කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

April 28, 2020 at 3:26 am | lanka C news
කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

“ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්. ආසාධිතයන් සමඟ සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි. රෝගීන් රෝහලටත් ඔවුන් සමඟ සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි. ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි ඒ මහතා විශේෂඥ කණ්ඩායමට පැවසීය.

නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වයදිය යුතු බවත් කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද ඒ මහතා උපදෙස් දුන්නේය.

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපුගුවන් හමුදාපති, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර්අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

294 views

62 Comments to “කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..”

  1. jasaya says:

    කාලෝචිත මැදිහත්වීමක්. තවත් අඩුපාඩු තියන තැන් විමර්ෂණයට බුද්ධි අංශ අවධානය යොමු කරවනවානම් හොදයි. වීරෝධාර සෙබලුන් ආරක්ෂා කිරීම ඉතාවැදගත්.

  2. SF says:

    සාපරාදී LTTE ත්‍රස්තවාදයෙන් රටේ ජනාධිපති ඇතුළු බොහෝ ප්‍රබුවරු මැරුණා . හමුදාවේ දහස් ගණනක් මියගොස් තවත් දසදහස් ගනනක් අබාදිත උනා . එත් ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා .අන්තිම ත්‍රස්තවාදියත් විනාශ කරා . ඒ හෙම බැලුවහම 7ක් මැරුණ කොරෝනා මොන කජ්ජක් ද බෝල අපේ හමුදාවට . සීයට 3% යි ගුනාපි ප්‍රේමදාස රනිල් හැත්තයි හකීම් ,ගනේෂන් බදුර්දීන් එක්ක ගහපු කොරෝනා ප්‍රහාරය මැඩලන එක අපේ හමුදාව කරනවා සිකුරුයි . හමුදාවට ජයවේවා . මගේ රටට ජය වේවා .

  3. mimalsiri says:

    oba thumage nihathamani kama agaya karami. mamath mechchara davas comments damma obathumata banala. eth dan therenava eka varadiy kiyala. api varadi hadagena idiriyatama yamu.

    Apita puluvan korona jayaganna. Obatath ratatath jaya veva.

  4. Love nature says:

    සැම වැසියෙක්ම දැනගතු යුතු කරුණකි

    “ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
    විස්වාසා පරමා ඥාති – නිබ්බානං පරමං සුඛං෴”

    “නිරෝගී බව උතුම් ලාභයකි. සතුට උතුම් ධනයකි. විශ්වාසය උතුම්ම නෑයාය. නිර්වාණය උතුම්ම සැපය යි.” යන්නයි.

  5. namal says:

    aimath hamudawami.

  6. namal says:

    e kamituweth doctrs la 2i civilians 2i forces 4i ohoma yang.

Main News