කොරෝනා පාලනයෙන් ශ‍්‍රී ලංකාව ඇතැම් දර්ශකවල ඉන්නේ නවසීලන්තයටත් වඩා හොද තැනකයි..- ගෙවිදු

May 7, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා පාලනයෙන් ශ‍්‍රී ලංකාව ඇතැම් දර්ශකවල ඉන්නේ නවසීලන්තයටත් වඩා හොද තැනකයි..- ගෙවිදු

කොරෝනා වෛරසය පාලනය කිරීම අතින් ශ්‍රී ලංකාව අද සිටින්නේ සියලු රටවලට වඩා ඉදිරියෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.

මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් පල කරන ලදී.

පළමු වැනි කොවිඩ් රැල්ල මර්දනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. දෙ වැනි කොවිඩ් රැල්ලත් අපි සාර්ථකව ජයගන්න, ලොකෙට සාපේක්ෂව අපේ රටේ ජනතාවට ආරක්ෂාව සපයන්න සමත්වුණා කියන කාරණය. දැන් මේ තුන් වැනි කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අපේ රට ජයග්‍රහණයන් ලබාගෙන තිබෙනවා ද? නැත්තිනම් පරාජයන්ට මුහුණ දී සිටිනවා ද?

මම උත්සාහ දැරුවා ලෝකය හැටියටත් ඊ ළඟට ප්‍රධාන රටවල් පහක් සමඟත්- ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කරනවා ය යි සැලකෙන නවසීලන්තය සහ චීනය සමඟත් අපේ රට යම් සංඛ්‍යාත්මක දත්ත ඇසුරු කරගෙන සැසඳීමක් කරන්න. ලෝකය හැටියට ගත්තොත් එහෙම ලෝකයේ මේ වන විට මුළු ලෝක ජනගහනය කෝටි හත්සිය අසුවකුත් පහළොස් කෝටි හතලිස්නව ලක්ෂ හතලිස්හත් දහස් තුන්සිය තිස්අටක් රෝගී වෙලා තියෙනවා.

අපි ඒක ජනගහණයට රෝගී අනුපාතය විදියට බැලුවොත් එහෙම 1.9865%. ඉන්දියාව හැටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ එකසියතිස්අට කෝටියකට අධික වූ ජනගහණයකින් රෝගීන් දෙකෝටි හයලක්ෂ පනස්අටදහස් දෙසීය තිස්හතරක් වෙනවා. මේක අපි ප්‍රතිශත හැටියට බැලුවොත් එහෙම 1.497%. කාලය ගතවන නිසා මේ සංඛ්‍යා දත්ත සියල්ල කියන්නේ නැතිව අනුපාත හැටියට සැලකුවහොත්, අපි ලෝකයත් එක්ක ගත්තාම, ලෝකයේ ජනගහණය රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ.

ඒ වගේ ම අපි සලකා බැලුවොත් ලෝකයේ ජනගහනයට මරණ සිදු වූ අනුපාතය, ඒ අනුපාත හැටියට ගත්තත් ලෝකයේ ම අනුපාතය වෙන්නේ 0.0415%ක්. ඉන්දියාව ගත්තොත් ඒ අනුපාතය වන්නේ, 0.0164%ක්. ඒ වගේ ම අපි ඇමරිකාව ගත්තොත් ඒ අනුපාතය 0.1790%ක්. අපි ලංකාවේ අනුපාතය ගත්තොත්, ඒ අනුපාතය වෙන්නේ 0.0033%ක්. අපි ජනගහනයෙන් රෝගී වූ අනුපාතය ගත්තොත් එහෙම අපි ලෝකයට වඩා 12.5 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඉන්දියාවත් එක්ක ගත්තොත්, ඉන්දියාවට වඩා 4.9 ගුණයකින් නැත්නම් පස්ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාවත් එක්ක සැසඳුවොත් අපි 54 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. හැබැයි ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරුණු නවසීලන්තය සමඟ සැසඳුවහොත්, අපි ඊට වඩා ප්‍රතිශතාත්මක වශයෙන් 6.6 ගුණයක් පසුපසින් සිටින්නේ.

හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, රෝගී වූ සංඛ්‍යාවෙන් මරණයට පත් වූ සංඛ්‍යාවේ අනුපාතය අපි ගත්තොත් ලෝකය හැටියට ඒ අනුපාතය 2.09%ක්. ඇමරිකාවේ මේ අනුපාතය 1.78%ක්. ඉන්දියාවේ එම අනුපාතය 1.09%ක්. නවසීලන්තයේ මේ අනුපාතය 0.99%ක්. ලංකාවේ මේ අනුපාතය ඒ සියල්ලටම වඩා, නවසීලන්තයටත් වඩා ඉතා ම හොඳ අගයක පවතිනවා. ඒ 0.61%ක්.

33,546 views

48 Comments to “කොරෝනා පාලනයෙන් ශ‍්‍රී ලංකාව ඇතැම් දර්ශකවල ඉන්නේ නවසීලන්තයටත් වඩා හොද තැනකයි..- ගෙවිදු”

  1. හොර ගණිතයා says:

    කොහොම කොහොම හරි ගනං හදල හදල ලොක්කං ව ඇංදුවා නං හරියටම හරි . ඩඩ්ලි මහත්තයට ලොක්කං නට්ටං පෙන්නුව වාගේ .

  2. Anuradha says:

    ගෙ විඳු මහත්මයෝ ඇත්තටම ඔයා අද දන්නවාද වර්තමාන තත්වය නවසීලන්තයේ ටිකාක් සොයා බලා ඔය කතාව කියන්න නැතිනම් නිකම් ටින්කිරි ගාගන්න වේවි ඇඟේ

  3. ගමේ මිනිහා says:

    තවත් ලොන්ඩරියක් විවෘතකරලා වගේ…
    නවසීලන්තේ ජනගහනයෙන් මිලියනයකට කොරෝනා ආසාදිතයින් 527යී, මරණ 5යී. ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට ආසාදිතයින් 5,557යී, මරණ 35යී. මේ දවස්වල ලංකාවේ දවසකට වාර්ථාවෙන ආසාදිතයින් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තමයි නවසීලන්තේ සමස්ථ ආසාදිතයින් ගනන (2,634යී)​.

  4. Janaka from Matara says:

    මුංදැට දෙයියන්නෙ හාල් කැවිලද​?

  5. S.Vitharana says:

    විමසුවයි යමෙක් යයි නම් නරකාදී
    මට සුවයි එහිම යනු වෙනතක නොරැඳී
    එහෙම කියපු ඒ උ තුමන්ටත් ගරහන මේ වගේ වියතුන්!

  6. ගොනාට අo says:

    අපේ සවුත්තු අමාත්‍යාංශය මේ රටේ කොරෝනා රෝගය පැතිරීමට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනෑ. මාෆියා කොරෝනා නීතිය යොදාගෙන ඉතාමත් ප්‍රථිපල දායක හෙලවෙදකමට රෝගී සත්කාරක සේවා තහනම් කරලා තියනවා. ඒ නිසා හෙලවෙදකම් ලබාගන්න සිද්ධ වෙලාතින්නේ හොරෙන්. පගාවේ උපත වුන PHI ලා රට වහන්න කියල ලතෝනි දෙනවා, උන්ට මොකද මිනිස්සු කන්න නැතිව මැරුණට? උන්ට පඩි හම්බවෙනවා. කොරෝනා සුවකරන්න පුළුවන් හෙළ වෙදකමට වලකපන තකතීරු සවුත්තු ඇමති බාන මේ මිනීමැරුම් වලට වග කියන්න ඕන. ඕකුන් මේ කරණ අපරාදෙට හෙණගහන්න ඕන. මුන් කුමන්ත්‍රණය කරමින් කොරෝනා සුවකරන්න ප්‍රතිකාර නැති බටහොර වෛද්‍ය ක්‍රමේටම ආවඩනවා. මේවට කියන්නේ අඬුව තියෙද්දී අත පුච්චගන්නවා කියල. හැබැයි මේ පිස්සුව දිහා ඔලුව විකාර්වෙලා බලන් ඉන්න ජනාධිපතිට තමයි වග කියන්න වෙන්නේ.

  7. Dengu Nona says:

    moota payiththiyan!!

  8. Rathnayake says:

    Ammage redda

  9. Ratek says:

    Pissuda ban ubata

  10. Boris says:

    Who is this mad arsehole? Another oxymoron to come out with something absolutely ridiculous, baseless story. Go to hell you MF