කොරෝනා පාලනය අසාර්ථක වුනොත් අපේ නායකයන්ට සෙරෙප්පු මාල දාන දවස වැඩි ඈතක නෑ…

May 4, 2021 at 1:20 pm | lanka C news
කොරෝනා පාලනය අසාර්ථක වුනොත් අපේ නායකයන්ට සෙරෙප්පු මාල දාන දවස වැඩි ඈතක නෑ…

පවතින තත්ත්වය මත රටේ සම්පූර්ණ වශයෙන් වසා දැමීමක් සිදු නොකළහොත් රටේ බොහෝ ප්‍රදේශ කොටස් වශයෙන් වැසී යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට පවතින තත්ත්වය අනුව ආසාදිතයන් වැඩිපුර වාර්තා වන ප්‍රදේශයෙන් ප්‍රදේශය වසා දැමීම අනුව ඉදිරියේ දී රටේ වැඩි ප්‍රදේශයක් වසා දැමීමට සිදු වනු ඇතැයිද සංමය සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඉන්දියාවේ කොරෝනා පාලනය කිරීම අසාර්ථක වීම නිසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිට සෙරෙප්පු මාල දැමූ ආකාරයටම අපේ නායකයන්ට ද සෙරෙප්පු මාල දාන වැඩි දිනය වැඩි ඈතක නැති බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

63,254 views

39 Comments to “කොරෝනා පාලනය අසාර්ථක වුනොත් අපේ නායකයන්ට සෙරෙප්පු මාල දාන දවස වැඩි ඈතක නෑ…”

  1. Sam says:

    අනේ පිංපියෝ….

  2. NuwanJ says:

    රෝහල් ඉඩ මදිවෙනකොට වෙනත් තැන් සූදානම් කිරීම. 15000 තිවුන PCR 23000 වැඩි කිරීම
    සංචාරක ස්ථාන වසා දැමීම දැකලම නැද්ද මෙයා.
    හැමදාම විලාපය විතරයි..

  3. upsaka says:

    මෙයා කොරොනා මඩින්න පොලිස් බලතලත් ඉල්ලුවානේ.

  4. TILAK says:

    ALWAYS BREAK DOWN MAN

  5. Ravana parapura says:

    මේ අය හොරෙන් හෙළ ඔසු අරගෙන තමන්ගේ ජිවිත බේරාගත්තා අනික් අයට දෙන්න විරුද්ද උනා ලැජ්ජයි.

  6. සෙරෙප්පු සුප් says:

    උදේ හවස ඇඬියාව​.සෙරෙප්පු සුප්,නොමිලෙ පෑඩ්,ගව මුත්‍ර​,ප්ලැකුනිල්,බළලා මල්ලෙන් එළියට?

  7. Dr Zee says:

    ගෙම්බා පිම්බෙන්නේ මෙහෙම තමයි.
    අඩු කළේ ජක බක සද්දේ.

Leave a Comment

Main News