කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

April 28, 2020 at 3:26 am | lanka C news
කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

“ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්. ආසාධිතයන් සමඟ සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි. රෝගීන් රෝහලටත් ඔවුන් සමඟ සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි. ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි ඒ මහතා විශේෂඥ කණ්ඩායමට පැවසීය.

නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වයදිය යුතු බවත් කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද ඒ මහතා උපදෙස් දුන්නේය.

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපුගුවන් හමුදාපති, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර්අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

334 views

62 Comments to “කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..”

  1. ලයනල් දොලපිහිල්ල says:

    ඉතාම කාලෝචිත,  එමෙන්ම අගය කලයුතු කාර්යයක්.
    රණවිරුවන් යනු ශ්‍රී ලංකාවට සම්පතක්!

    • කාන්තිලතා says:

      සම්පූර්ණ ඇත්ත, එදා රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන්
      සටන් කර අපේ රට කොටි ත්‍රස්තයන්ගෙන් බේරාගත්නිසා
      තමයි අද මේ පවතින නිදහස අපි භුක්ති විඳින්නෙ.

      • john the baptice says:

        සෙබලු සිය ගානකට කොරෝනා හැදුනට පස්සෙ තමා සාකච්චා තියන්නෙ. ආරක්ශිත උපකරන නැතුව සෙබලුන්ව කොරෝනා මර්දනයට යවල නිවාඩු දීල ගම් වලටත් යවලා.

        • නමෙන් පේනවා සජිත් ගේ කුරුස කාරයෙක් කියලා

          • ඇත්ත says:

            නැහැ ඉතින් ඒක තමා ඇත්ත.

            කවුරු මොනවා කිව්වත් දැන් වෙලා තියෙන දේ පේනව නේද?

            දැන් කවුරු හරි ඒක බූරුවෙක් කරපු වැඩෙන් කරපු ඔක්කොම වතුරෙ ගියා..

            මේ වගේ නැවත නොකරන්න වග බලාගත යුතුමය….

          • Makal says:

            Agree with your comment regarding the name above.

            Nobody looks for a solution before a problem appears. Now, there is a problem so they are finding a solution. This is worse than fighting terrorists, who hide and attack, but they are visible at least before the attack. Covid-19 is not visible until the attack is finished. It is easier to say things but difficult to do. Only those who do this type of work will know the difficulties. Everybody says we won the war against the LTTE. Yes, we did while sacrificing 6000+ soldiers, plus 26000+ disabling injuries, several thousands of other injuries. This will not go to that level because the corrective actions have been taken early in the process.

        • Puncha says:

          අනේ ගොන් බූරුවො තොපිලට මතක නැද්ද 97 පාරක් දැනුම්දීලා පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරිවෙච්ච හරක්ට කත් අදින මෝඩ තකතීරු බූරුවෙක් උඹ .ඒමදිවට තොපිලගේ පාර්ලිමේන්තුවෙන් විශේෂ කාරක සභාවක් දාලා මේක හොයන්න කටයුතු කළා . මේකේ සියයට අනූ නවයක්ම හිටියේ පාස්කු ප්‍රහාරයට යන්තම් හෝ සම්බන්ධ අය එතකොට උඹලා නිදාගෙනද හිටියේ පරයෝ දැන් මෙතන බොරු බයිලා ගහනවා උඹල දැනගන්න ඕන මේක ඇවිල්ලා වෛරසයක් ඇහැට පේන් නැති දේකින් ඇතිවන රෝගයක් ඉතින් පාලනය කිරීමට සෑහෙන්න මහන්සියක් ගන්ඩ ඕන නමුත් එච්චර ප්‍රමාණයක් දැනුම්දීලා වලක්ව ගත්තෙ නැති හරක් ඉන්න රටක අපි හිටියේ.

          • ගොන් බයියා says:

            තෝ කොරෝන හැදිලා මලත් සජියට බැන බැන මැරෙන බයි වහලෙක්

          • වෙන්ඩ ආර්ය්‍යා says:

            උඩ ඉන්න ගොන් බයියා නම් සජියට #ක දීගෙනම මැරෙන වහලෙක්.

        • c badugama says:

          මේ ඛේදවාචයකයට ප්‍රධාන වශයෙන් වගකිවයුතු වන්නේ සුදුවැල්ලේ ක්‍රියාන්විතයට සම්බන්ධ වී සිටි සෞක්‍ය බලධාරීන් බවයි පෙනෙන්නේ.

        • Alapaluwa says:

          ගරු ගොටභය මතිතුමණි ඔබගේ අවධානය යොමුවිය යුතු අවස්තාවක් මෙය එනම්. තවම කිබුලාගේ ගොලොයෝ රොත්ත සිටිනවා සවුක්‍ය අමාත්‍යංශයේ මොවුන් ගැන තීක්‍ෂණ බුද්දියෙන් කටයුතු කරන්න. ඔවුන්ගේ පිටුපස කේරෙනා වැඩ ගැන අවදියෙන් සිටින්න. මුන්ට කොරෝනාව වැඩිවුණත් එකයි මැරුණත් එකයි අවශ්‍යය වන්නේ කිබුලගේ න්‍යායපත්‍රය දිගටම අරගෙන යන්නයි. කිබුලා  නැතිවුණාට උගේ පැටවූ සිටිනබව අමතක කරන්න එපා.මුන්ගේ යටිකුට අරමුණ ගැන හොදින් තේරුම් ගන්න නැතිනම් බොහෝ කරදර වලට මුහුණ පාන්න සිදුවේවි ඉදිරියේදී !!

          • Crocodile says:

            හිරේ ඉන්ඩ ඕනෑ රාජිතයව ආරක්ශා කරමින් හුරතල් කරන එකේ ප්‍රතිපල තමා මේ. නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියමින් දැන් කෑගසනවා. මේකට වගකියන්ඩ ඕනෑ මහින්ද. ගරු ජනාධිපතිතුමනි, කොරෝනා වලටත් වඩා බයානක මේ අමනයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්ඩ .

      • kawinda says:

        mewan vishaala project ekakadi weradi adupaadukam wenna ida thiyenawa. e wagema kakulen adina wettu daana dewaluth ethiwenawa. ( muruttettuwe himi & saman wage) ewaa ganan gatha yuthu nehe. namuth sanvidaanaathmaka sabotage karana rahas dewal karanna ida thiyenawa. e genath hoyanna . obage mahansiyata prathipala lebenawa.

      • පොංගල් මොහොට්ටි says:

        ඇත්ත ඇත්ත .. කල ගුණ සැලකීමක් හැටියට ගිහින් පශ්චාත් බාගය දික්කරන්න කෝ. කොරෝනා මර්ධනය කරන්න දොස්තරලා ත් යොදා ගන්න පුළුවන් කියන්න.

        • Sadda says:

          කලගුණ සලකන්න පශ්චාත් භාගය අල්ලන අය මම හිතන්නෙ දැන් පාර්ලිමේන්තුවේ නෑ. ඉන්නෙ ගෙවල්වල ඒ කිරියාවේ යෙදෙමින්

    • wijebahu says:

      He has no political experience and no knowledge of economy and other major areas to run a country. we see results now. post corona period is going to be s**t under this regime. only Sajith, Champika, Eran, Harsha and Ranil combination can save this country.

      • Politics says:

        Dear Mohomad Wijebahu,

        We saw them handling things in the past 4 years. It was fantastic how they allow Saharan to do his job and how they freed people who helped them.

        You are a ass licker and keep your ideas to you and to your family.

        • jackson says:

          racist bastard. go to hell and this country belongs to every one. Real patriotic Sinhalese, Tamils, Muslims and others. including mentally retarded ‘Thari baiyas’ like you, though you all are come under a different species altogether.

          • John the Baptist says:

            wijebahi/jackson go to ToiletNadu and live happily there. No place in this country for SOBs like you traitors!

          • Hudson says:

            මෙතන මේ wijebahu/jackson කියන නම් දෙකෙන්ම කොටල තියෙන්නෙ අර නට්ලූස්
            වික්කරමබාහු කරුනාරත්න කියන ගොබිල නේද?

      • gunpOne says:

        Yeap Sajith is a very knowledgeable, intelectual person. Not only that he is a great entertainer..
        He can save the country by pressing a button.

      • චව්චව් තුමා says:

        මැදමුලනමුත්තා අපේ ගමේ උගත්තා
        බයියො පිට නැගිලා යනවා
        ලලල ලිලයි ලා..
        පොඩි ළමයිනි මේ අහන්න,කෙරැවෙ මෝඩ කමක් නේද,මුට්ටිය බිඳ එළුපැටියව බේරගන්න තිබුනා නේද ?

      • New Times says:

        ඇමෙරිකාවේ,එංගලන්තයේ අයර්ලන්තයේ වරප්‍රසාද ලැබූ හා ලබන පිරිසක් ආණ්ඩුපක්ෂය හා විපක්ෂය වශයෙන් බෝඩ් අලවා, බටහිරට අවශ්‍ය වැඩපිලිවෙලක් අවුරැදු 72ක් තිස්සේ මේ රටේ මිනිසුන් ගොනාට අන්දවා කරගෙන යනවා.
        මේ නරියන්ට නොරැවටෙන්න.මොවුන්ගේ පියවරැ බලය හොබවා කාබාසිනියා කල රටක දැන් ඔවුන්ගේ තුන්වෙනි පරම්පරාවත් එනවා රට ගොඩගන්න.

      • වර්ණපුර says:

        Don’t sit for a long time. your brain will be smashed. Not only once or twice. We could see how your gang of idiots and robbers destroyed this country in several times.

    • Kevin says:

      අනිවා…

  2. Saman says:

    පරණ අයට විතරයි වැඩ පුලුවන්
    දැන් ඉන්න එවුන්ට common sence na

    • Ranji says:

      Tho wage kalakanninta moleth nahane. Eka hinda thamayi mewani thathwak ethi une. Gon Poruwa.

    • වෙන්ඩ ආර්ය්‍යා says:

      common sense කියන්නෙ රට ත්‍රස්ථවාදීන්ට පාවල දීල සමනල් හැඟුමන් අතරේ පාවෙන එකටද?

  3. කිරිමෙල් says:

    The great leader always takes great decisions and direct the administration to achieve great results.

  4. Politics says:

    This is very good management from our president.
    This is totally a new experience to us and achieving 100% is not possible. We see the opposition use this situation to the maximum, waiting till they see a set back to criticize.
    But we know the capacity of those politicians.

    • කෝ මේ විඩ් says:

      This is very good management from our president කියන්නේ අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීම වෙන්න ඇති.

  5. Samarakone says:

    This is a new pandemic experiencing by the entire world. So, the best course of action is to learn from shortcomings and going forward while correcting them.

  6. Dimuthu says:

    jaya wewa obathumata

  7. වැලිසර නාවික හමුදා කඳවුර COVID 19 වාහකයෙක් වීම අප අතින් සිදුවූ බරපතල අත් වැරැද්දක්, එහෙම නොවේනම්
    මේකට සම්බන්දවූ මහජන සෞක්‍ය පරික්සකවරුන් තමන්ගේ සහයක කණ්ඩායම්වල සෞක්‍ය ගැන
    නොසිතිමෙන් සිදුවූ බරපතල වරදක් , වාහාම මහජන සෞක්‍ය පරික්සකවරුන් ගේ පාලනය යටතේ මීළඟ
    COVID 19 පුද්ගලයන් සොයා යාමේ ඔපරේසන් සිදුවිය යුතුයි.

    අප්‍රේල් 20 රට ඇරීම දෙසපාලන කාරණයක් නොවේනම් සිදුවූ බරපතල වරදකි . එය මුහුද ගොඩවූ වෙලාවේ
    ඉඩම් අල්ලාගැනීම වැනිම ක්‍රියාවකි . එය සිදුවිය යුතුව තිබුනේ RANDOM ටෙස්ටින් විසාල ප්‍රමාණයක් කිරීමෙන්
    පසුවය.

    රට ඇරීම සිදු විය යුතුමනම් , කෙසේවෙතත් පොදු ප්‍රවාහනය වීවුර්ත කිරීම සිදුවූ වරදයි .
    RANDOM ටෙස්ටින් විසාල ප්‍රමාණයක් කිරීමෙන් පසුව සැහීමකට පත් වියහාකිනම් පමණක් යලි පොදු ප්‍රවාහනය ට අවසර දිය යුතුයි.

    අත්‍යවස්ය ද්‍රව්‍ය නිවාසවලටම ගෙන එම ප්‍රදෙස වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක නොවීම දක්නට ලැබේ.

    ග්‍රාමීයව සංක්‍රමණ , මුණගැසීම් හා සාමුහික ක්‍රියාවන් අවම කිරීමට හා විදිමත් කිරීමට බලදරයකු පත්කිරීම , සංක්‍රමණ බලපතර නිකුත් කිරීම ඔහුගේ වගවීම/නිර්දේශයට/අදික්සනය පසුව පොලිසිය වෙත පැවරීම.

    • sanasuma says:

      ඔබේ කතාව ඇත්ත. රැවුලයි කැඳයි දෙකම බෑ. මුලින් වෛරස පැතිරීම පාලනය කරල ඉන්න ඕන. පේන විදියට ඇතැමුන් මේකට සහයෝගය දෙන්නෙ නෑ. සමහර දේවල් ගැන සැක සිතෙනවා. ප්‍රායෝගික නොවීම ලොකු වරදක්.

    • ඇත්ත says:

      කොරොනා හැදිච්ච එවුන් අල්ලන්න දාපු කොලොන්ගේ ආරක්ෂාව ගැනත් මිට වඩා හිතුවනම්,
      උන්ව කැම්ප් එකේ අනිත් අය එක්ක එකට දාන්නේ නැතුව වෙනම ඉන්න හැදුවනම්.
      එහෙම රාජකාරි කරපු අය නිවාඩු එන්න කලින් PCR පරික්ෂණ කරලා එවුව නම් උන්ගේ ගෙවල් වලට මේක යන්නෙත් නැ. සමාජේට මේක මෙහෙම යන්නෙත් නැ.
      එහෙනම් මෙහෙම විනාශයක් වෙන්නෙත් නැ. හමුදාවල ඉන්නේ රොබොලා නේවිනේ. ඒත් මනුෂයෝනේ.
      වැඩපිලිවෙලවල් ගැන මාධ්‍ය වල පම්පෝරි ගැහුවට වැඩක් නැහැ. වෛයිරස් එකක් කියන්නේ යුද්ධයක් නේවි. ඒක නිසා හමුදාව වුනත් යොදවන්න ඕන ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂා වෙන විදිහට පියවර අරන්. සෞඛ්‍ය අංශවල උපදෙස් වලට මුල්තැන දිලා කටයුත කරලා වෛයිරස් එකෙන් පස්සේ දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරානම් තමයි හොද.
      අනිත් එක තමයි නිවාඩු අවලංගු කරපු හමුදාවේ අය පත් කරපු අසිරු තත්වය. රටේම ඇදිරිනිතිය. එන්න බස් නැ. කොල්ලෝ පාරවල් ගානේ පයින් යනවා. කෝ ඒවට වැඩ පිලිවෙලවල්. ලඟම පොලිසිය ගාවට එන්න කියලා බස් එකක් සෙට් කරලා දෙන්න බැරි තරමට තින්දු තිරණ ගන්න එවුන් හරක්ද?.
      ඇත්තටම කලකිරෙනවා. මේ වගේ වගකිමක් නැති සැලස්මක් නැති වැඩ ගැන.

  8. MJ says:

    Forces who trace the contact were not given adequate protective equipments and also they were not quarantined. Their higher administrative problem.

  9. B4 UNP now Gota says:

    Good move. And do not allow to monks insult Dr. Anil Jayasinge and his team

  10. හිටන්ගෙදර අප්පුහාමි says:

    නාවික හමුදාව පැත්තෙන් ඔය සම්බන්ද කරගෙන ඉන්න අයට වඩා වැඩ කිරීමේ හැකියාව පෙන්නපු වසන්ත කරන්නාගොඩට වගකීම් භාර දුන්නොත් වැඩේ තව හොදට යාවි

    • sena says:

      ඔබේ කථාව නිවරදියි

      වසන්ත කාරන්නාගොඩ මැතිතුමා ඇත්තටම කොහෙද මේ ලක්බිමේ පැවති කුරුරි යුද්ධයෙදි එතුමා කරපු කාර්යභාර්ය අතිමහත් සෙවයක් කල අතිදක්ෂ නාවික හමුදාපතිවරයෙක්
      මේ මොහොතෙ සිටිය යුතුම පුද්ගලයෙක්

Main News