කොරෝනා පාලනය කරගත නොහැකි තත්වයේ.. රට පුරා මූලාශ‍්‍ර නැති ආසාදිතයන්.. වහා සංචරණ සීමා පැනවිය යුතුයි..- PHI සංගමය

December 16, 2020 at 11:20 am | lanka C news
කොරෝනා පාලනය කරගත නොහැකි තත්වයේ.. රට පුරා මූලාශ‍්‍ර නැති ආසාදිතයන්.. වහා සංචරණ සීමා පැනවිය යුතුයි..- PHI සංගමය

කොරෝනා වෛරසය මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය ලෙස තවදුරටත් පාලනය කරගත නොහැකි තත්ත්වයට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම උත්සව සමයේ වෛරස ව්‍යාප්තිය අවදානම් තත්ත්වයක පවතින නිසා වගකීමකින් ජනතාව කටයුතු නොකළහොත් කොරෝනා ව්‍යාප්ත තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

කොළඹ නාගරික ප්‍රදේශය තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කොරෝනා පාලනය සම්බන්ධයෙන් කාර්ය සාධක බලකාය යහපත් තීරණ ගෙන ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ගැසට් නිවේදන ව්‍යාකූල තත්ත්වයක පවතින හෙයින් නිරෝධායන කටයුතු ද ව්‍යාකූල වී ඇතැයි ඔහු කියා සිටියේය.

රට වසාදැමීමට අවශ්‍ය නොවුනද කොරෝනා අධි අවදානම් ප්‍රදේශවල සිට අනෙක් ප්‍රදේශවලට පුද්ගලයන් සංචරණය සීමා කිරීම වහා සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මූලාශ්‍රයන් සොයාගත නොහැකි තරමේ ආසාදිතයන් රට පුරා වාර්තා වෙමින් ඇතැයි ද ඉන් පෙනී යන්නේ වසංගතය පාලනයෙන් ගිලිහී යාම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

29,379 views

4 Comments to “කොරෝනා පාලනය කරගත නොහැකි තත්වයේ.. රට පුරා මූලාශ‍්‍ර නැති ආසාදිතයන්.. වහා සංචරණ සීමා පැනවිය යුතුයි..- PHI සංගමය”

  1. thari baiya says:

    Hey PHI, Our mahadana muththa Sir knows better. Shut up. no community transmission.

  2. Brayan says:

    මුලු රටේම පැතිරෙනකන් උඹලා පරීක්සන කොරහල්ලා. සුද්දා ඉන්ජෙක්සොන් පුකට ගහනකන් පස්ස දිකරන් බලන් හිටහල්ලා. කුහක හැත්ත

  3. ඊරි යකා අබේසිංහ says:

    අනේ මේ .. අරහේ හෝටල් වල මැස්සෝ තෙල් දාල වගේ කෑම වල. ඒ අස්සේ ඩෙංගු බෝ වෙනවා හිටු කියල.
    මගුලක් කියවනවා දැන් දෙන පඩිය අරන් කට පියන් ඉන්නේ නැතුව.
    අපි තමයි හොඳටම කරේ කියලා අපේ ස අන්ත්ර්ජතිකේ ත් දැනුවත් කරලා ඉවරයි. දැන් ජනවාරි ඉඳන් කටුනායකට ප්ලේන් එන්නේ මෙරුවෝ වගේ. ඊට පස්සේ ඩොලර් එන්නේ වික්ටෝරිය වේල්ල වාන් දානව වගේ.
    ඔහෙලා හදන්නේ බොරදියේ මාළු බාන්න නේද ? කුහක ජෙප්පෝ සෙට් එකක් ඇති මේකේ.

  4. Sriyani Mangalika says:

    Could you please verify the PCR + ve reports. When you get PCR data from some one please have 2 or 3 back up data similar to what you include to get PCR report. I am quite sure some of the PCR dat aare changed by remote access to give PCR + ve reports. At least now if you keep back up copies of the data you enter you could chheck if these are changed by some one remotely. Because PCR test are done where there are no Covid symptoms and patients hav eno Covid symptoms. That means no Covid symptoms at all but there are PCR +ve reports . This Covid is never ending People are suffering as never before Get any external suppot and please do thatTomorrow you all would be the victims of this process.I cclosely studied the process I am a professional Enginerr with 27 year experience I worked with tender and contract documents for 20 yeats.

Main News