු බවද ඔහු කියා සිටියේය.

69 views

25 Comments to “කොරෝනා පාලනයෙන් ලංකාව ලෝකයේ ඉහලම ස්ථානයකට.. හඹායාම, කොටු කිරීම, නිරෝධානය ලෝකයට උගන්වයි..”

  1. Lakcha says:

    Super… Weldone….to SL Forces……..

  2. ගලබොඩ ඇත්තේ චමින්ද says:

    ආයුර්වේද බෙහෙත් වලින් නේද මෙච්චර වික්‍රමයක් පෑවේ . ඇයි ඒ ගැන කියන්නේ නැත්තේ?

Main News