කොරෝනා පාලනය කරගන්න බැරිවුනොත් ආර්ථිකයත් කඩා වැටෙනවා..

September 4, 2021 at 8:02 am | lanka C news
කොරෝනා පාලනය කරගන්න බැරිවුනොත් ආර්ථිකයත් කඩා වැටෙනවා..

නිරෝධායන කාල සීමාව තුළ මෙන්ම ඉන් පසුවත් වසංගතය පාලනය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් සමස්ත ජනතාවම එහි බලපෑමට මුහුණ දීමට සිදුවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි,

කොවිඩ් 19 වසංගතය පාලනය කරමින් රට යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා සිදුකරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙල, රෝහල් සේවා පවත්වාගෙන යාම, ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීම, නිරෝධායන කාලය තුළ ජනතාවට අවශ්‍ය සහන සැලසීම ඇතුළු කාර්යයන් සඳහා රජය විශාල මුදලක් වැය කරනු ලබනවා. මේ සියලු දේ සඳහා රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු වෙනවා. එසේ නොවුනහොත් කොවිඩ් මර්දන වැඩසටහන පමණක් නොවේ, රටේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් විය හැකියි. මේ නිසා අසීරුතා මධ්‍යයේ වුවද ජනතාව ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දෙමින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල අපි අගය කළ යුතුයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ලංකාවේ සංචාරක කර්මාන්තය බිද වැටුනා. ඉන්පසු කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය තවදුරටත් පහළට ඇද වැටුනා. මේ නිසා ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළා. වත්මන් රජය බලයට පත්වන විට විදේශ විනිමය සංචිතද අයහපත් මට්ටමක තිබුණා. එවැනි ආර්ථිකයක් භාර ගත් වත්මන් රජය අද කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා ඇතිවූ ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට අපට සිදුව තිබෙනවා. කොවිඩ් වසංගතය අපේ රටට පමණක් සීමා වූ කාරණයක් නොවේ. මේ නිසා පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් යුතුව හා වගකීමෙන් රජය කටයුතු කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් මිය ගිය වැඩි පිරිසක් වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා වයස අවුරුදු 60 වැඩි පිරිස් එන්නත්කරණයට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව එන්නත්කරණය සඳහා යොමු වෙන්න කියලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ලෝකයේ සියලුම රටවල් එන්නත්කරණයට ප්‍රමුඛතාවය දී ඇති අතර අපි ද ඒ සඳහා ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරනවා. නිරෝධායන ඇදිරි නීති කාල සීමාව තුළ මෙන්ම ඉන් පසුවත් අපි සියලු දෙනා ඉතා ඕනෑකමින් කටයුතු කරමින් වසංගතය පැතිර යාම වැලැක්වීමට කටයුතු කළ යුතුයි. එසේ නොවුනහොත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සිදුකරනු ලබන කැපවීමෙහි ප්‍රතිඑලයක් නොමැති වනු ඇත. රටේ ආර්ථිකයද කඩා වැටෙනු ඇත. ඒ නිසා අපි සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

– midea unit

10,463 views

10 Comments to “කොරෝනා පාලනය කරගන්න බැරිවුනොත් ආර්ථිකයත් කඩා වැටෙනවා..”

  1. Jude perera says:

    Arthike iwarawela godak kal

  2. රටේ says:

    පලයව් යන්න වැඩ බැරි ටාසන්ලා ටික.තො හතරවරම් ගැහුවා නේද හත් පොලයා ආවම තෙල් මිල අඩු කරනවා කියලා.තොපේ හොර ම්හිහින්දය තමා අසීමාන්තික නය අරන් රට බංකොලොත් කලේ..ඊට පස්සේ වැඩ බරි නනඇවිත් මිනිස්සු මරා ගත්තා

  3. 3% ට බය බයියා. says:

    දැනටමත් ඒක වෙලා ඉවරයි .හැබැයි ගජ මිතුරන් ගේ ආර්ථිකය ගොඩ .

  4. Jagath Silva says:

    Ethakota labba uda yanawa

  5. LalithM says:

    මෙයා විසා වෙලා ඉන්න ඇති අවුරුද්දක් අවුරුද්දක්වත්. කොහේද එයා කියන ආර්ථිකේ තියෙන්නේ. සමහරවිට කුඩු මුදලාලිලා ගැන වෙන්න පුළුවන්. කොරෝනා හින්ද බෙදන්න බැරුව ඇති.

  6. Darshana abayakoon says:

    ඒකනෙ අපෙ වියතානො වෙලාවට වැක්සීන් ඕඩර් කරන් නැතුව මුට්ටි පා කර කර හිටියෙ. කොහොමද විරුවගෙ දැක්ම?

  7. රුක්ෂාන් සිල්වා says:

    ඇත්ත මේ වෙලාවේ ගොඩක් හිතලා තීරණ ගන්න ඕනි.

  8. රංජිත් විජේසිංහ says:

    මේ වෙලාවෙ සියලු දෙනාගේම එකමුතුව ගොඩක් වටිනවා. ඒ නිසා මේ වෛරසය පරාජය කිරිමට සියලු බලවේග එයට සහයෝගය දක්වමින් කටයුතු කිරීම රටේ අවශ්‍යතාවයි. විවිධ පිරිස් සිදු කරන ක්‍රියාකාරකම් හමුවේ විවිධ අවස්ථාවන් වලදී රට සහ ජනතාව අපහසුතාවන් වලට මුහුණ දිමට සිදු වුවත් වර්තමාන රජය එය සාර්ථකත් මැඩ පවත්වමින් ඉදිරියට යනවා. එය යුගයේ අවශ්‍යතායි. සුභ අනාඅනාගතයක්

  9. Sunil Perera says:

    Mechchara apahasutha walata muhuna dilath mans palayakin yuthuwa rata idiriyata geniyana eka godak sathutui.

  10. Sagarika Alvis says:

    Athamai rate wasanawata me anduwa awe nthnm okkom iwarai.

Main News