කොරෝනා පාලනයේදී ලෝකයේ දියුණු රටවලට වඩා අප ඉදිරියෙන්…

November 4, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා පාලනයේදී ලෝකයේ දියුණු රටවලට වඩා අප ඉදිරියෙන්…

බලයේ සිටියදී බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා ගත නොහැකි වුනු විපක්ෂය ආණ්ඩුවට කොවිඩ් පාලනය කිරීමට නොහැකිවී ඇති බවට අදෝනා නැගීම තරම් විහිළුවක් තවත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවයි.

ඔහු අවධාරණය කරන්නේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවට කරන චෝදනා පදනම් රහිත බවයි.

කොවිඩ් පළමු හා දෙවන රැල්ල පාලනය කලාක් මෙන්ම කොවිඩ් තුන්වන රැල්ලද සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහයෝගයෙන් පාලනය කිරීමට ආණ්ඩුව ගතහැකි පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අද (04) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය.

මෙහිදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ කොවිඩ් පාලනය කිරීමේ වැඩසටහන විවේචන කිරීම හැර විපක්ෂය මේ සදහා කිසිදු උදව්වක් කර නෑ. අඩුම තරමේ පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට සහනයක් සලසන්න කිසිම පියවරක් අරගෙන නෑ. ආණ්ඩුව විදියට අපි මේ වෙනකොට කොවිඩ් රැල්ල පාලනය කිරීම සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සමග එකතුවෙලා හැම දෙයක්ම කරනවා.

කොවිඩ් වසංගතය ලංකාව විතරක් බලපාපු ප්‍රශ්ණයක් නෙමෙයි. මුළු රටටම බලපාන ප්‍රශ්ණයක්. අපිට වඩා සෞඛ්‍ය අංශ දියුනු රටවල පවා මේ කොවිඩ් වසංගතය පාලනය කරන්න ලොක් ඩවුන් කරලා. එංගලන්තය මාසයක්ම ලොක් ඩවුන් කරලා. ඉතාලිය ලොක් ඩවුන් කරලා. සංසන්දනය කරනකොට ලෝකේ දියුණුයි කියන රට වලට වඩා කෝවිඩ් පාලනයේ දී අපි ඉදිරියෙන් ඉන්නේ.

බුද්ධි අංශ තොරතුරු දීලා තිබියදීත් එදා ආණ්ඩුවට බැරි උනා ඒ පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න. ඒ අය තමයි අද විපක්ෂයේ ඉදිමින් ආණ්ඩුවට චෝදනා කරන්නේ කෝවිඩ් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් කියලා. විපක්ෂයට තියෙන්නේ මානසික රෝගයක්. තමන්ට බැරිදේ වෙන කවුරු හරි කරනකොට බලන් ඉන්න බැරි කම.පාස්කු ප්‍රහාරයෙන් රටේ ජනතාව බේරගන්න බැරි වුන අය තමයි අපිට බණ කියන්න එන්නේ.

මේවනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය කරන්න හැකියාව ලැබිලා කියලා තමයි සෞඛ්‍ය අංශ කියන්නේ. මිනුවන්ගොඩ අවධානමෙන් බැහැරවෙලා කියලත් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමිය කිව්වා. ඇදිරි නීතිය පවතින ගම්පහ දිස්ත්‍රික්කයට අපි රුපියල් 5000 දීමනාව මේ වන විට ලබා දෙනවා. නිරෝධායනය වන පවුල් වලට රුපියල්  10000 වටිනා බඩුමල්ලක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා.  ඉදිරියේදී නිවෙස් අසලටම අත්‍යවශ්‍ය භාණ්ඩ යැවීමේ වැඩ පිළිවෙලක් අප සකස් කර තිබෙනවා. මේ රෝගය වලක්වා ගතහැකි වන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව කටයුතු කලොත් පමණයි. ඒ නිසා අප මේ මොහොතේ කල යුත්තේ රෝගය පැතිර යාම වැලක්වීමට ගතයුතු ගහත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමයි.”

– ප්‍රදීප් අනුර කුමාර

10,933 views

27 Comments to “කොරෝනා පාලනයේදී ලෝකයේ දියුණු රටවලට වඩා අප ඉදිරියෙන්…”

  1. Vidora says:

    Oka thamai muldith kiyuway April -May – ethakota nam attha Wage thibuna- test kale Na…
    Dan nam thawa dawase yanakota India wage weida? dawasata 300-400 positive kiyanne apay podi ratata loku ganak – janghana ganathwaya wedi nisa.
    Palanaya Karanna pulluwan nam hondai.
    November / December wena kota attha thathwaya pennai.

  2. Kamal says:

    Muta pissu….

  3. B.T.J says:

    මූ හිතාගෙන ඉන්නේ අපි හරක් කියලද දන්නේ නැහැ.පක්ෂයේ ඉන්න ඔක්කොම කියන්නෙ ඔ්කමයි.වෙන රටක සෞඛ්ය අැමති කෙනෙක් නම් මෙලහකට අයින් වෙලා.

  4. rata hadamu says:

    බම්බුව තමයි දන්නවනම් කියන්න ඇමතිතුමෝ දැන් රටේ කොහෙද?කියල කොරෝනා නැත්තේ.
    ************************************************************************
    තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..මෙය ශ්‍රී ලංකාවෙන් සිදු වූ 24 වන කොරෝනා මරණයයි.
    November 4, 2020 at 8:54 pm | lanka C news

    වතුකරයෙන් කොරෝනා.. එක පවුලේ තුතක් ආසාදිතයි..
    November 4, 2020 at 6:48 pm | lanka C news

    රට ඉහල අවදානමක.. කර්මාන්තශාලාවල විශාල කොරෝනා පොකුරු බිහිවීමේ තත්වයක්..- GMOA
    November 4, 2020 at 3:00 pm | lanka C news

    ග්‍රෑන්ඩ්පාස් මහල් නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 16ක්.. වසා දමයි.. බොරැල්ල පොලිසියේ 41කට කොරෝනා..
    November 4, 2020 at 1:20 pm | lanka C news

    පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 04කට කොරෝනා.. ඔවුන් 20 විවාදය දාත් ගිහින්.. විවාදයට සියළු මැති ඇමතින් ඇවිත්.. ජනාධිපතිද ඇවිත්..
    November 4, 2020 at 10:40 am | lanka C news

    යුද හමුදා සෙබළ පිරිසකටද කොරෝනා..
    November 4, 2020 at 10:00 am | lanka C news

    අහඹු පරීක්‍ෂණවලින් ආසාදිතයන් හමුවේ.. ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්..
    November 4, 2020 at 9:33 am | lanka C news

    අහඹු පරීක්‍ෂාවකින් වරාය SAGT සේවකයෙකුට කොරෝනා..
    November 4, 2020 at 8:40 am | lanka C news

    තවත් 407කට කොරෝනා..
    November 4, 2020 at 8:02 am | lanka C news

    මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..
    November 4, 2020 at 6:27 am | lanka C news

    STF කදවුරු 03ක් ලොක්ඩවුන්.. ප‍්‍රභූ ආරක්‍ෂකයන් රැසකට කොරෝනා..
    November 4, 2020 at 3:28 am | lanka C news

    කොරෝනා පාලනයෙන් ගිලිහී අවසන්..- හිටපු වසංගත රෝග අංශ ප‍්‍රධානී
    November 3, 2020 at 10:26 pm | lanka C news

  5. hm says:

    Ape rate minisuunge hatii podak corona wadi unna gamn hamoma baninawa laja weyan aparde ubalata coronna hadunne nane yakoo rajayatama agili dikkarnne minsu kiyannna dewal ahanne nathnm mnawa karannada

  6. මර්තේනිස් අයියා says:

    වෛරසයක් මට්ටු කරන්න කුණ්ඩලනි ශක්තිය යොදවාගත්තෙත් ලංකාවෙ විතරයිනේ

  7. Dilshan says:

    පලවෙනි රැල්ල මතකද? උදම් අනන දෙයක් උනාද? අහඹු පරීක්ෂා වලින් රෝගීන් හමු වෙනවා.මේක නවත්වගන්නවා මිසක් නැවතුනාට පස්සෙ දේවල් ගැන කතා කරන එක මුහුද හත්ගව්වක් තියල අඹුඩ ගැහුව වගේ

Main News