කොරෝනා පාලනයේ.. මැතිවරණයට කිසිම බාධාවක් නෑ..- සෞඛ්‍ය විශේෂඥයන් කියති..

May 24, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා පාලනයේ.. මැතිවරණයට කිසිම බාධාවක් නෑ..- සෞඛ්‍ය විශේෂඥයන් කියති..

රට තුළ කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විට පාලනය කර ඇති නිසා මැතිවරණයේ ඉදිරි කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් නැති බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

අප්‍රේල් 30 වැනි දායින් පසු පසු ගත වූ කාලයේ දී කිසිදු කොරෝනා ආසාදිතයෙක් බාහිර සමාජයෙන් වාර්තා වී නැති බවද කී ඇමතිනිය එය ඉතා යහපත් තත්ත්වයක් යයිද කියා සිටියාය.

මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් පමණක් යැයි ද පැවසූ ඇය ඔවුන් නිවාඩු ලබා ගම්වලට ගොස් මාසයක් ගත වී ඇති නිසා ඔවුන්ගෙන් සමාජයට පැතිරීමක් නැති බවද සඳහන් කරයි.

328 views
Main News