කොරෝනා පාලනයෙන් ලංකාව සාර්ථකයි.. ඒ ආණ්ඩුවේ වැඩපිලිවෙල නිසයි..

May 28, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා පාලනයෙන් ලංකාව සාර්ථකයි.. ඒ ආණ්ඩුවේ වැඩපිලිවෙල නිසයි..

කොරෝනා වෛරසය පාලනෙයන් ශ්‍රී ලංකාව සාර්ථක තත්වයකට පැමිණ ඇත්තේ පවතින රජය කටයුතු කළ ආකාරය නිසා බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

හොඳ දේ හොදයි කීමටත් වැරදි දෙයක් වැරදියි කිරීමටත් තමන් පසුබට වෙන්නේ නැතැයි ද ඇය සඳහන් කළාය.

මැයි මස පළමු වැනිදා සිට කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව ද පවසූ අැය නමුත් සියල්ල තවමත් නිවැරදි වී නැති නිසා අත්‍යවශ්‍ය කාරණා වලදී පමණක් නගරයට ඇතුළු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියාය.

කොළඹ මහ නගර සභාවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

ආණ්ඩුවට කඩේ යන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඇය පැවසුවේ තමන්ට ගැහැණියක් ලෙස කොන්දක් ඇති බවත් බෙදුම්වාදී දේශපාලනය නොව සම්මුතිවාදී දේශපාලනයට තමන් පක්‍ෂ බවයි. නමුත් වැරදි දේ වැරදි කියන්නත් හොඳ දේ හොඳ කියන්නත් තමන් කිසි විට පසුබට නොවන බවද ඇය පැවසුවාය.

426 views
Main News