කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

April 28, 2020 at 3:26 am | lanka C news
කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

“ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්. ආසාධිතයන් සමඟ සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි. රෝගීන් රෝහලටත් ඔවුන් සමඟ සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි. ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි ඒ මහතා විශේෂඥ කණ්ඩායමට පැවසීය.

නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වයදිය යුතු බවත් කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද ඒ මහතා උපදෙස් දුන්නේය.

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපුගුවන් හමුදාපති, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර්අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

320 views

62 Comments to “කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අතිපණ්ඩිත බුකී කීබොර්ඩ් වීරයන් ( උන්ට කියන්නේ ස්වුබොර ක්‍රියාකාරින් ) කට වහගෙන හිටපල්ලා..
    කරන එවුන් තමා කෙලිය දන්නෙ. උඹලා ඉන්නෙ එක්කො ගෙදර නැතිනම් රස්සාවක් කරන ගමන් එහෙමත් නැතිනම් වෙන රටක.

  2. Anti Corona says:

    වරදක් වී ඇත්නම් නෙවෙයි..බරපතල වරදක් කරල තියනව…මේ බක පන්ඩිතයන්ගෙ වැරදි හිංද දුක් විඳින්ඩ වෙලා තියෙන්නෙ අහිංසක සිවිල් අපිට…මෙතන විතරක් නෙවෙයි, තවත් වැරදි තියෙන තැන් බලල, ඉක්මන්ට නිවැරදි කල යුතුයි..

    • Hora jeppa says:

      Parana parliament eka kadawala wenna athi neda niwaradi karanne

    • AnuJ says:

      කාගේ වරද උනත් දැන් කකුලෙන් අදින්න වෙලාවක් නෙමේ, ඒක හරියට තමුන්ගේ වල තමුන්ම කපා ගන්නවා වගේ. මේ වෙලාවේ කුහකකම් උද්දච්ච්කම් අතැරලා මේ මාරයාගෙන් ගැලවෙන්න බලමු

  3. ඇත්ත says:

    කොරොනා හැදිච්ච එවුන් අල්ලන්න දාපු කොලොන්ගේ ආරක්ෂාව ගැනත් මිට වඩා හිතුවනම්,
    එයාල අවදානමට කෙලින්ම මුණ දෙන අය නිසා එයාලව කැම්ප් එකේ අනිත් අය එක්ක එකට දාන්නේ නැතුව වෙනම ඉන්න හැදුවනම්. එහෙම අවධානමක් අරන් රාජකාරි කරපු නිලධාරින් නිවාඩු එන්න කලින් PCR පරික්ෂණ කරලා එවුව නම් එයාලගේ ගෙවල් වලට මේක යන්නෙත් නැ. සමාජේට මේක මෙහෙම යන්නෙත් නැ. එහෙනම් මෙහෙම විනාශයක් වෙන්නෙත් නැ. හමුදාවල ඉන්නේ රොබොලා නේවිනේ. ඒත් මනුෂයෝනේ.
    වැඩපිලිවෙලවල් ගැන මාධ්‍ය වල පම්පෝරි ගැහුවට වැඩක් නැහැ. වෛයිරස් එකක් කියන්නේ යුද්ධයක් නේවි. ඒක නිසා හමුදාව වුනත් යොදවන්න ඕන ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂා වෙන විදිහට පියවර අරන්. සෞඛ්‍ය අංශවල උපදෙස් වලට මුල්තැන දිලා කටයුත කරලා වෛයිරස් එකෙන් පස්සේ දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරානම් තමයි හොද.
    අනිත් එක තමයි නිවාඩු අවලංගු කරපු හමුදාවේ අය පත් කරපු අසිරු තත්වය. රටේම ඇදිරිනිතිය. එන්න බස් නැ. කොල්ලෝ පාරවල් ගානේ පයින් යනවා. කෝ ඒවට වැඩ පිලිවෙලවල්. ලඟම පොලිසිය ගාවට එන්න කියලා බස් එකක් සෙට් කරලා දෙන්න බැරි තරමට තින්දු තිරණ ගන්න එවුන් හරක්ද?.
    ඇත්තටම කලකිරෙනවා. මේ වගේ වගකිමක් නැති සැලස්මක් නැති වැඩ ගැන.

  4. Kevin says:

    ජනපතිතුමා ඔබතුමා කරන වැඩසටහන හොදයි නුමුත් පොඩ්ඩක් හොයලා බලන්න සමහර දේවල් හරියටම වෙන්නේ නෑ පහලට යද්දී. අනික ඔබතුමා ප්‍රයෝගික මිනිස්සු පුලුවන් තරම් සම්බන්ධ කරගන්න. ඔබතුමාගේ ජනප්‍රියත්වයෙන් ගොඩ යන්න බලන දේශ්පාලුවොන්ගන් පරිස්සම්වෙන්න

  5. Crazy says:

    Absolutely. No system is foolproof. Most of the so called developed countries made mess with Convid. Sri Lankan did much better with limited resources and beleaguered economy. For a government always trying to do better with a clear vision this a great learning point.

  6. Ranasinghe says:

    Failure is not to follow the international procedures particular Asian country standards, But we can recover

  7. Hassa says:

    අම්මෝ පාර්ලිමේන්තු යවන්න ඕන කට්ටිය ඉන්නෙ මේ social media වලයි මේ වගේ comments දාන තැන්වල යි නෙ අප්පා..

  8. ගිරිගෝරිස් says:

    මේකෙ කොටන බයියන්ට ඇත්ත කියනකොට මාර විදියට නගිනව. අවශ්‍ය ආරක්ශක ඇඳම් හා අනෙකුත් පහසුකම් නොදී ඒ මිනිස්සු රෝගීන් සෙවීමට යෙදුව. ඒ මිනිස්සු ගැන පොඩ්බක්වත් නොසිතා ඔවුන් නිවාස වලට යැව්ව. දැන් බොරුවට බයිල ගහනව. සරත් ෆොන්සේක නොහිටිය නම් යුද්ධෙට වෙන්නෙත් මේ ටිකමයි. වැඩබැරි මෝඩ බයි නඩේ.

    • රතු-කොල බූරුවා says:

      සරත් ෆොන්සේකද යුද්ධෙ කළේ. මම නම් හිතාගෙන හිටියෙ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියල. අපිට උගන්නල තිබුනෙ එහෙමයි. ඒත් මට තාම හිතා ගන්න බැරි ඔය කියන ගොනත් අවුරුදු 20 ක් 30ක්ම හිටියනෙ හමුදාව ඇතුලෙ යුද්ධෙ ඉවර කරන්නෙ නැතිව.

    • වර්ණපුර says:

      සරත් පොන්සේකා නෙමෙයි මොකා හිටියත් තොපේ 1999-2004 GUNP පාලනේ තව මාස 6ක් තිබුනනම් මේ වෙනකොට ශ්‍රී ලංකාවක් නෑ.

  9. VAT says:

    Many mistakes can occur in this type of crisis. But system must be robust to withstand those Mistakes.

  10. ඇත්ත says:

    මට එකක් තේරුම් ගන්න බැහැ.

    කොරෝන මර්දනයට යන රණවිරුවන්
    තුවක්කු vepon. එහම අරන් යන්න කියල තියෙන්නෙ මොකද?

Main News